LPL අත ළඟ; Dambulla Thunders විශාල අර්බුදයක!

LPL 2024

47
LPL 2024

මෙවර LPL තරගාවලියට සහභාගී වීමට නියමිත කණ්ඩායම් පහෙන් එකක් වන Dambulla Thunders කණ්ඩායමේ අයිතිය අත්හිටවීමට ලංකා ප්‍රිමියර් ලීගය විසින් තීරණය කර තිබෙනවා.

Dambulla Thunders කණ්ඩායමේ නව හිමිකරු වන බංග්ලාදේශ ජාතික Tamim Rahman අද (22) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති අතර, ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ඇති ක්‍රීඩාවට අදාළ වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකය මඟින් තරග පාවාදීමේ චෝදනා එල්ල කරමිනුයි මෙසේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

මේ වන විට ඔහු මෙම මස 31 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, ඔහුට එල්ල වූ මෙම චෝදනා LPL තරගාවලියට අදාළ එවා ද නැද්ද යන්න තවමත් තහවුරු වී නැහැ.

කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමඟින් Dambulla Thunders කණ්ඩායමේ හිමිකාරත්වය Tamim Rahmanට අහිමි වී ගොස් තිබෙනවා. එමෙන්ම Dambulla Thunders කණ්ඩායම මෙවර තරගාවලියට සහභාගී වීම පිළිබඳව ද අවදානමක් මතු වී තිබෙනවා. එයින් එළඹෙන LPL තරගාවලියට සිදු වන හානිය අවම කිරීමට කටයුතු සිදු කරමින් සිටින බවයි LPL කළමනාකාරිත්වය විසින් සඳහන් කර තිබුණේ.

2024 LPL තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

Newswire ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<