Home Sinhala ඕස්ට්‍රේලියා පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පසු බසී

ඕස්ට්‍රේලියා පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පසු බසී

19න් පහළ බාලිකා විස්සයි විස්ස ලෝක කුසලානය 2023

1514

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන 19න් පහළ බාලිකා විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ තෙවැනි සහ අවසන් තරගය අද (18) පැවැත්වුණේ ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟයි.

එම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 108කින් පරාජය කරමින් දැවැන්ත ජයක් ලබා ගන්නට ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවන් සමත් වුනා.

තරගාවලියේ මෙතෙක් පැවති ප්‍රතිඵල අනුව කණ්ඩායම් දෙකම එක් තරගයක් බැගින් ජය ගෙන අනෙක් තරගය පරාජය වී තිබූ නිසා සිය කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණීමට කණ්ඩායම් දෙකටම මෙම තරගය ඉතා වැදගත් වුනා.

තරගයේ තීරණාත්මක කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකා විශ්මි ගුණරත්න පළමුවෙන් පන්දුවට පහර දීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට ආරාධනා කළා.

තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්,   

  • ඕස්ට්‍රේලියාව: Kate Pelle, Sianna Ginger, Claire Moore, Amy Smith, Ella Hayward, Lucy Hamilton, Rhys McKenna, Ella Wilson, Charis Bekker, Milly Illingworth, Maggie Clark.
  •   ශ්‍රී ලංකාව: සුමුදු නිසංසලා, නෙත්මි සෙනවිරත්න, විශ්මි ගුණරත්න (නායිකා), දෙව්මි  විහංඟා, මනුදු නානායක්කාර, රශ්මි නෙත්‍රංජලී, දුලංගා දිසානායක, රශ්මි සංජනා, විදුෂිකා පෙරේරා, පමෝදා ශයිනි.

ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනාවෙන් පිටියට පිවිසි ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකාරිණියන් පළමු කඩුල්ල සඳහා ලකුණු 41ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත් වූ අතර ලකුණු 27ක් ලබා සිටි Kate Pelle දැවී ගියේ රශ්මි සංජනාගේ පන්දුවක් හමුවේයි.

එම කඩුල්ලෙන් කෙටි වේලාවකට පසුව නැවතත් ක්‍රියාත්මක වූ රශ්මි විසින් ලකුණු 06ක් ලබා සිටි Claire Mooreව පිටියෙන් ඉවත් කළා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 56ක සම්බන්ධතාවක් ගොඩ නැගීමෙන් අනතුරුව ලකුණු 36ක් ලබා සිටි Ella Hayward, රශ්මි නේත්‍රාංජලීගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

පන්දු 31ක් තුළ ලකුණු 30ක් ලබා ගනිමින් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ Sianna Ginger ක්‍රීඩාගාරයට හරවා යවමින් ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් තරගයට ගෙන ඒමට දෙව්මි විහංඟාට හැකි වුනා.

මැදපෙළ පිතිකාරිණියක් ලෙසින් පැමිණ Lucy Hamilton පන්දු 11ක් තුල ලබා ගත් ලකුණු 22 සහ Amy Smith පන්දු 16ක් තුළ නොදැවී ලබා ගත් ලකුණු 22 නිසා නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 159ක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් රශ්මි සංජනා ලකුණු 30කට කඩුලු දෙකක් දවා ගනිද්දී, රශ්මි නේත්‍රාංජලී සහ දෙව්මි විහංඟා අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 160ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක සම්බන්ධතාව ලකුණු 03කට සීමා කරමින් විහාරා සෙව්වන්දි ලකුණු නොලබා පිටියෙන් ඉවත් වුනේ Charis Bekkerගේ පන්දුවක් හමුවේයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු සහගත ක්‍රීඩිකාව වූ විශ්මි ගුණරත්න ලකුණු 03කට දවා ගනිමින් ශ්‍රී ලංකා බලාපොරොත්තු ආරම්භයේ දී ම සුන් කිරීමට Maggie Clarkට හැකි වුනා.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 21ක් වන විට ලකුණු 5ක් ලබා සිටි සුමුදු නිසංසලා තුන්වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූ අතර දෙව්මි විහංඟා හට ද සාර්ථක වීමට ඉඩ නොදුන් Ella Hayward, ඇයව ක්‍රීඩා පිටියෙන් ඉවත් කරන විට ලකුණු 10ක් ලබා සිටියා.

පන්දු 18කට මුහුණ දෙමින් ලකුණු 11ක් ලබා සිටි නෙත්මි සේනාරත්න Sianna Gingerගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී ලකුණු 38ක් බවට පත් කරමිනුයි.

ශ්‍රී ලංකා පිතිකාරිණියන් තවත් අසරණ කරමින් රශ්මි නේත්‍රාංජලි එක් ලකුණකට දවා ගැනීමට Milly Illingworth සමත් වෙද්දී, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 44ක් ලබා සිටියා.

දුලංගා දිසානායක හට පිටියේ වැඩි වේලාවක් රැඳී සිටින්නට ඉඩ ලබා නොදුන් Amy Smith විසින් ඇයව ලකුණු නොලබාම ක්‍රීඩා පිටියෙන් ඉවත් කළේ කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුකර ගමිනුයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 3 ලකුණු 6ක් තුළ දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 13ක් අවසානයේ ලකුණු 51කට සීමා කිරීමට ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවන්ට හැකි වුනේ තරගයෙන් ලකුණු 108ක දැවැන්ත ජයක් ලබා ගනිමිනුයි.

පන්දු යැවීමේ දී Maggie Clark සහ Lucy Hamilton අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

මෙම තරගය පරාජයට පත් වූවත් මූලික වටයේ සහභාගී වූ තරග තුනෙන් එක් තරගයක් ජයග්‍රහණය කරමින් සිය කාණ්ඩයේ තුන්වැන්නා ලෙස සුපිරි 6 දෙනාගේ ලීග් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

Result


Australia Women U19
159/5 (20)

Sri Lanka Women U19
51/10 (13)

Batsmen R B 4s 6s SR
Kate Pelle c Dewmi Vihanga b Rismi Sanjana 27 19 4 0 142.11
Sianna Ginger lbw b Dewmi Vihanga 30 31 3 0 96.77
Claire Moore st Sumudu Nisansala b Rismi Sanjana 6 9 1 0 66.67
Ella Hayward b Rashmi Nethranjali 36 31 5 0 116.13
Amy Smith not out 23 17 2 0 135.29
Lucy Hamilton run out (Dulanga Dissanayke) 21 10 2 1 210.00
Rhys McKenna not out 3 3 0 0 100.00


Extras 13 (b 2 , lb 2 , nb 0, w 9, pen 0)
Total 159/5 (20 Overs, RR: 7.95)
Bowling O M R W Econ
Rashmi Nethranjali 4 0 35 1 8.75
Dewmi Vihanga 4 0 21 1 5.25
Rashmika Sewwandi 2 0 12 0 6.00
Rismi Sanjana 4 0 30 2 7.50
Vidushika Perera 4 0 33 0 8.25
Vihara Sewwandi 1 0 11 0 11.00
Dulanga Dissanayke 1 0 12 0 12.00


Batsmen R B 4s 6s SR
Nethmi Senarathna c Claire Moore b Sianna Ginger 11 18 1 0 61.11
Vihara Sewwandi c & b Charis Bekker 0 1 0 0 0.00
Vishmi Gunarathne c Charis Bekker b Maggie Clark 3 6 0 0 50.00
Sumudu Nisansala c Amy Smith b Maggie Clark 5 10 1 0 50.00
Dewmi Vihanga b Ella Hayward 9 10 2 0 90.00
Manudi Nanayakkara b Lucy Hamilton 8 11 1 0 72.73
Rashmi Nethranjali b Milly Illingworth 1 9 0 0 11.11
Dulanga Dissanayke lbw b Amy Smith 0 2 0 0 0.00
Rashmika Sewwandi run out (Sianna Ginger) 2 6 0 0 33.33
Rismi Sanjana not out 0 4 0 0 0.00
Vidushika Perera lbw b Lucy Hamilton 0 1 0 0 0.00


Extras 12 (b 0 , lb 3 , nb 0, w 9, pen 0)
Total 51/10 (13 Overs, RR: 3.92)
Bowling O M R W Econ
Charis Bekker 2 0 21 1 10.50
Maggie Clark 3 2 8 2 2.67
Ella Hayward 2 0 7 1 3.50
Sianna Ginger 1 0 2 1 2.00
Amy Smith 2 0 6 1 3.00
Milly Illingworth 2 0 4 1 2.00
Lucy Hamilton 1 1 0 2 0.00



වයස අවුරුදු 19න් පහළ බාලිකා විස්සයි විස්ස තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<