ආරාධිත T20 ලීගයේ පුහුණුකරුවන් නම් කරයි

SLC ආරාධිත විස්සයි විස්ස ලීගය

1444

අගෝස්තු 8 වැනිදා ආරම්භ වීමට නියමිත SLC ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් ලීගය සඳහා තරග කරනු ලබන කණ්ඩායම් 4 පුහුණු කාර්යමණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් තෝරාගෙන තිබෙනවා.

අවිශ්ක ගුණවර්ධන, තිළිණ කණ්ඩම්බි, මනෝජ් අබේවික්‍රම සහ දර්ශන ගමගේ යන පුහුණුකරුවන් පිළිවෙළින් Team Greys, Team Greens, Team Blues සහ Team Reds හි ප්‍රධාන පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීමට නියමිතයි.

උපුල් චන්දන (Team Reds), මලින්ද වර්ණපුර (Team Blues), රුවින් පීරිස් (Team Greens) සහ සජීව වීරකෝන් (Team Greys) සහය පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීමට නියමිතයි.

කණ්ඩායම් 4ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරග 7කින් යුත් මෙම තරගාවලියේ සියලු තරග ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. අවසන් මහා තරගය අගෝස්තු 15 වැනිදා.

REDS BLUES GREENS GREYS
ප්‍රධාන පුහුණුකරු දර්ශන ගමගේ මනෝජ් අබේවික්‍රම , තිළිණ කණ්ඩම්බි අවිශ්ක ගුණවර්ධන
සහය පුහුණුකරු උපුල් චන්දන මලින්ද වර්ණපුර රුවින් පීරිස් සජීව වීරකෝන්
කළමනාකරු Shamsheer Jaleel Shane Fernando Vinothen John චරිත් සේනානායක

තරගාවලියේ තරග කාලසටහන,

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<