දේශීය ක්‍රිකට්‌ නගා සිටුවන්නට ක්‍රිකට් ආයතනයෙන් තවත් පියවරක්

385
SLC Press Con

හොඳම පළමු පෙළ ක්‍රීඩා සමාජ කණ්ඩායම් 24ට, ‘Bowlar’ හෙවත් පන්දු යැවීමේ යන්ත්‍ර ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර ඇත. මේ සඳහා පළමු පෙළ A කණ්ඩායම් 14ක්ද, පළමු පෙළ B කණ්ඩායම් 14ක්ද තෝරාගෙන තිබේ.  

ශ්‍රී ලංකාව දැවැන්ත ජයකින් තරගාවලිය ආරම්භ කරයි

ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් වල සහභාගිත්වයෙන් පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ

කණඩායම් 24ක් නියෝජනය කරමින් සාමාජිකයන් සහභාගී වූ මෙම උත්සවය, ව්‍යාපෘතියේ දී මුහුණපෑමට සිදුවූ මුල්‍යමය බිඳවැටීම් පිළිබදව පැහැදිලි කිරීමකින් ආරම්භ විය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිලංග සුමතිපාල මහතා කියා සිටියේ ‘රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා පාසල් සහ දේශීය ක්‍රිකට් මුලික අඩිතාලම වන බව අපි හදුනා ගත්තා. ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති වන මැතිවනන් මහතාගේ උපදෙස් පරිදි ලංකාවේ හොදම ක්‍රීඩා සමාජ 24ට නිවැරදි යටිතල පහසුකම් සැපයීමට අප තීරණය කලා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට, දේශීය ක්‍රිකට් පිළිබඳව වැඩි අවදානයක් යොමු කල යුතු බව ජාතික පුහුණු කරුවන්ගේ අදහස වුණා. ඒ සඳහා පළමු පියවර විදිහට පන්දු යැවීමේ යන්ත්‍ර ලබා දීමට අප ආරම්භ කල අතර අනාගතයේදී දේශීය ක්‍රිකට් සදහා නිවැරදි  තණතිලි සැකසීම සඳහා අවශ්‍ය වන රෝලර් යන්ත්‍ර සහ ටර්ෆ් කටර් යන්ත්‍ර ලබා දීමට කටයුතු කරනවා.’

සභාපතිවරයා තවදුරටත් අදහස් දැක්වමින් කියා සිටියේ ‘පළමු පෙළ A හොඳම කණ්ඩායම් 14  සඳහා රුපියල් මිලියන 11ක්ද, පළමු පෙළ B හොඳම කණ්ඩායම් 10 සඳහා මිලියන 9ක්ද, මූලික සහ යටිතල පහසුකම් වෙනුවෙන් අපි වෙන් කරලා තියෙනවා’.

පසුව අදහස් ප්‍රකාශ කල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති මැතිවනන් මහතා, නොවැම්බර් 25 වන දින ආරම්භ වන දේශීය ක්‍රිකට් තරගාවලිය පිළිබඳව කරුණු පැහැදිලි කරන්නට විය. ඔහු කියා සිටියේ රට තුල දේශීය ක්‍රිකට් සඳහා හොඳම කාලය නොවැම්බර් සිට අප්‍රේල් දක්වා වන කාලය බවයි.

ඉන් අනතුරුව කණඩායම් 24 නියෝජනය කරමින් පැමිණ සිටි සාමාජිකයන් හට අදාල ලියවිලි බාර දීම සිදුවිය. තවද  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සහ උප නායක දිනේෂ් චන්දිමාල්ගේ සහභාගීත්වයෙන් පන්දු යැවීමේ යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය නිරුපනය කිරීම එස්.සී.සී ටර්ෆ් හි සිදු විය.

පන්දු යැවීමේ යන්ත්‍ර පිරිනැමූ ක්‍රීඩා සමාජ,

පළමු පෙළ A සිංහල ක්‍රීඩා සමාජය, කොල්ට්ස් ක්‍රීඩා සමාජය, යුධ හමුදා ක්‍රීඩා සමාජය, කොළඹ ක්‍රීඩා සමාජය, හලාවත මේරියන්ස්, නොන්ඩිස්ක්‍රිප්ට් ක්‍රීඩා සමාජය, රාගම ක්‍රීඩා සමාජය, දමිල එක්සත් ක්‍රීඩා සමාජ, මූවර්ස් ක්‍රීඩා සමාජය, ගාල්ල ක්‍රීඩා සමාජය, සැරසෙන්ස් ක්‍රීඩා සමාජය, බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය, බදුරලියේ ක්‍රීඩා සමාජය, බර්ගර් රීක්‍රියේෂන් ක්‍රීඩා සමාජය.

පළමු පෙළ B නාවික හමුදා ක්‍රීඩා සමාජය, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, කුරුණෑගල YCC, ලන්කන් ක්‍රිකට් සමාජය, කළුතර ටවුන් ක්‍රීඩා සමාජය,  පොලිස් ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා වරයා අධිකාරී ක්‍රීඩා සමාජය, කළුතර ක්‍රීඩා සමාජය, මීගමුව ක්‍රිකට් සමාජය

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට