T20 පිටියේ වාර්තා රැසක් බිඳ වැටුණු සුපිරි තරගය

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය 2023

430
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය 2023

Quinton de Kock ඇතුළු පිතිකරුවන්ගේ සුපිරි දස්කම් නිසා විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් සිදු කළ හොඳම හඹා යෑම වාර්තා කරන්නට දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් අද (26) සමත් වුනා.

Super Sport Park ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 258ක් රැස්නර ගැනීමට සමත් වූ අතර පන්දු 39ක් තුළ ශතකයක් රැස් කරමින් කොදෙව් ක්‍රීඩකයෙකු රැස් කළ වේගවත්ම ශතකය වාර්තා කිරීමට Johnson Charles සමත් වුනා.

ලකුණු 259ක අතිදැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිස දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් සිය පළමු පන්දුවාර හය තුළ කිසිවෙකු නොදැවී ලකුණු 102ක් වාර්තා කරමින් හඹා යෑමට හොඳ ආරම්භයක් ලබා දුන්නා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු Quinton de Kock පන්දු 44ක් තුළ ලකුණු 100ක් වාර්තා කළ අතර ඔහුට අනගි සහයක් ලබා දුන් Reeza Hendricks ලකුණු 68ක් ලබා ගත්තේ පන්දු 22ක් තුළයි.

ආරම්භක පිතිකරුවන් දැවී යාමෙන් පසුව දකුණු අප්‍රිකානුවන්ට තරමක පීඩනයක් එල්ල කිරීමට කොදෙව් ක්‍රීඩකයින්ට හැකි වූවත්, නායක Aiden Markram පන්දු 21ක් තුල නොදැවී ලකුණු 38ක් වාර්තා කරමින් ජයග්‍රහණය තහවුරු කරන්නට සමත් වුනා.

මෙම තරගය විස්සයි විස්ස වාර්තා අලුත් කළ තරගයක් වූ අතර තරගය පුරාවට වාර්තා 5ක් බිඳ වැටීම කැපී පෙනුණා.

  • විස්සයි විස්ස තරගයක කණ්ඩායම් දෙකක් වාර්තා කළ වැඩිම ලකුණු ගණන (517).
  • විස්සයි විස්ස තරගයක කණ්ඩායම් දෙකේ ලකුණු සංඛ්‍යාව 500 සීමාව පසු කළ පළමු අවස්ථාව.
  • විස්සයි විස්ස පිටියේ වාර්තා වූ හොඳම හඹා යෑම (259/4).
  • විස්සයි විස්ස තරගයක ලකුණු 200 වාර්තා කළ වේගවත්ම කණ්ඩායම (පන්දුවාර 13.5ක් තුළ).
  • පළමු පන්දුවාර 6 (Powerplay) තුළ ලකුණු 100 සීමාව පසු කළ පළමු කණ්ඩායම. (102)
  • විස්සයි විස්ස තරගය වාර්තා වැඩිම හයේ සහ හතරේ පහර සංඛ්‍යාව (81).
  • විස්සයි විස්ස තරගය වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාව (35).
  • ජාත්‍යන්තර තරගයක කණ්ඩායමක් වාර්තා කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව සම කිරීම (කොදෙව් කණ්ඩායම 22ක්).
  • විස්සයි විස්ස පිටියේ ලකුණු 200ට වැඩි සංඛ්‍යාවක් සාර්ථකව හඹා ගිය කණ්ඩායමට හිමි වාර්තාව සම කිරීම (දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව සිව්වතාවක්).

මෙම තරගයේ ජය සමඟ තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ට හැකි වුනා. තරගාවලියේ මීළඟ තරගය 28 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

  • බටහිර ඉන්දීය කොදෙව් – 258/5 (20): Johnson Charles 118, Kyle Mayers 51, Romario Shepherd 41, Marco Jansen 3/52.
  • දකුණු අප්‍රිකාව – 259/4 (18.5): Quinton de Kock 100, Reeza Hendricks 68, Aiden Markram 38*.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<