ශ්‍රී ලංකාවේ ඉන්දීය ක්‍රිකට් කාලසටහන තීන්දුයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023

7459

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2023 වසර ආරම්භයේ දී ඉන්දීය සංචාරයක නිරත වීමට නියමිත අතර එහි තරග කාලසටහන ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් අද (8) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කළා.

2023 වසර ආරම්භයේ දී ම පැවැත්වෙන මේ තරගාවලියට එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් ඇතුළත්.

තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය ජනවාරි 3 වැනිදා Mumbai හිදී පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව දෙවැනි විස්සයි විස්ස තරගය ජනවාරි 5 සහ තෙවැනි විස්සයි විස්ස තරගය ජනවාරි 7 වැනිදා පැවැත්වෙනු ඇත. එම තරග දෙක පිළිවෙළින් Pune හිදී සහ Rajkot හිදී පැවැත්වෙනවා.

විස්සයි විස්ස තරගාවලියට පසුව දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය ජනවාරි 10 වැනිදා Guwahati හිදී ආරම්භ වනු ඇත. එහි දෙවැනි සහ අවසන් එක්දින තරගය ජනවාරි 12 සහ 15 දිනවල පිළිවෙළින් Kolkata සහ Trivandrum හිදී පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් මේ එක්දින තරගාවලිය ICC එක්දින සුපර් ලීගයට අදාළ වන්නේ නැහැ.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවට එම ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට හැකියාව ලැබුනහොත් ඊට පෙර එම තණතීරු මත ලබාගන්න මේ එක්දින තරග අත්දැකීම එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත්.

ශ්‍රී ලංකාව අවසන් වරට 2017 වසරේ දී ඉන්දියාව තුල එක්දින තරගාවලියක් ක්‍රීඩා කළ අතර එම තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් වුනා. එසේම 2022වසර ආරම්භයේ දී ශ්‍රී ලංකාව ඉන්දියාවේ දී විස්සයි විස්ස තරගාවලියක් ක්‍රීඩා කළ අතර එම තරගාවලිය 3-0ක් ලෙස ජය ගත්තේ ඉන්දියාවයි.

තරග කාලසටහන,

  • පළමු විස්සයි විස්ස තරගය – ජනවාරි 3 – Mumbai
  • දෙවැනි විස්සයි විස්ස තරගය – ජනවාරි 5 – Pune
  • තෙවැනි විස්සයි විස්ස තරගය – ජනවාරි 7 – Rajkot
  • පළමු එක්දින තරගය – ජනවාරි 10 – Guwahati
  • දෙවැනි එක්දින තරගය – ජනවාරි 12 – Kolkata
  • තෙවැනි එක්දින තරගය – ජනවාරි 15 – Trivandrum

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<