මහේලට අලුත් තනතුරක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය

1510

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන හට Mumbai Indians කණ්ඩායමේ කාර්ය සාධනය පිළිබඳ ගෝලීය ප්‍රධානියා (Global Head of Performance) ලෙස තෝරාපත් කරගෙන තිබෙනවා.

ඒ අනුව මෙතෙක් මහේල විසින් දැරූ Mumbai Indians ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් ඔහුගෙන් ඉවත් කර නව තනතුර සඳහා ඔහුව පත් කර තිබෙනවා. මහේල විසින්  IPL, ජාත්‍යන්තර T20 ලීගය සහ දකුණු අප්‍රිකානු ලීගයේ Mumbai Indians කණ්ඩායම් හි පුහුණුකාරීත්වය පිළිබඳව සොයා බලනු ඇත.

Mumbai Indians විසින් අලුතින් ස්ථාපති කරනු ලැබූ ILT20 සහ SAT20 ලීග් හි සංචිතවල ගෝලීය පුහුණුකාරීත්වය පිළිබඳව වගකිව යුතු ප්‍රධානියා ලෙස කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් මහේලව තෝරාපත් කර තිබෙනවා.

2017 වසරේ සිට Mumbai Indians කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන මහේල විසින් Mumbai Indians IPL ශූරතා 3ක් සඳහා මෙහෙයවා තිබෙනවා. IPL ශූරතා 4ක් දිනූ Chennai Super Kings කණ්ඩායමේ පුහුණුකරු Stephen Fleming පසුව IPL තරගාවලියේ වඩාත් සාර්ථකම පුහුණුකරු ලෙස සැලකෙන්නේ මහේලයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<