තියුණු තරගයකට පසුව Liverpool ජය ගනියි

62

එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ අපරාජිත වාර්තාව පවත්වාගනිමින් West Ham United ගෝල 3-2ක් ලෙස පරාජය කරන්නට Liverpool සමත් වුනා. මේ ඔවුන් අඛණ්ඩව ජය ගත් 18 වැනි තරගයයි.

විශ්වකර්ම Messiගෙන් මායාකාර ගෝල හතරක්

ජාත්‍යන්තර පාපන්දු පිටියේ ලීග් රැසකම වැදගත් තරග ….

මිනිත්තු නවයකට පසුව Liverpool තරගයේ පෙරමුණ ගත්තේ Trent Alexander-Arnoldගේ හරස් පන්දු යොමු කිරීමකට Georginio Wijnaldum සිය හිසෙන් එල්ල කළ ප්‍රහාරයකින් ගෝලයක් වාර්තා කරමින්.  

Issa Diop මිනිත්තු තුනකට පසුව තරගයේ ගෝල සම කළ අතර Robert Snodgrassගේ හරස් පන්දු යොමු කිරීමක් ඔහු අලංකාර ලෙස දැල් ගත කළා. 54 වැනි මිනිත්තුවේ දී Pablo Fornals, West Ham කණ්ඩායමට තරගයේ පෙරමුණ ගෙන ආවේ පහසුවෙන් ගෝල රකින්නා පසු කර පන්දුව ගෝල රාමුව වෙත එල්ල කරමින්.  

Salah ඊට මිනිත්තු 14කට පසුව නැවත වතාවක් තරගයේ ගෝල සම කරන්නට සමත් වුණු අතර ගෝල රකින ක්‍රීඩක Lukasz Fabianskiගේ දෑත් අතරින් පන්දුව දැල වෙත ඇදී ගියා. තරගය අවසානයට මිනිත්තු 9ක් තිබිය දී ක්‍රියාත්මක වුණු Mane ලකුණු සටහනට තවත් ගෝලයක් එල්ල කළේ තරගය ලකුණු සමඟ අවසන් කරමින්. 

අවසන් ලකුණු තත්වය: West Ham United 03 – 02 Liverpool 

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ 

  • West Ham United – Issa Diop 12′, Pablo Fornals 54′ 
  • Liverpool – Georginio Wijnaldum 9′, Mohamed Salah 68′, Sadio Mané 81′

නේමාර්ට රතු කාඩ්පතක්

Paris Saint-Germain කණ්ඩායම ගෝල 4-3ක් ලෙස Bordeaux පරාජය කරන්නට සමත් වුනා. තරගයේ විශේෂත්වයක් වුනේ තරගයේ අවසන් භාගයේ දී සුපිරි ක්‍රීඩක Neymar හට රතු කාඩ්පතක් හිමි වීමයි.

Marquinhos මේ තරගයේ දී ගෝල ද්විත්වයක් වාර්තා කළ අතර Edinson Cavaniගේ 200 වැනි PSG ගෝලයත්, Kylian Mbappeගේ අලංකාර ගෝලයත් සමඟ PSG කණ්ඩායම මේ තරගයක් ජය ගත්තා. Hwang Ui-Jo, PabloRubén හා Pardo මේ තරගයේ දී Bordeaux වෙනුවෙන් ගෝල වාර්තා කරන්නට සමත් වුනත් ඔවුන්ගේ උත්සාහයන් ජයග්‍රහණයට ප්‍රමාණවත් වුනේ නැහැ.

තරගයේ අවසන් භාගයේ දී ඒ වන විටත් කහ කාඩ්පතක් ලබා ගත් Neymar නැවත වරක් කහ කාඩ්පතක් ලබා ගැනීම හේතුවෙන් රතු කාඩ්පත පේනවා පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු තීරණය කිරීම විශේෂත්වයක් වුනා.

අවසන් ලකුණු තත්වය: Paris Saint-Germain 04 – 03 Bordeaux

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Paris Saint-Germain – Edinson Cavani (25′) Marquinhos (45’+2′, 63′) Kylian Mbappé (69′), Neymar (90’+2′) 
  • Bordeaux – Hwang Ui-Jo (18′) Pablo (45’+6′) Rubén Pardo (83′) 

Arsenal තියුණු ජයක් වාර්තා කරයි

මේ අතර Arsenal කණ්ඩායම හා Everton අතර තරගය අවසන් වුනේ ගෝල 3-2ක් ලෙසයි. Pierre-Emerick Aubameyang මේ තරගයේ දී ගෝල ද්විත්වයක් වාර්තා කරමින් වැඩිම ගෝල ලාභින්ගේ සටහනේ පළමු ස්ථානයට ද පත් වෙන්නට සමත් වුනා. 

Dominic Calvert-Lewin 50 වැනි මිනිත්තුවේ දී Everton කණ්ඩායම ඉදිරියට ගෙන ආ අතර Eddie Nketiah, Bukayo Sakaගේ හරස් පන්දු යොමු කිරීමක් හරවා දැල් ගත කළේ තරගයේ ගෝල සම කරමින්.

ඊට මිනිත්තු හයකට පසුව Aubameyang, David Luizගේ පන්දු යොමු කිරීමක් දැල් ගත කළ අතර පසුව Richarlison නැවත වරක් Everton වෙනුවෙන් ගෝල සම කළා.  

දෙවන අර්ධය ආරම්භ වී තත්පර 24කින් Nicolas Pepeගේ පන්දු යොමු කිරීමක් දැල් ගත කරමින් Aubameyang ජයග්‍රාහි ගෝලය වාර්තා කළා. 

අවසන් ලකුණු තත්වය: Arsenal 03 – 02 Everton 

ගෝල ලබා ගත් ක්‍රීඩකයෝ 

  • Arsenal – Eddie Nketiah 27′, Pierre-Emerick Aubameyang 33′, 46′ 
  • Everton – Dominic Calvert-Lewin 1′, Richarlison 45 +4′ 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<