සෞඛ්‍ය සේවකයින්ට Messiගේ උපහාරය

78

ආජන්ටිනාවේ සහ FC Barcelona සුපිරි ක්‍රීඩක Lionel Messi විසින් පසුගිය සෙනසුරාදා (11) දින අවසන් වූ ‘ලෝක සෞඛ්‍ය සේවක සතිය’ වෙනුවෙන් සිය පෞද්ගලික Instagram ගිණුමේ සෞඛ්‍ය සේවකයින්ට උපහාර එක්කර ඇත. 

නව කොරෝනා වෛරස තත්වය ලොව පුරා ව්‍යාප්තව ඇති මොහොතක ඊට එරෙහිව සටනට ඇති විශාල දායකත්වයක් ලබා දෙන සෞඛ්‍ය සේවකයින් වෙනුවෙන් වෙන්කර තිබූ ‘ලෝක සෞඛ්‍ය සේවක සතිය’ පසුගිය සෙනසුරාදා අවසන් විය. එය අවසානයේ ලොව පුරා වෙසෙන සෞඛ්‍ය සේවකයින් හට සිය පෞද්ගලික Instagram ගිණුමේ සටහනක් එක්කරමින් උපහාර පුද කරන්නට Messi කටයුතු කළේය

ඒ අනුව ඔහු එක්කළ සටහනේ දැක්වුනේ

“ඊයේ ලෝක සෞඛ්‍ය සේවක සතිය අවසන් වුනා. UNICEF සමඟ එක්ව ඔවුන් කරන සේවය වෙනුවෙන් මම මගේ උපරිම ගෞරවය පුද කරන්න කැමතියි. දින, රාත්‍රී නොබලා තමන්ගේ පවුල් වලින් ඈත් වෙලා අපේ පවුල් Covid-19 වෛරසයෙන් මුදවාගන්න ඒ නිර්නාමික වීරයින් කරන සේවය අති මහත්. මේ හැම දෙයක්ම මධ්‍යයේ ඔවුන්ගේ සේවය දිගටම කරගෙන යන, ගැබිණි මව්වරුන්, ළමයින් ඇතුළු සැමදෙනාම හොඳින් බලාගන්න ඔවුන් කරන ඒ උතුම් කැපකිරීම වෙනුවෙන් මම ඔවුන්ට මගේ උපහාරය පුදකර සිටිනවා.” 

 

View this post on Instagram

 

Ayer terminaba la Semana Mundial de los trabajadores de Salud y, junto a @unicef , quiero hacerles llegar mi más profundo agradecimiento por la tarea que realizan. Héroes anónimos que soportan largos días y noches lejos de sus familias, para que las nuestras estén a salvo del # COVID19. Por continuar, pese a todo, su noble compromiso de cuidar a las mujeres embarazadas, y mantener a las niñas, niños y adolescentes protegidos. _______ Yesterday the World Health Worker Week came to an end and, together with @unicef, I want to express my deepest gratitude for the work they do. Anonymous heroes who endure long days and nights away from their families, so that ours can be safe from #COVID19. For continuing, despite everything, their noble commitment to caring for pregnant women, and keeping children and adolescents protected. #YoMeQuedoEnCasa #StayAtHome #Unicef

A post shared by Leo Messi (@leomessi) on

කොරෝනා වෛරස තත්වයේ බලපෑම තදින්ම එල්ල වූ රටවල් අතරින් ස්පාඥ්ඥයට ප්‍රබල තැනක් හිමි වන අතර ඊට එරෙහිව ඔවුන් ගෙන යන සටනට උපකාර දැක්වීමක් ලෙස යුරෝ මිලියනයක දැවැන්ත පෞද්ගලික ධන පරිත්‍යාගයක් සිදුකරන්නට Messi ආරම්භයේ දී කටයුතු කළේය. අනතුරුව Barcelona ක්‍රීඩකයින්ගේ වැටුපෙන් 70%ක් මෙම කාලය පුරාවට කප්පාදු කරමින් එම මුදලින් ක්‍රීඩකයින් නොවන සේවකයින්ගේ වැටුප් සම්පූර්ණ ලෙස ගෙවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට ද ඔහු නායකත්වය ගෙන ක්‍රියා කළේය. 

මේ පිළිබඳව අදහස් දක්වමින් සුප්‍රසිද්ධ ක්‍රීඩා මනෝ විද්‍යාඥයෙක් වන Tom Bates පවසා සිටියේ Messi ප්‍රමුඛ Barcelona ක්‍රීඩකයින් ලබා දුන් මෙම ආදර්ශය අනෙක් පාපන්දු සමාජ වලට ද කොරෝනා වෛරස තත්වය හමුවේ එම පියවරම ගැනීමට මනා පිටුවහලක් වනු ඇති බවයි. 

“මම මේ කාලය පුරාවට කතාබහ කළ Premier League ක්‍රීඩකයින් ගොඩදෙනෙක්ට ස්වභාවයෙන්ම තියෙන්නේ වෙනස් ආකල්ප. ගොඩක් ක්‍රීඩකයින් කියපු දෙයක් තමයි ‘අපේ පාපන්දු සමාජය ගොඩක් පෝසත්, ඒ නිසා ඔවුන්ට පුළුවන් වෙයි සියලුම සේවකයින්ට පුරුදු විදිහටම වැටුප් ගෙවන්න, නමුත් වෙනත් රටවල් වල පාපන්දු සමාජ වලට ඒක එහෙම කරන්න අමාරුයි’ කියන එක. නමුත් තවත් සමහර අය ඉන්නවා වැටුප් කප්පාදුවක් ලබා ගෙන අනෙක් සේවකයින්ට සම්පූර්ණ වැටුප් ලබා ගැනීමට අවස්ථාව ලබා දීම හොඳයි කියලා හිතන අය.”

“හොඳම උදාහරණය තමයි Lionel Messi. ඔහු තමයි මේක ආරම්භ කරමින් Barcelona පාපන්දු සමාජයේ අනෙක් සේවකයින්ට ද ඔවුන්ගේ සම්පූර්ණ වැටුප ලබා ගන්න පුළුවන් වෙන විදිහට මුලින්ම 70%ක වැටුප් කප්පාදුවකට එකඟ වුනේ. මම හිතනවා ඒක මුළු ලෝකයටම හොඳ උදාහරණයක් කියලා .ඒ වගේ මුදල් ප්‍රමාණයක් ඒ වගේ තලයක ඉන්න ක්‍රීඩකයෙක් විසින් කප්පාදු කිරීමට එකඟ වීම.” 

තවත් කියවන්න; 

“Messi සහ Pep Guardiola ප්‍රමුඛ කණ්ඩායම ම Barcelona නගරයේ දී එක් අවස්ථාවක මුණගැහෙන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ නිසා ඔවුන් මේ වගේ වෙලාවක මේ කාර්යයේ දී ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කිරීම මට පුදුම වෙන්න දෙයක් නෙමෙයි.”  

“තමන්ගේ ක්‍රීඩා සමාජයේ මුළු යහපත වෙනුවෙන් ලෝකයටම ආදර්ශයක් ලබා දෙමින් යමක් තමන් විසින්ම කරන ක්‍රීඩකයෙක් ඉන්නවා නම්, මේ වගේ වෙලාවක ඒ විදිහට වැටුප් කප්පාදුවක් ලබා ගනිමින් ක්‍රීඩා සමාජයට සහය දෙන්න ඒ ක්‍රීඩකයාට පුළුවන් නම්, මගේ වෘත්තීමය මතය තමයි ඒකේ ප්‍රතිලාභ යන්නේ ඒක අවශ්‍යම අයට කියන එක.”

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<