ආදරණීය කුලේගෙන් අමතක නොවන වැඩක්

70
Sri Lanka’s former Cricketer

මාස දෙකකට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාව තුල ද වසංගතයක් ලෙස පැතිර යන Covid-19 වයිරසය නිසාවෙන් දිවයින පුරා උද්ගතව තිබෙන තත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර ඊයේ (16) ගිලන් ඇඳන් කිහිපයක් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත ලබා දී තිබේ.

>> ඩිල්රුවන්ගෙන් වෙනස් ආකාරයේ පරිත්‍යාගයක්

මීට අමතරව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම ගෙවී ගිය දින කිහිපය පුරාවට ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් විවිධ වූ සහන ලබා දීමේ වැඩසටහන් සඳහා සිය දායකත්වය දක්වා තිබුණි.

එසේම ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ජනතාව දැනුවත් කරමින් නිවසටම වී ආරක්ෂිතව ඉන්න යන පණිවිඩය ජනතාව අතරට රැගෙන යාම සඳහා විශාල දායකත්වයක් දක්වන ලදි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<