Home Sinhala වසර 6කට පසුව ශ්‍රී ලංකාව හමුවේ කොදෙව්වන්ට 2-0ක පරාජයක්

වසර 6කට පසුව ශ්‍රී ලංකාව හමුවේ කොදෙව්වන්ට 2-0ක පරාජයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

6969

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගයක් ලෙස සෝබර්ස් – තිසේරා කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති දෙවැනි ටෙස්ට් තරගය අද (2) ගාල්ලේ දී නිමා වුනේ ශ්‍රී ලංකාවට ලකුණු 164ක සුපිරි ජයක් හිමිකර දෙමින්. 

ඒ අනුව 2-0ක් ලෙස තරගාවලිය ජය ගත් ශ්‍රී ලංකාව සෝබර්ස් – තිසේරා කුසලානය තවදුරටත් තමන් සතුව රඳවා ගන්නට සමත් වුනා.

ධනංජය ද සිල්වා සහ ලසිත් ඇඹුල්දෙණිය 9 වැනි කඩුල්ල සඳහා ලකුණු 124ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල 9 වැනි කඩුල්ල සඳහා බිහිවුණු හොඳම සබඳතාවය ගොඩනැංවූවා.

ඔවුන් දෙදෙනා විසින් බිඳ දැමුවේ අජන්ත මෙන්ඩිස් සහ තිලාන් සමරවීර විසින් මීට වසර වසර 11කට පෙර (2010) ඉන්දියාවට එරෙහිව පී සරා ඕවල් පිටියේ පැවති තරගයක දී 9 වැනි කඩුල්ල සඳහා ගොඩනංවා තිබූ ලකුණු 118 සබඳතාවයයි.

දෙවැනි තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චරිත් අසලංක, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, ප්‍රවීන් ජයවික්‍රම.

බටහිර ඉන්දීය කොදෙව් – Kraigg Brathwaite (capt.), Shai Hope, Nkrumah Bonner, Roston Chase, Jermaine Blackwood, Kyle Mayers, Jason Holder, Joshua da Silva (wk), Jomel Warrican, Veerasammy Permaul, Kemar Roach.

දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 328ක් ලබාගෙන කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 279ක් ඉදිරියෙන් සිටියා.

දිනයේ ක්‍රියාත්මක වුනු පළමු පන්දු 16 තුල ශ්‍රී ලංකා 9 වැනි කඩුල්ල ලෙස ලකුණු 39ක් ලබාගෙන සිටි ඇඹුල්දෙණියගේ කඩුල්ල දැවී ගිය අතර ඒත් සමඟම ධනංජය සමඟ එක්ව ගොඩනැංවූ වාර්තාගත සබඳතාවය අවසන් වුනා.

දකුණතින් වේගපන්දු යවන Holder විසින් ඇඹුල්දෙණියගේ කඩුල්ල දවා ගැනීමට සමත් වූ අතර එය වේගපන්දු යවන්නෙක් මේ ටෙස්ට් තරගය තුල කඩුල්ලක් දවා ගත් පළමු අවස්ථාවයි.

කඩුලු 9ක් දැවී ලකුණු 345ක් ලබාගෙන සිටිය දී (ඇඹුල්දෙණියගේ කඩුල්ල දැවී යාමත් සමඟම) ශ්‍රී ලංකා නායක දිමුත් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කොදෙව් කණ්ඩායමට ලකුණු 297ක ඉලක්කයක් ලබා දෙමින්.

ශ්‍රී ලංකාව සිටි අසීරු මට්ටමෙන් ගොඩ ගත් ධනංජය ලකුණු 155*ක් ලබා ගත්තා. පන්දු 262ක් තුල වාර්තා වුනු ධනංජයගේ එම සුපිරි ඉනිමට 4 පහර 11ක් සහ 6 පහර 2ක් අන්තර්ගත වුනා.

වමතින් දඟපන්දු යවන Permaul ලකුණු 106කට කඩුලු 3ක් දවා ගත් අතර දකුණතින් පිට දඟපන්දු යවන Chase ලකුණු 82කට කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 297ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි කොදෙව් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 6ක් ලබාගෙන සිටි නායක Brathwaite දැවී ගියා.

අනතුරුව පිටියේ එක්වූ Bonner සහ Blackwood දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 50ක සබඳතාවයක් ගොඩනැංවූ අතර දිවා ආහාරයට පෙර ක්‍රියාත්මක කළ අවසන් පන්දුවාරයේ දී ලකුණු 36ක් ලබාගෙන ශ්‍රී ලංකාවට අභියෝගයක් වෙමින් සිටි Blackwoodගේ කඩුල්ල දවා ගැනීමට ඇඹුල්දෙණිය සමත් වුනා.

එතෙක් වේලාවක් නගර අන්තයෙන් පන්දු යවමින් සිටි ඇඹුල්දෙණිය එක්වරම ගාලු කොටුව අන්තයෙන් රැගෙන එමින් නායක දිමුත් උපක්‍රමශීලි ලෙස යම් වෙනසක් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස කොදෙව්වන් ගොඩනංවමින් සිටි දෙවැනි කඩුල්ලේ සබඳතාවය බිඳ දැමීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

දිවා ආහාරයට මිනිත්තු 50කට පසුව ක්‍රියාත්මක වුනු කොදෙව් ඉනිමේ 44 වැනි පන්දුවාරය තුල රමේෂ් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනේ කොදෙව්වන් කබලෙන් ලිපට ඇද දමමින්. එම පන්දුවාරය ආරම්භ වන විට 92/2ක් ලෙස සටහන් වුනු ඔවුන්ගේ ලකුණු සටහන එම පන්දුවාරය අවසානයේ දී 92/5ක් ලෙස සටහන් වුනා.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙත යම් පීඩනයක් ලබා දුන් Bonner මිනිත්තු 173ක් පුරාවට කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 143ක් තුල ලකුණු 44ක් ලබා ගත් නමුත් ඔහුගේ කඩුල්ල ද ඉතාමත් ඉක්මනින් දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

41 වැනි පන්දුවාරයට පසුව පන්දුවේ හැඩය වෙනස් වීම නිසා පන්දුව මාරු කිරීමට විනිසුරුවරුන් තීරණය කළා. ඉන්පසුව ක්‍රියාත්මක වුනු පන්දුවාර 14කුත් පන්දුවක් තුල කොදෙව් කණ්ඩායමේ අවසන් කඩුලු 8 ලකුණු 46ක් තුල දැවී යාම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී රමේෂ් දෙවැනි ඉනිම තුල ලකුණු 66කට කඩුලු 5ක් දවා ගත් අතර, ඇඹුල්දෙණිය ලකුණු 35කට කඩුලු 5ක් දවා ගත්තා. රමේෂ් සිය ජාත්‍යන්තර ටෙස්ට් තරග දිවියේ ලබා ගත් පළමු කඩුලු 10 අවස්ථාව ලබා ගන්නා විට, ඇඹුල්දෙණිය සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් 5 වැනි කඩුලු 5 අවස්ථාව වාර්තා කළා. තවද මේ තරගය පුරාවටම දැවී ගිය කඩුලු 39න් කඩුලු 36ක්ම දඟපන්දු යවන්නන් විසින් දවා ගැනීම සුවිශේෂී වුනා.

ඒ අනුව 2021-23 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ පළමු තරග දෙකම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා. ඒ නිසාවෙන් එහි ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය තවදුරටත් රැකගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනේ 100%ක ජයග්‍රහණ ප්‍රතිශතයක් රඳවාගෙනයි.

එසේම මේ ලබා ගත් 2-0ක ජයග්‍රහණයත් සමඟ ICC ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාවට කොදෙව්වන් අභිබවා එහි 7 වැනි ස්ථාන දිනා ගැනීමට හැකියාව ලැබුණේ ප්‍රසාද ලකුණු 83ක් දිනාගෙනයි.

තරගයේ වීරයා – ධනංජය ද සිල්වා (ශ්‍රී ලංකාව)

තරගාවලියේ වීරයා – රමේෂ් මෙන්ඩිස් (ශ්‍රී ලංකාව)

 


Result


West Indies
253/10 (104.2) & 132/10 (56.1)

Sri Lanka
204/10 (61.3) & 345/9 (121.4)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka lbw b Veerasammy Permaul 73 148 0 0 49.32
Dimuth Karunaratne c & b Roston Chase 42 90 0 0 46.67
Oshada Fernando c Joshua Da Silva b Jomel Warrican 18 27 0 0 66.67
Angelo Mathews b Jomel Warrican 29 45 0 0 64.44
Dhananjaya de Silva c Joshua Da Silva b Veerasammy Permaul 2 2 0 0 100.00
Charith Asalanka c Nkrumah Bonner b Veerasammy Permaul 10 15 0 0 66.67
Dinesh Chandimal lbw b Jomel Warrican 2 8 0 0 25.00
Ramesh Mendis c Shai Hope b Jomel Warrican 5 9 0 0 55.56
Suranga Lakmal c Jomel Warrican b Veerasammy Permaul 12 20 0 0 60.00
Lasith Embuldeniya b Veerasammy Permaul 1 7 0 0 14.29
Praveen Jayawickrama not out 0 1 0 0 0.00


Extras 10 (b 0 , lb 7 , nb 3, w 0, pen 0)
Total 204/10 (61.3 Overs, RR: 3.32)
Bowling O M R W Econ
Kemar Roach 6 2 12 0 2.00
Jason Holder 8 2 23 0 2.88
Kyle Mayers 2 0 13 0 6.50
Veerasammy Permaul 13 3 35 5 2.69
Roston Chase 14 0 64 1 4.57
Jomel Warrican 18.3 5 50 4 2.73
Batsmen R B 4s 6s SR
Kraig Brathwaite b Lasith Embuldeniya 72 185 0 0 38.92
Jermaine Blackwood lbw b Praveen Jayawickrama 44 99 0 0 44.44
Nkrumah Bonner lbw b Ramesh Mendis 35 95 0 0 36.84
Shai Hope lbw b Ramesh Mendis 22 89 0 0 24.72
Roston Chase c Pathum Nissanka b Ramesh Mendis 10 33 0 0 30.30
Kyle Mayers not out 36 58 0 0 62.07
Jason Holder lbw b Ramesh Mendis 4 10 0 0 40.00
Joshua Da Silva b Ramesh Mendis 0 1 0 0 0.00
Kemar Roach c Dhananjaya de Silva b Praveen Jayawickrama 8 9 0 0 88.89
Veerasammy Permaul b Lasith Embuldeniya 15 38 0 0 39.47
Jomel Warrican c Chamika Karunaratne b Ramesh Mendis 1 7 0 0 14.29


Extras 6 (b 0 , lb 0 , nb 6, w 0, pen 0)
Total 253/10 (104.2 Overs, RR: 2.42)
Bowling O M R W Econ
Suranga Lakmal 9 3 22 0 2.44
Lasith Embuldeniya 35 13 94 2 2.69
Ramesh Mendis 34.2 8 70 6 2.05
Praveen Jayawickrama 25 4 59 2 2.36
Dhananjaya de Silva 1 0 8 0 8.00
Batsmen R B 4s 6s SR
Dimuth Karunaratne run out () 6 10 0 0 60.00
Pathum Nissanka lbw b Roston Chase 66 154 0 0 42.86
Oshada Fernando run out () 14 41 0 0 34.15
Charith Asalanka c Nkrumah Bonner b Veerasammy Permaul 19 55 0 0 34.55
Dhananjaya de Silva not out 155 262 0 0 59.16
Dinesh Chandimal c & b Roston Chase 2 12 0 0 16.67
Ramesh Mendis c Kemar Roach b Kraig Brathwaite 25 58 0 0 43.10
Suranga Lakmal lbw b Veerasammy Permaul 7 11 0 0 63.64
Angelo Mathews c Jermaine Blackwood b Veerasammy Permaul 1 5 0 0 20.00
Lasith Embuldeniya b Jason Holder 39 124 0 0 31.45


Extras 11 (b 4 , lb 4 , nb 2, w 1, pen 0)
Total 345/9 (121.4 Overs, RR: 2.84)
Bowling O M R W Econ
Veerasammy Permaul 40 4 106 3 2.65
Roston Chase 27 2 82 2 3.04
Jomel Warrican 29 5 76 0 2.62
Kemar Roach 8 0 27 0 3.38
Jason Holder 9.4 1 26 0 2.77
Kraig Brathwaite 5 0 11 1 2.20
Nkrumah Bonner 3 1 9 0 3.00


Batsmen R B 4s 6s SR
Kraig Brathwaite lbw b Ramesh Mendis 6 21 0 0 28.57
Jermaine Blackwood c Dhananjaya de Silva b Lasith Embuldeniya 36 92 0 0 39.13
Nkrumah Bonner b Lasith Embuldeniya 44 143 0 0 30.77
Shai Hope c Suranga Lakmal b Ramesh Mendis 16 24 0 0 66.67
Roston Chase c Avishka Fernando b Ramesh Mendis 0 1 0 0 0.00
Kyle Mayers c Dhananjaya de Silva b Ramesh Mendis 0 4 0 0 0.00
Jason Holder c Dhananjaya de Silva b Lasith Embuldeniya 3 12 0 0 25.00
Joshua Da Silva not out 4 15 0 0 26.67
Kemar Roach lbw b Lasith Embuldeniya 13 17 0 0 76.47
Veerasammy Permaul lbw b Ramesh Mendis 1 5 0 0 20.00
Jomel Warrican c Dhananjaya de Silva b Lasith Embuldeniya 3 3 0 0 100.00


Extras 6 (b 4 , lb 2 , nb 0, w 0, pen 0)
Total 132/10 (56.1 Overs, RR: 2.35)
Bowling O M R W Econ
Lasith Embuldeniya 20.1 6 35 5 1.74
Ramesh Mendis 25 6 66 5 2.64
Praveen Jayawickrama 10 3 23 0 2.30
Charith Asalanka 1 0 2 0 2.00