ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පාසල් සඳහා ක්‍රිකට් උපකරණ බෙදා දීමේ වැඩසටහනක්

84

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින පුරා විහිදී ගිය වයස අවුරුදු 13, 15, 17 සහ 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩක/ක්‍රීඩිකාවන් වෙනුවෙන් ක්‍රීඩා උපකරණ බෙදා දී තිබෙනවා.

මෙහි දී පාසල් 45ක් සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා බෑග සහ පාසල් 22ක් සඳහා කනිෂ්ඨ ක්‍රීඩා බෑග බෙදා දී ඇති අතර, මෙම කනිෂ්ඨ විද්‍යාලය අතර පාසල් ක්‍රීඩිකාවන් වෙනුවෙන් ද උපකරණ බෙදා දීම සිදු වී තිබෙනවා.

ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වුණු මෙම ක්‍රීඩා උපකරණ බෙදා දීමේ වැඩසටහනට සාගල රත්නායක, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ ජාතික ක්‍රිකට් සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානී කමල් ධර්මසිරි යන මහත්වරුන්ගේ සහභාගීත්වය ද සිදු වුනා.

මෙහි දී ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් 38කට Turf Cutters ද ලබා දී ඇති අතර, ලබා දුන් ක්‍රීඩා බෑග තුල ක්‍රිකට් පිති, හිස් ආවරණ, පා ආවරණ, අත් ආවරණ, කඩුලු රකින පා ආවරණ සහ අත් ආවරණ ද ඇතුළත් වී තිබුණා.

දිවයින පුරා ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් වාර්ෂිකව සිදු කරන මෙම වැඩසටහනේ දී ක්‍රීඩා උපකරණ වෙනුවෙන් රුපියල් මිලියන 84.3ක මුදලක් ආයෝජනය කර තිබෙනවා.

දිනෙන් දින උණුසුම් වන දේශීය ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<