Galle Gladiators නායකත්වය කුසල් මෙන්ඩිස්ට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

762

ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් 2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Galle Gladiators කණ්ඩායමේ නායකයා වශයෙන් තෝරාගෙන තිබෙනවා.

Galle Gladiators කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන මෙන්ඩිස් අවසන් වරට පැවති LPL තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස දක්ෂතා දැක්වූයේ තරග 10කට සහභාගී වී ලකුණු 327ක් වාර්තා කරමිනි.

වත්මන් අනුශූරයින් වන Galle Gladiators කණ්ඩායම, මෙවර තරගාවලියේ සිය සමාරම්භක තරගය සඳහා වත්මන් ශූරයින් වන Jaffna Kings සමඟින් තරග වැදීමට නියමිතයි. ඒ අගෝස්තු 1 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

දේශීය ක්‍රිකට් පිටිය උණුසුම් කරන ජනප්‍රියතම විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලිය වන LPL තරගාවලියේ තෙවැනි අදියර අගෝස්තු 1 වැනිදා සිට 21 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<