Home Sinhala Galle Gladiatorsගේ ජයග්‍රහණය Dambulla Viiking උදුරා ගනියි

Galle Gladiatorsගේ ජයග්‍රහණය Dambulla Viiking උදුරා ගනියි

Lanka Premier League 2020 – Coverage powered by My Cola

188

2020 LPL තරගාවලියේ 17 වැනි තරගය ලෙස Dambulla Viiking සහ Galle Gladiators කණ්ඩායම් අතර තරගය අද (10) දින හම්බන්තොට දී නිමාවූයේ Dambulla Viiking කණ්ඩායමට කඩුලු 4ක තියුණු ජයක් ලබාදෙමිනි.

තරගයේ අවසන් පන්දුවාර 5 දක්වාම Galle Gladiators කණ්ඩායම ඉතාමත් හොඳ මට්ටමක සිටි නමුත් අවසන් පන්දුවාර 5 දී ඔවුන්ගේ පන්දු රැකීමේ වූ ප්‍රබල අඩුපාඩු නිසාවෙන් Dambulla Viiking කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය ඔවුන්ගේ නමට ඉදිරියෙන් සටහන් කරගැනීමට හැකි විය. Dambulla Viiking කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් දියත් කළ Samiullah Shinwari හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් එල්ල කරමින් සුපිරි පිතිකරණයක නිරත වූයේ නොදැවී ලකුණු 46*ක් රැස්කර ගනිමිනි. 

LPL තතුවිත්ති: 

තරගයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Viiking නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා Galle Gladiators කණ්ඩායමට ආරාධනා කළ අතර පළමුව පන්දුවට පහර දුන් Galle Gladiators කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 168ක් රැස්කර ගන්නා ලදි. 

දැනට LPL තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන ධනුෂ්ක ගුණතිලක මෙම තරගයේ දීද සිය වගකීම හැකි උපරිමයෙන්ම ඉටු කරමින් හතරේ පහර 8ක් එල්ල කරමින් පන්දු 31ක දී ලකුණු 46ක් රැස්කර ගත්තේ Galle Gladiators කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදෙමිනි. 

කෙසේ නමුත් Ahsan Ali හට අද දිනයේ දී සාර්ථක වීමට වරම් නොලැබුනු නමුත් නායක භානුක රාජපක්ෂ පන්දු 18ක දී ලකුණු 31ක් රැස්කර ගනිමින් ඔවුන්ගෙන් ගිලිහෙමින් තිබූ සාර්ථක ආරම්භය සඳහා යම් සවියක් වීමට සමත් වූයේ ගුණතිලක හටද සවියක් වෙමිනි. Galle Gladiators ඉනිමේ 8 වන පන්දුවාරය ඔවුන්ගේ ඉනිමට අඳුරු පැල්ලම් කිහිපයක් එක්කළ පන්දුවාරයක් බවට පත්කළ රමේෂ් මෙන්ඩිස්, භානුක සහ Azam Khanගේ කඩුලු දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයේ දස්කමක ආසන්නයට පැමිණි නමුත් එය සාර්ථක කරගැනීමට ඔහුට හැකියාව ලැබුනේ නැත. 

Chadwick Waltonගේ පාදයේ මස්පිඩු ඇදීමක් නිසාවෙන් පිටියෙන් ඉවත්ව යාමට සිදුවීමත් සමඟම Galle Gladiators කණ්ඩායම යම් අසීරු මට්ටමකට පැමිණි නමුත් 122/5ක් ලෙස සටහන්ව තිබූ Galle Gladiators ලකුණු සටහන තරගකාරී ලකුණක් වෙත රැගෙන යාම වෙනුවෙන් කණ්ඩායමේ මැදපෙළ සවිමත් කළ ශෙහාන් ජයසූරිය හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් එල්ල කරමින් පන්දු 27ක දී ලකුණු 29ක් සිය නමට ඉදිරියෙන් සටහන් කරගත්තේ යම් තර්ජනාත්මක පිතිකරණයක නිරත වෙමිනි. කෙසේ නමුත් තරගය පුරාවට දක්ෂ පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත, ජයසූරියගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය. 

ඉනිමේ පසුපෙළ සවිමත් කළ ධනංජය ලක්ෂාන් සිය තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කරමින් නැවත වරක් ලෝකයාගේ අවධානය දිනා ගැනීමට සමත් වූයේ පන්දු 18ක් තුළ ලකුණු 21*ක් රැස්කර ගෙනයි. 

පන්දු යැවීමේ දී Dambulla Viiking කණ්ඩායම වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස්, දසුන් ශානක සහ කසුන් රාජිත කඩුලු 2ක බැගින් දවා ගනිමින් දස්කම් දක්වන ලදි. ඊට අමතරව ඩිල්ශාන් මදුශංක එක් කඩුල්ලක් දවා ගත්තේය. 

ලකුණු 169ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි Dambulla Viiking කණ්ඩායමට මෙම තරගයේ දීද සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි විය. එහිදී Mohammad Amir යොමුකළ පළමු පන්දුවෙන්ම Paul Stirling දවා ගැනීමට සමත් වූයේ Galle Gladiators කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබාදෙමිනි. 

පසුව පිටියට පැමිණි අත්දැකීම් බහුල පිතිකරුවෙකු වන උපුල් තරංග, දික්වැල්ල සමඟ එක්ව සිය කණ්ඩායම වෙනුවෙන් සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට වෑයම් කළත් භානුක රාජපක්ෂ ඇතුළු Galle Gladiators කණ්ඩායමේ සැලසුම් නිසාවෙන් එම සබඳතාවය කල් තබාම අවසන් කිරීමට ජයසූරිය සමත් විය. තරංග ලකුණු 9කට දැවී යන විට කඩුලු රකින ආරම්භක පිතිකරු දික්වැල්ල, ධනංජය ලක්ෂාන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ මෙම තරගය තීරණාත්මක සහ උණුසුම් මුහුණුවරක් ගන්නා බවට කල් තියාම ඉඟි පළ කරමිනි. නායක දසුන් ශානක ලකුණු 9කට දැවී ගියේය. 

Dambulla VIiking කණ්ඩායම සඳහා සවිමත් අඩිතාලමක් සකස් කර දුන් ඇන්ජලෝ පෙරේරා හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමඟ පන්දු 31ක දී ලකුණු 45ක් රැස්කර ගෙන සිටියදී දැවී යාමත් සමඟම නැවතත් Galle Gladiators කණ්ඩායමට තරගයට පිවිසීමට හැකි වූවත්, Samiullah Shinwari එම බලාපොරොත්තු සුන්කර දමමින් සිය ප්‍රහාරය දියත් කළේ Galle Gladiators කණ්ඩායමේ දුර්වල තැන් ඉතාමත් හොඳින් අවබෝධ කර ගනිමිනි. 

අවසානයේ දී තරගය අවසන් පන්දුව දක්වා පැමිණි නමුත් (පන්දු 1ට ලකුණු 1යි) අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කළ Samiullah Shinwari, Dambulla Viiking කණ්ඩායමේ 5 වන ජයග්‍රහණය තහවුරු කළේය. 

පන්දු යැවීමේ දී ධනංජය ලක්ෂාන් කඩුලු 2ක් දවා ගත් අතර ඔවුන්ගේ පන්දු රැකීමේ තිබූ විශාල දුර්වලතා හැරෙන්නට ඔවුන්ට මෙම තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැඩි ඉඩක් තිබුනි. 

තරගයේ වීරයා – Samiullah Shinwari (Dambulla VIiking) 

LPL තරගාවලියේ තවත් තරග දෙකක් හෙට (10) දින පැවැත්වෙන අතර එහිදී Colombo Kings සමඟ Jaffna Stallions සහ Galle Gladiators සමඟ Kandy Tuskers යන කණ්ඩායම් තරග වැදීමට නියමිතය. ඒ අතුරින් රාත්‍රියේ දී පැවැත්වෙන Galle Gladiators සහ Kandy Tuskers තරගය ඉතාමත් උණුසුම් තරගයක් වනු ඇත. 

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න, ThePapare.com අප සමඟම. 

Result


Galle Gladiators
168/8 (20)

Dambulla Aura
174/6 (20)

Batsmen R B 4s 6s SR
Danushka Gunathilaka c Niroshan Dickwella b Dasun Shanaka 46 31 8 0 148.39
Ahsan Ali lbw b Dilshan Madusanka 5 3 1 0 166.67
Bhanuka Rajapakse c Dasun Shanaka b Ramesh Mendis 31 18 2 3 172.22
Azam Khan lbw b Ramesh Mendis 0 1 0 0 0.00
Chadwick Walton retired 7 9 0 0 77.78
Shehan Jayasuriya c Samiullah Shinwari b Kasun Rajitha 39 27 4 1 144.44
Sahan Arachchige c Upul Tharanga b Kasun Rajitha 9 10 1 0 90.00
Dhananjaya Lakshan not out 23 18 1 1 127.78
Mohammad Amir b Dasun Shanaka 0 3 0 0 0.00
Lakshan Sandakan not out 0 1 0 0 0.00


Extras 8 (b 0 , lb 1 , nb 1, w 6, pen 0)
Total 168/8 (20 Overs, RR: 8.4)
Did not bat Nuwan Thushara,

Fall of Wickets 1-33 (2.3) Ahsan Ali, 2-83 (7.2) Bhanuka Rajapakse, 3-83 (7.3) Azam Khan, 4-90 (9.3) Danushka Gunathilaka, 5-104 (11.3) Chadwick Walton, 6-122 (14.3) Sahan Arachchige, 7-148 (17.2) Shehan Jayasuriya, 8-156 (18.5) Mohammad Amir,

Bowling O M R W Econ
Sudeep Tyagi 1 0 12 0 12.00
Kasun Rajitha 4 0 31 2 7.75
Dilshan Madusanka 2 0 24 1 12.00
Ramesh Mendis 4 0 28 2 7.00
Dasun Shanaka 4 0 38 2 9.50
Samit Patel 3 0 18 0 6.00
Paul Stirling 2 0 16 0 8.00


Batsmen R B 4s 6s SR
Paul Stirling b Mohammad Amir 0 1 0 0 0.00
Niroshan Dickwella c Lakshan Sandakan b Dhananjaya Lakshan 38 30 4 1 126.67
Upul Tharanga lbw b Shehan Jayasuriya 9 11 1 0 81.82
Angelo Perera lbw b Lakshan Sandakan 45 31 4 1 145.16
Dasun Shanaka c Sahan Arachchige b Dhananjaya Lakshan 9 12 0 0 75.00
Samit Patel run out (Dhananjaya Lakshan) 11 8 1 0 137.50
Samiullah Shinwari not out 46 20 6 2 230.00
Ramesh Mendis not out 13 7 1 1 185.71


Extras 3 (b 0 , lb 0 , nb 0, w 3, pen 0)
Total 174/6 (20 Overs, RR: 8.7)
Did not bat Kasun Rajitha, Dilshan Madusanka, Sudeep Tyagi,

Fall of Wickets 1-0 (0.1) Paul Stirling, 2-23 (3.3) Upul Tharanga, 3-76 (10.2) Niroshan Dickwella, 4-100 (13.4) Angelo Perera, 5-104 (14.3) Dasun Shanaka, 6-128 (16.4) Samit Patel,

Bowling O M R W Econ
Mohammad Amir 4 0 29 1 7.25
Nuwan Thushara 4 0 46 0 11.50
Shehan Jayasuriya 3 0 26 1 8.67
Danushka Gunathilaka 1 0 6 0 6.00
Lakshan Sandakan 4 0 34 1 8.50
Dhananjaya Lakshan 4 0 33 2 8.25



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<