23න් පහළ අවසන් පූර්ව වටයට කණ්ඩායම් වෙන් වෙයි

Inter Club U23 Tournament 2026

1
Inter Club U23 Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග අද (27) අවසන් වූ අතර එහි දී පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කළ Bloomfield C & AC, Moors SC, Kurunegala Youth CC සහ BRC කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

අද නිමා වූ තරගවල දී ශතක 4ක් වාර්තා වීම කැපී පෙණුනා. ඒ අතුරින් ශතක ද්විත්වයක් ම රැස් කරන්නේ Bloomfield C & AC කණ්ඩායමෙන්. Negombo CC කණ්ඩායම සමඟ පැවැති එම තරගයේ දී මිනෙත් ප්‍රේමරත්න පන්දු 182කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 143ක් ද සහ ශානික්‍ය දේශප්‍රිය පන්දු 140කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 119ක් ලබා ගත්තා.

ඊට අමතර ව Kurunegala Youth CC කණ්ඩායමේ නායක ලක්වින් අබේසිංහ Chilaw Marians CC කණ්ඩායමට එරෙහි ව පන්දු 188කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 171ක් ලබා ගත් අතර  BRC කණඩායමේ යසිරු රොද්‍රිගෝ ද CCC කණ්ඩායමට එරෙහි ව පන්දු 209කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා ගත්තා.

මේ අතර Moors SC කණ්ඩායමේ ඔමේෂ් මෙන්ඩිස් පන්දු 21ක් පමණක් වැය කරමින් වේගවත් අර්ධ ශතකයක් වාර්තා කළා. ඔහුගේ එම ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ඇතුලත් වුණා.

 ඔවුන්ට අමතර ව Bloomfield C & AC කණ්ඩායමේ තරින්ද නිර්මාල් (50) හසිත අමරසිංහ (52), අසිත වන්නිනායක (51) සහ හංසමාන ද සිල්වා (91), CCC කණ්ඩායමේ සරිත් සුදීන (75) සහ රශ්මික පෙරේරා (54), Kurunegala Youth CC කණ්ඩායමේ අභිශේක් ලියනාරච්චි (70) සහ ලක්වින් අබේසිංහ (69), Moors SC කණ්ඩායමේ විශාර ප්‍රනාන්දු (57) රවිශාන් ද සිල්වා (නොදැවී 63) සහ හිරුන් මතීෂ (නොදැවී 55), SSC කණ්ඩායමේ යොහාන් දේවප්‍රිය (54), BRC කණ්ඩායමේ ඉසුරු ප්‍රනාන්දු (86) සහ Chilaw Marians CC කණ්ඩායමේ ගිම්හාන් රසාංජන (70) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පන්දු යැවීමේ දී Kurunegala Youth CC කණ්ඩායමේ වතිල උදාර (7/61), CCC කණ්ඩායමේ වෙනුර විතානගේ (6/93), Moors SC කණ්ඩායමේ සඳරු මල්ශාන් (5/68),  Chilaw Marians CC කණ්ඩායමේ ඉරුශ්ක තිමිර (5/55), SSC කණ්ඩායමේ මල්ශාන් ප්‍රනාන්දු (5/106), BRC කණ්ඩායමේ සිතුක ගුණවර්ධන (5/116) සහ Bloomfield C & AC කණ්ඩායමේ තරින්ද ගුරුගේ (5/44) පන්දු යවන්නන් අතුරින් කැපී පෙණුන පන්දු යැවීම්වල නිරත වූවා.

අද ආරම්භ වූ තරගවල කෙටි ලකුණු පුවරු

Negombo CC සහ Bloomfield C & AC අතර තරගය, කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.

  • Bloomfield C & AC– පළමු ඉනිම කඩුලු 9ක් දැවී 586 (121.4) හසිත අමරසිංහ 52, මිනෙත් ප්‍රේමරත්න 143, අසිත වන්නිනායක 51, තරින්ද ගුරුගේ 50, ශානික්‍ය දේශප්‍රිය 119, හංසමාන ද සිල්වා 91, දුලාජ් සමුදිත 47, ශෙවෝන් ප්‍රමෝද් 4/182, මහිඳු මලිත් 2/66
  • Negombo CC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 197 (56.2) මහිඳු මලිත්31, හසිඳු දම්සුත 21, හංසජ හිරුන 34, ෂෆ්නි ඩීන් 21, අමිත පෙරේරා නොදැවී 49, තරින්ද ගුරුගේ 5/44

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Bloomfield C & AC කණ්ඩායමට)

 

CCC සහ BRC අතර තරගය, ටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 268 (70.3)සරිත් සුදීන 75, දුල්නිත් සිගේරා 35, සනුල් වීරරත්න 37, රශ්මික පෙරේරා 54, තරුශ්ක අශේල් 4/91, සිතුක ගුණවර්ධන 5/116
  • BRC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 328 (100.0) ඉසුරු ප්‍රනාන්දු 86, කුසල් විජේතුංග 33, යසිරු රොද්‍රිගෝ නොදැවී 100, රන්මිත් සේනාරත්න 42, ලිත්ම පෙරේරා 30, වෙනුර විතානගේ 6/93

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය BRC කණ්ඩායමට)

Kurunegala Youth CC සහ Chilaw Marians CC අතර තරගය, වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • Kurunegala Youth CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 227 (58.3)අභිශේක් ලියනාරච්චි 70, ලක්වින් අබේසිංහ 69, ඉරුශ්ක තිමිර 5/55, මෙලන් හංසක 2/59
  • Chilaw Marians CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 200 (41.2)කෙවින් සැමුවෙල් 28, ගිම්හාන් රසාංජන 70, ඉරුශ්ක තිමිර 36, වතිල උදාර 7/61, සත්සර නිලංජිත් 2/26
  • Kurunegala Youth CC– දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 298 (74.4)ජනිත් රත්නසිරි 27, ලක්වින් අබේසිංහ 171, දිනුක තෙන්නකෝන් 33, සත්සර නිලංජිත් නොදැවී 20, ඉරුශ්ක තිමිර 4/90, දර්ශක සංදීප් 2/15

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Kurunegala Youth CC කණ්ඩායමට).

Moors SC සහ SSC අතර තරගය, මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Moors SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 258 (76.2) හිරුන් මතීෂ 28, සඳරු මල්ශාන් 45, රුවීන් ෆොන්සේකා 31, විශාර ප්‍රනාන්දු 57, සිතුම් විහඟ 27, දිනෝත් ගමගේ 37, මල්ශාන් ප්‍රනාන්දු 5/108, යොහාන් දේවප්‍රිය 3/36
  • SSC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 162 (36.4)ෂෙවෝන් ඩැනියෙල් 30, යොහාන් දේවප්‍රිය 54, සඳරු මල්ශාන් 5/68, රවිශාන් ද සිල්වා 2/05
  • Moors SC– දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 174 (31.4)රවිශාන් ද සිල්වා නොදැවී 63, ඔමේෂ් මෙන්ඩිස් 56, හිරුන් මතීෂ නොදැවී 55

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Moors SC කණ්ඩායමට)

ඒ අනුව මේ මස 31 සහ අගෝස්තු මස 01 වැනි දිනවල දී තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග පැවැත්වීමට නියමිත අතර ඊට සුදුසුකම් ලබා ගත් Bloomfield C & AC සහ Moors SC අතර තරගය මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද සහ Kurunegala Youth CC සහ BRC කණ්ඩායම අතර තරගය කොළඹ  CCC  ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වීමට නියමිතයි.

වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<