ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති තවත් තරග ද්විත්වයක් පෙර දින (23) අවසන් වූ අතර එහි දී Colombo Kaps සහ Galle Gallants කණ්ඩායමේ ජයග්‍රහණ වාර්තා කළා.
>>Galle Gallants දෙවැනි ජයත් ලබයි<<
11 වැනි තරගය, Galle Gallants සහ Kandy Royals රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Galle Gallants
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Kandy Royals කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 165ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Galle Gallants කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 8ක් දැවී ලකුණු 154ක් පමණයි. ඒ අනුව මෙම තරගයෙන් Kandy Royals කණ්ඩායමට ලකුණු 11ක ජයග්‍රහණයක් හිමිකර ගන්නවා.
Kandy Royals
ඇන්ජලෝ මැතිව්ස් (නායක), කුසල් පෙරේරා, ලහිරු උදාර, Sediqullah Atal, Dale Phillips, වනිඳු හසරංග, Moeen Ali, , Vijay Shankar, දුශාන් හේමන්ත, නුවන් තුෂාර, ගරුක සංකේත්, අසිත ප්‍රනාන්දු.
Galle Gallants
දසුන් ශානක (නායක), Sam Harper (කඩුලු රකින්නා), Mehidy Hasan Miraz, දිනුර කළුපහන, චරිත් අසලංක, චාමික කරුණාරත්න, සහන් ආරච්චිගේ, Mohammad Nawaz, තරිඳු රත්නායක, විජයකාන්ත් වියස්කාන්ත්, Akif Javed, ප්‍රමෝද් මදුශාන්.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Kandy Royals ඉනිමේ ආරම්භය එතරම් ම සාර්ථක වෙන්නෙ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 24ක් වෙද්දී අහිමි වෙනවා.
එසේ වී තිබිය දී සිව් වැනි කඩුල්ලට එක් වූ Dale Phillips සහ වනිඳු හසරංග ලකුණු 40ක සබඳතාවක් එක් කරන්නට සමත් වෙනවා. එහි දී වනිඳු හසරංග පන්දු 12ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා ගත් අතර Dale Phillips ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ලබා ගන්නවා.
අනතුරු ව Moeen Ali හා එක් වෙන ඇන්ජලෝ මැතිව්ස් 6 වැනි කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් එක් කරන අතර එම කඩුල්ලේ සබඳතාව බිඳී යද්දී Moeen Ali පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟිනුයි.
ඉනිම අවසන් වෙද්දී ඇන්ජලෝ මැතිව්ස් පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 28ක් ලබා සිටි අතර Vijay Shankar පන්දු 12ක දී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 15ක් ද ලබා සිටියා. ඔවුන් දෙදෙනා එක් ව 7 වැනි කඩුල්ලට නොදැවී ලකුණු 28ක සබඳතාවක් එක් කරනවා.
කඩුලු දවා ගැනීමේ දී Akif Javed, විජයකාන්ත් වියස්කාන්ත් සහ ප්‍රමෝද් මදුශාන් කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Galle Gallants කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ නායක දසුන් ශානක. ඔහු පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 57ක් ලබා සිටියා.
ඊට අමතර චාමික කරුණාරත්න ද පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 52ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී නුවන් තුෂාර ලකුණු 33කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් ද, Moeen Ali සහ වනිඳු හසරංග කඩුල්ලක් බැගින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Kandy Royals – කඩුලු 6ක් දැවී 165 (20.0) Dale Phillips 34, Moeen Ali 41, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 28, ප්‍රමෝද් මදුශාන් 2/41, Akif Javed 2/26, විජයකාන්ත් වියස්කාන්ත් 2/36
Galle Gallants – කඩුලු 8ක් දැවී 154 (20.0) චාමික කරුණාරත්න 52, දසුන් ශානක නොදැවී 57, නුවන් තුෂාර 3/33, අසිත ප්‍රනාන්දු 2/33
Kandy Royals කණ්ඩායමට ලකුණු 11ක ජයක්.
තරගයේ වීරයා – Moeen Ali (Kandy Royals)
- ජනිත්, සහන් සහ වෙල්ලාලගේ අර්ධ ශතක ලබා ගනී
- ශ්‍රී ලංකා සහ පාකිස්තානු කාන්තාවන්ගේ සූරියවැව හටන
- Kandy Royals ක්‍රීඩකයෝ පළමු ජයග්‍රහණය වාර්තා කරයි
- 23න් පහළ පිටියට ලහිරු දවටගේ ගෙන් ත්‍රිත්ව ශතකයක්
- මානස සහ හිරුණ ද්විත්ව ශතක සමාජයට
12 වැනි තරගය, Colombo Kaps සහ Dambulla Sixers, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Dambulla Sixers
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Colombo Kaps කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 197ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Dambulla Sixers කණ්ඩායම ලබා ගන්නේ කඩුලු 8ක් දැවී ලකුණු 176ක් පමණයි. ඒ අනුව Colombo Kaps ක්‍රීඩකයෝ මෙම තරගයෙන් ලකුණු 21ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.
Colombo Kaps
කමිඳු මෙන්ඩිස් (නායක), Rubin Hermann, සදීර සමරවික්‍රම (කඩුලු රකින්නා), ශාරුජන් ශන්මුගනාදන්, Ben McDermott, ජනිත් ලියනගේ, James Neesham, වනුජ සහන්, මල්ෂ තරුපති, මිලාන් රත්නායක, Mujeeb Ur Rahman, Shahnawaz Dahani.
Dambulla Sixers
දිනේෂ් චන්දිමාල් (නායක), නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), Reeza Hendricks, පවන් රත්නායක, Marques Ackerman, Gulbadin Naib, රමේෂ් මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, දුශ්මන්ත චමීර, විශ්ව ලහිරු, Fazalhaq Farooqi, අකිල ධනංජය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colombo Kaps කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ නායක කමිඳු මෙන්ඩිස්. ඔහු පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 88ක් ලබා ගන්නවා. එය ඔහු මෙවර තරගාවලියේ ලබා ගන්නා ලද 2 වැනි අර්ධ ශතකය වන අතර එය මෙවර තරගාවලියේ ක්‍රීඩකයෙක් විසින් ඉනිමක දී මෙතෙක් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.
ඔහුට අමතර ව ආරම්භක පිතිකරු Rubin Hermann පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී රමේෂ් මෙන්ඩිස්, Gulbadin Naib, Fazalhaq Farooqi සහ දුශ්මන්ත චමීර කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Dambulla Sixers කණ්ඩායම වෙනුවෙන් බලාත්මක ක්‍රීඩකයා ලෙසින් කණ්ඩායමට එක් වූ පවන් රත්නායක පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා.
ඊට අමතර ව Marques Ackerman පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 40ක් ද ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 4 වැනි කඩුල්ලට ලකුණු 65ක සබඳතාවක් එක් කිරීමට සමත් වෙනවා.
ඔවුන් දෙදෙනාට අමතර ව Gulbadin Naib පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Shahnawaz Dahani සහ Mujeeb Ur Rahman කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර මල්ෂ තරුපති, මිලාන් රත්නායක සහ මනුජ සහන් කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Colombo Kaps – කඩුලු 5ක් දැවී 197 (20.0) Rubin Hermann 39, කමිඳු මෙන්ඩිස් නොදැවී 88
Dambulla Sixers – කඩුලු 8ක් දැවී 176 (20.0) පවන් රත්නායක 50, Marques Ackerman 40, Gulbadin Naib 28, Shahnawaz Dahani 2/20, Mujeeb Ur Rahman 2/33
Colombo Kaps කණ්ඩායමට ලකුණු 21ක ජයක්.
තරගයේ වීරයා – කමිඳු මෙන්ඩිස් (Colombo Kaps)
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (26) Jaffna Kings සහ Kandy Royals අතර තරගය දිවා කාලයේ දී ද සහ Dambulla Sixers සහ Galle Gallants අතර තරගය රාත්‍රී කාලයේ දී ද රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<





















