ආරාධිත T20 තරගාවලිය ප්‍රේක්ෂකයින්ට විවර කරයි

SLC ආරාධිත විස්සයි විස්ස ලීගය

708

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අගෝස්තු 8 වැනිදා සිට ආරම්භ වීමට නියමිත “SLC ආරාධිත විස්සයි විස්ස ලීගය” නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගණය විවර කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

තරග නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ගෙන් කිසිදු ගාස්තුවක් අය නොකරන අතර දහවල් 2:00 සිට ක්‍රීඩාංගණයේ දොරටු විවර කර තබනු ඇත.

තරගාවලිය සඳහා Team Reds, Team Greens, Team Blues සහ  Team Greys ලෙස කණ්ඩායම් 4ක් සහභාගි වන අතර මෙම තරගාවලියේ මූලික අරමුණ වන්නේ ඉදිරියේ දී පැවැත්වීම නියමිත ආසියා විස්සයි විස්ස කුසලානය සහ ICC විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සංචිත තෝරා ගැනීමයි.

තරගාවලියේ දී සෑම කණ්ඩායමක් ම එකිනෙකා සමඟ තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර ප්‍රසාද ලකුණු පුවරුවේ ප්‍රථම ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම් අගෝස්තු 15 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත.

කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, චරිත් අසලංක සහ අශාන් ප්‍රියන්ජන් පිළිවෙළින් Team Reds Team Greens Team Blues සහ Team Greys කණ්ඩායම් හි නායකත්වය දරනු ඇත.

අවිශ්ක ගුණවර්ධන, තිළිණ කණ්ඩම්බි, මනෝජ් අබේවික්‍රම සහ දර්ශන ගමගේ යන පුහුණුකරුවන් පිළිවෙළින් Team Greys, Team Greens, Team Blues සහ Team Reds හි ප්‍රධාන පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීමට නියමිතයි.

තරගාවලියේ තරග කාලසටහන,

තරගාවලියේ සියලු පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<