මරු සමඟ සටන් වදින දිරිය බැඩ්මින්ටන් ශූරිය

1201

ලක් මාතාවට ඉමහත් කීර්තියක් අත්පත් කර දුන්, බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජය ගත් දක්ෂ ක්‍රීඩිකාවක වන ඕෂදී පූර්ණිමා කුරුප්පු හට මේ වන විට තම ජීවිතයත් මරණයත් අතර සටනක නියැලීමට සිදුව තිබෙන්නේ දරුණු ඝනයේ ලියුකේමියා රෝගී තත්වයකින් ඈ පෙළෙන බව මහරගම අපේක්ෂා රෝහලේ විශේෂ වෛද්‍යවරුන්  හඳුනාගැනීමත් සමඟිනි.

අලුත් ක්‍රීඩා සභාවේ නිලධාරීන්ගේ වතගොත

පාසල් කාලසමයේ පටන් බැඩ්මින්ටන් ක්‍රීඩාවට උපන් හපනියක් වූ ඕෂදී කොළඹ විසාකා විද්‍යාලයීය බැඩ්මින්ටන් කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් ජාතික මට්ටමේ ජයග්‍රහණයන් රැසක් තම පාසල වෙත උරුමකරදීමට සමත්කම් දැක්වූ දක්ෂ ක්‍රීඩිකාවකි. 

තවද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙත ඇතුළත් වෙමින් 2005 වර්ෂයේ සිට මේ දක්වා ජාතික මෙන්ම ජාත්‍යන්තර තලයේ තරග බොහොමයක් ජයග්‍රාහී සටහනකින් නිමා කිරීමට සමත්කම් දක්වා ඇති ඇය, 2016 වසරේ ඉන්දියාවේ දී පැවති දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කමකින් ලක් මාතාවගේ ගෙල සැරසවීමට ද සමත් වූවාය.

ක්‍රීඩාවට මෙන්ම අධ්‍යාපනයට ද සමතැන ලබා දුන් ඇය 2019 වර්ෂයේ දී සබරගමුව විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණ විශේෂ විද්‍යාවේදී උපාධිය නිමා කිරීමට ද සමත් වූයේ එම සිව්වසරක කාලසමය තුල දී ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල සහ ලෝක විශ්වවිද්‍යාල බැඩ්මින්ටන් ශූරතාවලිය දෙවරක් නියෝජනය කිරීමේ භාග්‍යය ද උදා කරගනිමිනි.

නව ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිකම මහේලට; Dialog CEOටත් ආරාධනා

මෙවැනි අතිවිශාල ජයග්‍රහණ ගොන්නක හිමිකාරිනියක් වන ඕෂදී පූර්ණිමා හට අද වන විට ඇයගේ ජීවිත ගමන ජය ගැනීමට ඔබගේත් මගේත් සහයෝගය අතිශය තීරණාත්මක සාධකයක් බවට පත්වී තිබෙන්නේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ මොහොතක දී ය. 

ඕෂදීගේ වත්මන් සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර සිටි මහරගම අපේක්ෂා රෝහලේ රුධිරගත පිළිකා සහ ඇටමිදුලු බද්ධය පිළිබඳ විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා සඳහන් කර සිටින්නේ ඇයගේ රෝගී තත්වය සුව අතට හැරීමට නම් හැකිතාක් ඉක්මනින් ඇටමිදුලු බද්ධ කිරීමක් සිදු කිරීම අත්‍යාවශ්‍ය බවයි. එම සැත්කම සිදු කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් මෙරට තුල නොමැති නිසාවෙන් ඊට ලක්ෂ 100ක පමණ මුදලක් වැය වනු ඇතැයි මේ වන විට ගණන් බලා තිබේ.

අප රට වෙනුවෙන් ක්‍රීඩා ක්ෂේත්‍රය තුල කැපී පෙනෙන සේවාවක් ඉෂ්ට සිද්ධ කළ ක්‍රීඩිකාවකගේ වටිනා ජීවිතය රැකගනීම උදෙසා යම් අයුරකින් හෝ දායකවීමට හැකි නම් එය මේ අවස්ථාවේ දී ඇය වෙනුවෙන් ඔබට කළ හැකි ලොකුම උපකාරයයි. එම නිසාවෙන් මැයගේ ප්‍රතිකාර සාර්ථක කරගැනීම උදෙසා ක්‍රීඩාවට ළැදි ඔබ සියලු දෙනාගේම කාරුණික දායකත්වය අපේක්ෂා කරන්නෙමු.

ඔබගේ මූල්‍යමය පරිත්‍යාගයන් සඳහා අවශ්‍ය බැංකු ගිණුම් විස්තර –

  • කොමර්ෂල් බැංකුව – කොට්ටාව ශාඛාව 
  • ගිණුම් අංකය – 8008646015
  • ගිණුමේ නම – විමලධර්ම කුරුප්පු
  • මහජන බැංකුව – මරදාන ශාඛාව
  • ගිණුම් අංකය – 236200113505196
  • ගිණුමේ නම – විමලධර්ම කුරුප්පු

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<