Home Sinhala Evansගේ ශතකය යාපනය තුනට ඇද දමයි

Evansගේ ශතකය යාපනය තුනට ඇද දමයි

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

159

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග අවසන් වීමට දිනක් තිබිය දී වාර්තා වූ මංගල ශතකයෙන් වර්ණවත් වූ Jaffna Stallions සහ Colombo Kings අතර තරගයෙන් ලකුණු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කොළඹ ක්‍රීඩකයෝ අද (10) සමත් වූහ. 

තරගාවලියේ 18 වැනි තරගය ලෙසින් හම්බන්තොට දී නිමා වූ මෙම තරගයේ දී කොළඹ කණ්ඩායම නියෝජනය කළ එංගලන්ත ක්‍රීඩක Laurie Evans ශතකයක් වාර්තා කළේය. 33 හැවිරිදි මේ ක්‍රීඩකයා තවමත් එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් නොලද ක්‍රීඩකයෙකි.

අද තරගයේ දී යාපනය කණ්ඩායමේ වෙනස්කම් 4ක් සිදු කර තිබූ අතර අවිශ්ක ප්‍රනාන්දු, මිනෝද් භානුක, Usman Shinwari සහ විජයකාන්ත් වියස්කාන්ත් වෙනුවට බිනුර ප්‍රනාන්දු, චතුරංග ද සිල්වා, මහේෂ් තීක්ෂණ සහ Tom Moors කැඳවා තිබුණි. යාපනය කණ්ඩායමේ එක් වෙනස්කමක් පමණක් කර  තිබූ අතර ඒ ධම්මික ප්‍රසාද් වෙනුවට දුෂ්මන්ත චමිර කැඳවමිනි. 

>> තරගයේ ඡායාරූප ඇල්බමය <<

කාසියේ වාසිය දිනා ගත් යාපනය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 173ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් යාපනය ක්‍රීඩකයන්ට කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 167ක් පමණි. 

කොළඹ කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක විදෙස් ක්‍රීඩක Laurie Evans ය. ඔහු පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 108ක් ලබා ගත්තේය. එය ඔහුගේ විස්සයි විස්ස තරග පිටියේ දෙවැනි ශතකය වූ අතර මෙම ඉනිම ඔහුගේ හොඳම ඉනිම ද විය. 

Evans තමන්ගේ අර්ධ ශතකය පන්දු 34කින් වාර්තා කළ අතර එතැන් සිට ශතකය දක්වා වැය කළේ තවත් පන්දු 26ක් පමණක් වීම කැපී පෙණුනි. ඔහු එක් අන්තයකින් ප්‍රතිවාදී පන්දු යවන්නන් පීඩනයට පත් කරද්දී දිනේෂ් චන්දිමාල් (11), Daniel Bell Drummond (12), ඇන්ජලෝ මැතිව්ස් (15) සහ Andre Russell (21) ද තම කණ්ඩායම වෙනුවෙන් ඉලක්කම් දෙකේ ලකුණු රැස් කළහ. 

ඉනිමේ කඩුලු 2ක් දුවද්දී දැවී යෑමෙන් බිඳ වැටුණ අතර ඉතිරි කඩුලු දෙක සුරංග ලක්මාල් සහ වනිඳු හසරංග අතර බෙදී ගියහ.  

ලකුණු 174ක හඹා යන ඉනිම Jhonson Charles සහ Tom Moors විසින් ආරම්භ කළ ද ඔවුන්ට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ඉඩ ලැබුණේ නැත. දුෂ්මන්ත චමීරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් Jhonson Charles (8) දැවි යන විට ඔවුන්ගේ ලකුණු පුවරුව 14ක් විය.  අනතුරුව අනෙක් ආරම්භක පිතිකරු Tom Moors (23) ද දැවී ගියේ චරිත් අසලංක එක්ව පන්දු 26කින් ලකුණු 33ක සබඳතාවක් ගොඩ නගමිනි. 

චරිත් සහ Shoaib Malik අතර එක් වූ තෙවැනි කඩුල්ලේ සබඳතාව ද ලකුණු 33 දී නිමා කිරීමට කොළඹ ක්‍රීඩකයෝ සමත් වූහ. එහි දී කඩුල්ල පුද කළේ පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 32ක් ලබා සිටි චරිත් ය.  

චතුරංග ද සිල්වා ලකුණු 4කට දැවී ගිය පසු Shoaib Malik සමඟ එක් වූයේ නායක තිසර පෙරේරා ය. පළමු පන්දුවෙන් ම හතරේ පහරක් එල්ල කරමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළ තිසර තමන් මුහුණ දුන් දෙවැනි පන්දුවේ දී තික්ෂිල ද සිල්වා වෙතින් ගිලිහුණ උඩ පන්දුවක වාසියක් ද ගත්තේ ය. නමුත් ඔහුට එහි වාසිය රඳවා තබා ගත හැකි වූයේ තවත් පන්දු 7කදී පමණි. හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබා සිටිය දී තිසරගේ ඉනිම අවසන් වූයේ Andre Russellගේ පන්දුවකට තරිඳු කෞෂාල් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. 

LPL තතුවිත්ති:

අනතුරුව යැවුණ පන්දුවේ දී එතෙක් පිටියේ ක්‍රියාත්මක වෙමින් සිටි Shoaib Malik ද දවා ගැනීමට Andre Russell සමත් විය. Malik පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ලබා සිටියේය. පිට පිට පන්දු දෙකක දී කඩුලු දෙකක් දවා ගත් Russellගේ කඩුලු ත්‍රිත්වයේ පන්දුව ඊළඟ පන්දුවාරයේ දී යැවුණ අතර ඊට සාර්ථකව මුහුණ දීමට වනිඳු හසරංග සමත් විය. 

තරගය නිමා වන විට වනිඳු පන්දු 9කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ලබා සිටි අතර සුරංග ලක්මාල් පන්දු 11ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 17ක් ලබා සිටියේය. ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ලට නොදැවුණ සබඳතාව ලකුණු 42කි. 

කඩුලු දවා ගැනීමේ දී Andre Russell ලකුණු 46කට කඩුලු 3ක් දවා ගත් අතර ඉසුරු උදාන, දුෂ්මන්ත චමිර සහ Qais Ahmad කඩුල්ල බැගින් දවා ගත්හ.  

අද තරගයත් සමගින් යාපනය ක්‍රීඩකයෝ තරගාවලියේ පළමු වටයේ සියලු තරග අවසන් කළ අතර ඒ තරගය නිමාවත් සමඟ ඔවුන් ප්‍රසාද ලකුණු පුවරුවේ 3 වැනි ස්ථානය දිනා ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ. කොළඹ ක්‍රීඩකයන් ද මේ වන විට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති අතර ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ හිමි තැන සොයා ගැනීමට හෙට (11) Dambulla Viiking සමඟ තරගයක් ද තිබේ.

මේ වන විට මෙම කණ්ඩායම් දෙක තරග අවසන් කළ ආකාරය සහ ලබා සිටින ස්ථානය

TEAM M W L NR T PT Place
Colombo Kings 7 5 2 0 0 10 2
Jaffna Stallions 8 4 3 1 0 9 3

Result


Jaffna Kings
167/6 (20)

Colombo Stars
173/4 (20)

Batsmen R B 4s 6s SR
Dinesh Chandimal c Thisara Perera b Suranga Lakmal 11 13 2 0 84.62
Laurie Evans not out 108 65 9 5 166.15
Daniel Bell Drummond run out (Wanindu Hasaranga) 12 15 1 0 80.00
Angelo Mathews c Suranga Lakmal b Wanindu Hasaranga 15 14 0 1 107.14
Andre Russell run out (Suranga Lakmal) 21 14 2 1 150.00


Extras 6 (b 0 , lb 2 , nb 1, w 3, pen 0)
Total 173/4 (20 Overs, RR: 8.65)
Did not bat Thikshila de silva, Ashan Priyanjan, Isuru Udana, Qais Ahmed, Tharindu Kaushal, Dushmantha Chameera,

Bowling O M R W Econ
Binura Fernando 2 0 33 0 16.50
Suranga Lakmal 4 0 26 1 6.50
Mahesh Theekshana 3 0 17 0 5.67
Wanindu Hasaranga 4 0 31 1 7.75
Thisara Perera 1 0 10 0 10.00
Chathuranga de Sliva 3 0 21 0 7.00
Duanne Olivier 3 0 33 0 11.00


Batsmen R B 4s 6s SR
Tom Moores c Andre Russell b Qais Ahmed 23 21 3 1 109.52
Johnson Charles b Dushmantha Chameera 8 8 1 0 100.00
Charith Asalanka c Thikshila de silva b Andre Russell 32 27 4 0 118.52
Shoaib Malik c Daniel Bell Drummond b Andre Russell 29 28 2 0 103.57
Chathuranga de Sliva c & b Isuru Udana 4 3 1 0 133.33
Thisara Perera c Tharindu Kaushal b Andre Russell 22 9 2 2 244.44
Wanindu Hasaranga not out 23 14 1 2 164.29
Suranga Lakmal not out 17 11 3 0 154.55


Extras 9 (b 2 , lb 5 , nb 1, w 1, pen 0)
Total 167/6 (20 Overs, RR: 8.35)
Did not bat Binura Fernando, Mahesh Theekshana, Duanne Olivier,

Bowling O M R W Econ
Angelo Mathews 2 0 17 0 8.50
Isuru Udana 3 0 20 1 6.67
Dushmantha Chameera 3 0 26 1 8.67
Ashan Priyanjan 3 0 18 0 6.00
Qais Ahmed 3 0 15 1 5.00
Tharindu Kaushal 2 0 18 0 9.00
Andre Russell 4 0 46 3 11.50



තරගාවලියේ 19 වැනි තරගය ලෙසින් අද (10) රාත්‍රී 8.00ට Kandy Tuskers සහ Galle Gladiators කණ්ඩායම් අතර තරගය පැවැත්වීමට නියමිත ය. 

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<