ප්‍රභාත්, මහීෂ් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 5ක් BBL වෙන්දේසියට

Big Bash League 2023

2329

2022-23 ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් (BBL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු නම් කර තිබෙන බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පවසනවා.

මේ වසරේ දෙසැම්බර් සිට ලබන වසරේ ජනවාරි දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන මේ තරගාවලිය සඳහා Adelaide Strikers, Brisbane Heat, Hobart Hurricanes, Melbourne Renegades, Melbourne Stars, Perth Scorchers, Sydney Sixers සහ Sydney Thunder යන කණ්ඩායම් ක්‍රීඩා කිරීමට නියමිතයි.

රටවල් 13කින් ක්‍රීඩකයින් 169 දෙනෙකු මේ දක්වා මූලික ලැයිස්තුවට ඇතුළත්ව සිටින අතර ඇෆ්ගනිස්තානයේ Mujeeb Ur Rahman හා දකුණු අප්‍රිකාවේ 43 හැවිරිදි Imran Tahir, අයර්ලන්තයේ Harry Tector, සිම්බාබ්වේ ක්‍රීඩක Sikander Raza අවසන් වරට නිකුත් කළ ක්‍රීඩකයින් ලැයිස්තුවට ඇතුළත්.

ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව වෙනුවෙන් ඉදිරිපත් කරන ක්‍රීඩක ලැයිස්තුව සකස් කිරීමේ කටයුතු එළඹෙන අගෝස්තු 21 වැනිදා වන විට අවසන් කිරීමට එහි තරග සංවිධායකයින් සූදානමින් සිටිනවා.

පසුගිය දා නිකුත් කෙරුණු නවතම ක්‍රීඩක ලැයිස්තුවට අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, අයර්ලන්තය, ස්කොට්ලන්තය, නෙදර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇමරිකා එක්සත් ජනපදය යන රටවලින් ද ක්‍රීඩකයින් ඇතුළත්ව සිටිනවා.

සිය මංගල ටෙස්ට් තරගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු 12ක් දවා ගත් ශ්‍රී ලංකා වමත් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය, දඟපන්දු යවන ක්‍රීඩකයින් වන මහීෂ් තීක්ෂණ හා ලක්ෂාන් සඳකැන්, කඩුලු රකින පිතිකරු දිනේෂ් චන්දිමාල් මෙන්ම ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්, කෙටුම්පත් කිරීමේ අවස්ථාව සඳහා මේ වන විටත් ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කර තිබෙන ක්‍රීඩකයින් අතර වෙනවා.

2022-23 BBL ලීගය වෙනුවෙන් දැනට සිය කෙටුම්පත් ඉදිරිපත් කර තිබෙන ක්‍රීඩකයින්,

  • Sri Lanka – Dinesh Chandimal, Prabath Jayasuriya, Bhanuka Rajapaksa, Lakshan Sandakan, Maheesh Theekshana
  • Afghanistan – Noor Ahmad, Ijaz Ahmadzai, Sharafuddin Ashraf, Shafiqullah Ghafari, Hamid Hassan, Zahir Khan, Mohammad Nabi, Azmatullah Omarzai, Waqar Salamkheil, Hashmatullah Shahidi, Mohammad Shahzad, Mujeeb Ur Rahman
  • Bangladesh – Al-amin Hossain, Shafiul Islam, Ripon Mondol
  • England – Kashif Ali, Tom Alsop, Jacob Bethell, Patrick Brown, Steven Croft, Alex Davies, Joe Denly, Adam Hose, Tom Lammonby, Dan Lawrence, Craig Overton, Jamie Overton, Nathan Sowter, Mitchell Stanley, Cameron Steel, Callum Taylor, Jack Taylor, Paul Walter
  • Ireland – Mark Adair, Andy Balbirnie, Curtis Campher, Gareth Delaney, Josh Little, Paul Stirling, Harry Tector
  • Nepal – Sandeep Lamichhane
  • Netherlands – Brandon Glover, Fred Klaassen, Roelof Van Der Merwe, Paul Van Meekeren
  • Scotland – Michael Jones, Mark Watt
  • South Africa – Chris Benjamin, Shane Dadswell, Pieter Malan, Migael Pretorius, Imran Tahir, Dane Vilas
  • United Arab Emirates – Vriitya Aravind
  • USA – Harmeet Singh Baddhan, Unmukt Chand, Ali Khan
  • West Indies – Johnson Charles, Mark Deyal, Fidel Edwards, Chandrapaul Hemraj, Kesrick Williams
  • Zimbabwe – Eddie Byrom, Tawanda Muyeye, Blessing Muzarabani, Sikander Raza

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<