Jaffna Kings කණ්ඩායම සිව් වැනි ජයත් ලබයි

5
LPL 2026

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තරග ආරම්භ කරමින් පැවැති Jaffna Kings සහ Colombo Kaps අතර තරගයෙන් ලකුණු 19ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Jaffna Kings කණ්ඩායම පෙර දින (28) සමත් වණා.

>>කමිඳු මෙවර තරගාවලියේ හොඳම ඉනිම ක්‍රීඩා කරයි<<

15 වැනි තරගය, Jaffna Kings සහ Colombo Kaps රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Colombo Kaps

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Jaffna Kings කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 202ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Colombo Kaps කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 9ක් දැවී ලකුණු 183ක් පමණයි. ඒ අනුව මෙම තරගයෙන් Jaffna Kings කණ්ඩායමට ලකුණු 19ක ජයග්‍රහණයක් හිමි වෙනවා. ඒ ඔවුන් මෙම තරගාවලියේ ලත් සිව් වැනි ජයග්‍රහණයයි.

Colombo Kaps

කමිඳු මෙන්ඩිස් (නායක), Rubin Herma, සදීර සමරවික්‍රම (කඩුලු රකින්නා), අශේන් බණ්ඩාර, Ben McDermott, මිලාන් රත්නායක, ජනිත ලියනගේ, James Neesham, වනුජ සහන්, මල්ෂ තරුපති, Mujeeb Ur Rahman, Shahnawaz Dahani

Jaffna Kings

භානුක රාජපක්ෂ (නායක), කමිල් මිෂාර (කඩුලු රකින්නා), අවිශ්ක ප්‍රනාන්දු, Ibrahim Zadran, දුනිත් වෙල්ලාලගේ, Towhid Hridoy, චමිඳු වික්‍රමසිංහ, Shakib Al Hasan, ට්‍රවීන් මැතිව්, මොහොමඩ් ශිරාස්, ඩිල්ශාන් මදුශංක.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Jaffna Kings කණ්ඩායම් වැඩිම ලකුණුලාභියා වූයේ Ibrahim Zadran. ඔහු දුවද්දී දැවී යෑමකට ලක් වෙද්දී පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 95ක් ලබා සිටියා. එය මෙවර තරගාවලියේ පිතිකරුවෙක් ඉනිමක දී ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වූවා. ඔහු ගේ මෙම ඉනිමේ දී ආරම්භක පිතිකරු කමිල් මිෂාර හා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 29ක දී ලකුණු 50ක සබඳතාවක් ද සහ දුනිත් වෙල්ලාලගේ හා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 54ක දී ලකුණු 61ක සබඳතාවක් ද ගොඩ නගනවා.

එහි දී කමිල් මිෂාර පන්දු 19ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 44ක් ද සහ දුනිත් වෙල්ලාලගේ ආබාධයක් මත පිටියෙන් ඉවත් වෙන විට පන්දු 19ක දී ලකුණු 17ක් ද ලබා සිටියා.

Jaffna Kings ඉනිම අවසන් වෙද්දී Towhid Hridoy පන්දු 8ක දී හයේ පහර 4ක් සහ හතරේ පහරක් සමඟින් නොදැවි ලකුණු 31ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී James Neesham ලකුණු 30ක දී කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව Mujeeb Ur Rahman කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු Colombo Kaps ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු සදීර සමරවික්‍රම. ඔහු පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තා.

ඊට අමතර ව නායක කමිඳු මෙන්ඩිස් පන්දු 13ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ද, මිලාන් රත්නායක පන්දු 15ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ද සහ ජනිත් ලියනගේ පන්දු 9ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 20ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ඩිල්ශාන් මදුශංක ලකුණු 30කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Lizaad Williams කඩුලු ද්විත්වයක් ද, දුනිත් වෙල්ලාලගේ, ට්‍රවීන් මැතිව් සහ මොහමඩ් ශිරාස් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Jaffna Kings – කඩුලු 5ක් දැවී 202 (20.0) කමිල් මිෂාර 44, Ibrahim Zadran 95, Towhid Hridoy නොදැවී 31, Shaheen Shah Afridi 2/30

 

Colombo Kaps – කඩුලු 9ක් දැවී 183 (20.0) සදීර සමරවික්‍රම 44, කමිඳු මෙන්ඩිස් 28, මිලාන් රත්නායක 26, ජනිත් ලියනගේ 20, ඩිල්ශාන් මදුශංක 3/30, Lizaad Williams 2/47

 

Jaffna Kings කණ්ඩායමට ලකුණු 19ක ජයක්.

තරගයේ වීරයා – Ibrahim Zadran (Jaffna Kings)

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (29) Galle Gallants සහ Kandy Royals අතර තරගය දිවා කාලයේත්, Colombo Kaps සහ Dambulla Sixers අතර තරගය රාත්‍රී කාලයේත් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<