ශ්‍රී ලංකා සහ පාකිස්තාන T20 තරගාවලි සඳහා නවසීලන්තයෙන් සංචිත දෙකක්

Sri Lanka Tour of New Zealand 2023

1242
​Tom latham will leads new zealand against sri lanka
(Photo by Francois Nel/Getty Images)

ලබන මාසයේ දී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි සඳහා නවසීලන්තය විසින් සංචිත දෙකක් නම් කර ඇති අතර, ඒවායේ නායකත්වය Tom Latham හට හිමි වී තිබෙනවා.

අප්‍රේල් 2, 5 සහ 8 යන දිනවල දී ශ්‍රී ලංකාව සමඟ විස්සයි විස්ස තරග තුනක් සඳහා 13 දෙනෙකුගෙන් යුත් නවසීලන්ත සංචිතයක් නම් කර ඇති අතර, එම තරගාවලිය නිමා වීමෙන් පසු පාකිස්තානයේ විස්සයි විස්ස තරග පහකින් යුත් සංචාරයක් සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ද මෙහි දී නම් කර තිබෙනවා.

නවසීලන්තය සහ පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය අප්‍රේල් 14 සිට 24 දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙහි දී ශ්‍රී ලංකාව සමඟ තරගාවලිය වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිකරු Tim Seifert හට 2021 වසරෙන් පසු ජාතික කණ්ඩායමේ ඉඩ විවර වී ඇති නමුත්, පාකිස්තාන සංචාරය වෙනුවෙන් ඔහුගේ නම ඇතුළත් වී නැහැ (පෞද්ගලික හේතුවක් නිසා).

එමෙන්ම Chad Bowes, Henry Shipley වැනි නවක ක්‍රීඩකයින් ද සමඟ හොඳ සම්මිශ්‍රණයකින් යුත් කණ්ඩායමකට Tom Latham විසින් නායකත්වය ලබා දෙනු ඇති බව කණ්ඩායමේ පුහුණුකරු Gary Stead විසින් මෙම සංචිත ද්විත්වය පිළිබඳ සිය අදහස් පළ කරමින් කියා සිටියා.

  • ශ්‍රී ලංකාව සමඟ ක්‍රීඩා කිරීමට නියමිත නවසීලන්ත සංචිතය: Tom Latham (නායක), Chad Bowes, Mark Chapman, Matt Henry, Ben Lister, Adam Milne, Daryl Mitchell, Jimmy Neesham, Rachin Ravindra, Tim Seifert, Henry Shipley, Ish Sodhi, Will Young
  • පාකිස්තාන සංචාරය සඳහා නම් කළ සංචිතය: Tom Latham (නායක), Chad Bowes, Mark Chapman, Dane Cleaver, Matt Henry, Ben Lister, Adam Milne, Cole McConchie, Daryl Mitchell, Jimmy Neesham, Rachin Ravindra, Henry Shipley, Ish Sodhi, Blair Tickner, Will Young

ශ්‍රී ලංකා – නවසීලන්ත ක්‍රිකට් තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<