කොදෙව්වන්ට එරෙහි ඉන්දීය සංචිතය නම් කරයි

ඉන්දීය කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2023

1039

නිමාවට පත් වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ Yashasvi Jaiswal සහ Tilak Varma බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ඉන්දීය සංචිතයට නම් කර තිබෙනවා.

නව තේරීම් කමිටු ප්‍රධානී Ajit Agarkargගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව නම් කළ මෙම සංචිතයට Virat Kohli සහ  Rohit Sharma ඇතුළත් නොවන අතර කණ්ඩායමේ නායකයා ලෙස Hardik Pandya කටයුතු කරද්දී, උපනායකයා ලෙස Suryakumar Yadav කටයුතු කරනවා.

එමෙන්ම මෙම සංචිතය සඳහා නැවත වරක් කඩුලු රකින පිතිකරු Sanju Samson කැඳවීමට ද තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

Rajasthan Royals නියෝජනය කරමින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉහළ දස්කම් දැක්වූ Jaiswal තරගාවලිය තුළ එක් ශතකයක් සහ අර්ධ ශතක පහක් රැස් කරමින් තරගාවලියේ පස්වැනියට වැඩිම ලකුණු ලාභියා වීමට ද සමත් වුනා.

Mumbai Indians කණ්ඩායමේ බොහෝ අවස්ථාවල ගැලවුම්කරුවා වූ Tilak Varma තරගාවලිය පුරාවට ලකුණු 343ක් ලබා ගැනීමට සමත් වුනේ 164.11ක ප්‍රහාරාත්මක වේගයක් සමඟයි.

පෞද්ගලික හේතුවක් නිසා නවසීලන්ත තරගාවලියෙන් ඉවත් වූ Axar Patel නැවත මෙම සංචිතයට ඇතුළත් වන අතර Avesh Khan 2022 වසරෙන් පසුව පළමු වරට ඉන්දීය කණ්ඩායමට කැඳවා තිබෙනවා.

එමෙන්ම නවසීලන්ත තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ Rahul Tripathi, Prithvi Shaw, Jitesh Sharma, Washington Sundar සහ  Shivam Mavi ක්‍රීඩකයින්ට මෙවර සංචිතයේ ඉඩක් වෙන්ව නැහැ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතා ඉහළ දස්කම් දැක්වූ Ruturaj Gaikwad and Rinku Singh හට ද මෙම සංචිතයේ ඉඩක් වෙන්ව නොමැති අතර Gaikwad තරගාවලිය තුළ ලකුණු 590ක් රැස් කරද්දී, Rinku ලකුණු 474ක් රැස් කිරීමට සමත් වුනා.

ඉන්දීය කණ්ඩායම මෙම සංචාරයේ දී කොදෙව් කණ්ඩායම සමඟ ටෙස්ට් තරග දෙකක්, විස්සයි විස්ස තරග පහක් සහ එක්දින තරග තුනකට සහභාගී වීමට නියමිතයි.

  • තරගාවලියට නම් කළ ඉන්දීය විස්සයි විස්ස සංචිතය: Ishan Kishan (wk), Shubman Gill, Yashasvi Jaiswal, Tilak Varma, Surya Kumar Yadav (VC), Sanju Samson (wk), Hardik Pandya (C), Axar Patel, Yuzvendra Chahal, Kuldeep Yadav, Ravi Bishnoi, Arshdeep Singh, Umran Malik, Avesh Khan, Mukesh Kumar.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<