Home Sinhala පෙරමුණේ සිටි Falcons ඉවතට; පෙරළිකාර Stars අවසන් සංග්‍රාමයට

පෙරමුණේ සිටි Falcons ඉවතට; පෙරළිකාර Stars අවසන් සංග්‍රාමයට

ලංකා ප්‍රිමියර් ලීගය 2022

1728

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා, Jaffna Kings ප්‍රතිවාදීන් කවුරුන් ද යන්න තෝරණු ලැබූ සුදුසුකම් ලබා ගැනීමේ දෙවැනි තරගය අද (22) Kandy Falcons සහ Colombo Stars අතර පැවැත්වුනා.

එම තරගයෙන් කඩුලු 6ක සුපිරි ජයක් ලබා ගත් Stars, මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනාගෙන සිටි Falcons ඉවතට ඇද දමමින්, Jaffna Kings සමඟ අවසන් මහා තරගය සඳහා අසුන් වෙන්කර ගැනීම කැපී පෙනුණා.

කාසියේ වාසිය තමන් සතුකර ගැනීමට සමත් වුනු Stars නායක මැතිව්ස් ලකුණු හඹා යෑම තෝරාගත්තා. මේ තරගයේ දී දෙපිළම එක් වෙනස්කම බැගින් සිදු කරමින් තරගයට අවතීර්ණ වුනා. Falcons මැදපෙළ පිතිකරු Najibullah Zadran වෙනුවට Oshane Thomas ද, Stars හි වැන්ඩර්සේ වෙනුවට සීක්කුගේ ප්‍රසන්න මේ තරගයට කැඳවා තිබුණා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම,

Colombo Stars XI: Nishan Madushka (wk), Dinesh Chandimal, Charith Asalanka, Ravi Bopara, Angelo Mathews (c), Mohammad Nabi, Dominic Drakes, Seekkuge Prasanna, Suranga Lakmal, Benny Howell, Kasun Rajitha

Kandy Falcons XI: Andre Fletcher (wk), Pathum Nissanka, Kamindu Mendis, Ashen Bandara, Wanindu Hasaranga (c), Fabian Allen, Carlos Brathwaite, Chamika Karunaratne, Isuru Udana, Chamindu Wijesinghe, Oshane Thomas

Falcons ආරම්භක පිතිකරුවන් ලෙස නිස්සංක සහ Feltcher හට මේ තරගයේ දී ද සාර්ථක වීමට හැකියාවක් ලැබුණේ නැහැ.

අත්දැකීම් බහුලතම Stars වේගපන්දු යවන්නන් දෙදෙනා වන රාජිත සහ ලක්මාල් Powerplay අවස්ථාව තුල පන්දුවාර 3 බැගින් ක්‍රියාත්මක කරමින් ඉතාමත් හොඳින් Falcons ආරම්භය පාලනය කළා.

Powerplay අවස්ථාව අවසානයේ 29/2ක් ලෙස සටහන් වුනු Falcons ලකුණු සටහනට යම් ජීවයක් ගෙන ඒමට අවශ්‍ය වුනු මූලික අඩිතාලම සකස් කළ කමිඳු සහ අශේන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38ක් තුල ලකුණු 43ක සබඳතාවයක් ගොඩනැංවූවා. පන්දු 29ක් ලකුණු 21ක් ලබා ගත් කමිඳු Nabiගේ පන්දුවක් හමුවේ දැවී යාමත් සමඟ එම සබඳතාවය බිඳ වැටුණා.

පන්දුවාර 8ක් අවසානයේ 42/3ක් ලෙස සටහන් වුනු Falcons ඉනිම වෙනස්ම මාවතකට රැගෙන ගිය සබඳතාවය ගොඩනැංවූනේ ඉන් අනතුරුවයි. එහි දී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ නායක වනිඳු සහ අශේන් පන්දු  55ක් තුල ලකුණු 92ක සබඳතාවයක් ගොඩනංවමින් Stars කණ්ඩායමට අත්වෙමින්  තිබුණු තරගයේ වාසිය නැවතත් සිය කණ්ඩායම දෙසට නම්මා ගත්තා.

කලකට අමතක නොවන පිතිකරණ දස්කමක් ප්‍රදර්ශනය කරමින් වනිඳු පන්දු 34ක් තුල මනරම් 4 පහර 8ක් සහ දැවැන්ත 6 පහර 3ක් එල්ල කරමින් නොදැවී ලකුණු 77*ක් ලබා ගත්තේ Falcons ඉනිමේ කතා නායකා බවට පත්වෙමිනි.

පන්දු 42ක දී ලකුණු 40ක් ලබා ගත් අශේන්ගේ දැවී යාමත් සමඟ ක්‍රියාත්මක වූ රාජිත සිය අවසන් පන්දුවාරයේ දී පිට පිට පන්දු 2ක් තුල කඩුලු 2ක් දවාගෙන Falcons පසුපෙළට යම් අභියෝගයක් එල්ල කළා.

කෙසේ නමුත් අවසානයේ දී Brathwaite සමඟ එක්වූ වනිඳු 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 10ක දී වේගවත් ලකුණු 27*ක සබඳතාවයක් ගොඩනැංවූවා. අවසානයේ දී ඔවුන් නියමිත පන්දුවාර 20 තුල කඩුලු 6ක් දැවී ලකුණු 168ක් ලබා ගත් අතර අවසන් පන්දුවාර 6 තුල කඩුලු 3ක් දැවී ලකුණු 70ක් ලබාගෙන ඉතාමත් හොඳ ලකුණු පුවරුවක් නිර්මාණය කරගන්නට සමත් වුනා.

වේගපන්දු යවන්නන් සිව්දෙනෙක් සහ දඟපන්දු යවන්නන් දෙදෙනක්ගෙන් නියමිත පන්දුවාර 20 ක්‍රියාත්මක කළ Stars වෙනුවෙන් හොඳම පන්දු යැවීමේ දස්කම දැක්වූ රාජිත ලකුණු 20කට කඩුලු 4ක් දවා ගන්නා විට, Drakes සහ Nabi අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 169ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි Stars පළමු කඩුල්ල ලෙස ලකුණු 11ක් ලබාගෙන සිටි නිශාන් දැවී ගියා.

3 අංක පිතිකරු ලෙස පිටියට පැමිණි අසලංක සමඟ එක්වූ චන්දිමාල් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64ක දී ලකුණු 90ක සබඳතාවයක් ගොඩනංවමින් Stars ජයග්‍රහණයේ බලාපොරොත්තු ඉහළ නැංවූවා.

4 පහර 3ක් සහ එක් 6 පහරක් සමඟ පන්දු 33ක දී ලකුණු 38ක් ලබා ගත් චන්දිමාල් කමිඳුගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීම නිසාවෙන් දැවී යාම නිසා ශතක සබඳතාවයක් ගොඩනැංවීමට තිබුණු අවස්ථාව ඔවුන්ට අහිමිව ගියා.

පන්දුවාර 12කුත් පන්දු 3ක් අවසානයේ 103/2ක් ලෙස යම් ස්ථාවර මට්ටමක තිබුණු Stars ලකුණු පුවරුවට යම් පීඩනයක් එල්ල කරමින් එතෙක් වෙලාවක් ඉනිම ස්ථාවර කර ගත් අසලංක සහ අංක 5 පිතිකරු ලෙස පිටියට පැමිණි Drakes යන ක්‍රීඩකයින් දෙදෙනාගේ කඩුලු දෙක ලකුණු 20ක් තුල බිඳ වැටුණා.

මෙවර LPL තරගාවලිය තුල සිය දෙවැනි අර්ධ ශතකය ලබා ගත් අසලංක සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබා ගත් 8 වැනි අර්ධ ශතකය ලබා ගනිමින් 4 පහර 7ක් සහ 6 පහර 3ක් සමඟ පන්දු 40ක් තුල ලකුණු 64ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුවුණා.

පන්දුවාර 14කුත් පන්දු 4ක් අවසානයේ 124/4ක් ලෙස තිබුණු අවස්ථාවේ දී පිටියේ එක්වූ Bopara සහ මැතිව්ස් පන්දු 25ක් තුල නොදැවී ලකුණු 45*ක පෙරළිකාර සබඳතාවයක් ගොඩනංවමින් මූලික වටයේ තෙවැනි ස්ථානය දිනා ගත් Stars අවසන් මහා තරගය දක්වා රැගෙන යන්නට ඔවුන් දෙදෙනා සමත් වුනා.

පන්දුවාර 18කුත් පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 169 ඉලක්කය සපුරා ගත් Stars  LPL තරග ඉතිහාසයේ අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව මෙයයි. පන්දු යැවීමේ දී කමිඳු කඩුලු 2ක් දවා ගත්තා.

Result


Kandy Falcons
168/6 (20)

Colombo Stars
169/4 (18.5)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka lbw b Kasun Rajitha 2 3 0 0 66.67
Andre Fletcher lbw b Kasun Rajitha 0 1 0 0 0.00
Kamindu Mendis b Mohammad Nabi 23 29 1 1 79.31
Ashen Bandara c & b 40 42 2 0 95.24
Wanidu Hasaranga not out 77 34 8 3 226.47
Fabian Allen b Kasun Rajitha 0 1 0 0 0.00
Chamika Karunaratne c Angelo Mathews b Dominic Drakes 6 5 0 0 120.00
Carlos Brathwaite not out 15 5 1 1 300.00


Extras 5 (b 0 , lb 3 , nb 0, w 2, pen 0)
Total 168/6 (20 Overs, RR: 8.4)
Bowling O M R W Econ
Kasun Rajitha 4 0 20 4 5.00
Suranga Lakmal 4 0 27 0 6.75
Dominic Drakes 4 0 32 1 8.00
Mohammad Nabi 4 0 33 1 8.25
Seekkuge Prasanna 1 0 13 0 13.00
Benny Howell 3 0 40 0 13.33


Batsmen R B 4s 6s SR
Nishan Madushka c Pathum Nissanka b Carlos Brathwaite 11 8 1 0 137.50
Dinesh Chandimal b Kamindu Mendis 38 33 3 1 115.15
Charith Asalanka run out (Andre Fletcher) 64 40 7 3 160.00
Ravi Bopara not out 29 16 3 1 181.25
Dominic Drakes c Fabian Allen b Kamindu Mendis 2 4 0 0 50.00
Angelo Mathews not out 21 13 0 2 161.54


Extras 4 (b 1 , lb 0 , nb 1, w 2, pen 0)
Total 169/4 (18.5 Overs, RR: 8.97)
Bowling O M R W Econ
Isuru Udana 2 0 11 0 5.50
Carlos Brathwaite 3 0 31 1 10.33
Chamika Karunaratne 1 0 4 0 4.00
Wanidu Hasaranga 4 0 39 0 9.75
Oshane Thomas 1 0 19 0 19.00
Fabian Allen 3.5 0 38 0 10.86
Kamindu Mendis 4 0 26 2 6.50



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<