මිණිපුර සටනේ ශූරතා ත්‍රිත්වයම සීතාවක ජාතික පාසලට

518
  • අවුරුදු 13න් පහළ ශුරතාවය දිනාගත් සීතාවක ජාතික පාසල් කණ්ඩායම

අවිස්සාවේල්ල සීතාවක ජාතික පාසල විසින් පළමු වරට සංවිධානය කරනු ලැබූ “සීතාවක මිණිපුර මහා සටන” ක්‍රිකට් තරගාවලිය රත්නපුර, අවිස්සාවේල්ල, රුවන්වැල්ල හා ඇහැලියගොඩ යන ප්‍රදේශයේ පාසල් කිහිපයක සහභාගිත්වයෙන් ජූලි 27, 28 හා 29 යන තෙදින පුරාවට  සීතාවක ජාතික පාසල් ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.

පාසල් ක්‍රිකට් ආකෘතියට නව වෙනසක් සමඟින් “සීතාවක මිණිපුර සටන”

අවිස්සාවේල්ල සීතාවක මධ්‍ය මහා විද්‍යාලය විසින් පළමු වරට සංවිධානය කරනු ලබන…

වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ හා 19න් පහළ යන වයස් කාණ්ඩ තුන යටතේ පැවති මේ තරගාවලියේ අංශ තුනේම ශූරතාවය දිනා ගත්තේ සත්කාරක  සීතාවක ජාතික පාසල් ක්‍රිකට් කණ්ඩායම් විසිනි. මේ තරගාවලිය සඳහා සත්කාරක සීතාවක ජාතික පාසලට අමතරව රුවන්වැල්ල රාජකීය විද්‍යාලය, ඇහැලියගොඩ මධ්‍ය විද්‍යාලය, දෙහිඕවිට ජාතික පාසල, රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලය හා රත්නපුර කුමර විද්‍යාලය යන පාසල් ක්‍රිකට් කණ්ඩායම්  සහභාගී විය.

එක් කාණ්ඩයකට ක්‍රීඩකයින් 11 දෙනෙක් ක්‍රීඩා කළ මේ තරගාවලියේ එක් ඉනිමක් පන්දුවාර පහකට සීමා විය. ඒ ඒ වයස් කාණ්ඩවල තරගාවලියේ මූලික වටය කාණ්ඩ දෙකක් යටතේ පැවති අතර ඒ ඒ කාණ්ඩවල පෙරමුණේ සිටි කණ්ඩායම් 4 අවසන් පූර්ව තරග වටයට පැමිණ එහි ජයග්‍රාහකයින් ද්විත්වය අවසන් මහා සටනට තෝරා පත්වෙන ලදි. තරග සියල්ලම සුදු පැහැති ලෙදර් පන්දුවෙන් ක්‍රීඩා කළ අතර සහභාගී වූ ක්‍රීඩකයින් සියල්ලම වර්ණ ඇඳුම්වලින් සැරසී ක්‍රීඩා කරන ලදි.

වයස අවුරුදු 13න් පහළ

“අජිත් ලක්ෂ්මන් අභියෝගතා කුසලානය” වෙනුවෙන් පැවති මේ වයස් කාණ්ඩ සීමාවේ මූලික තරග වටය සඳහා පමණක් කණ්ඩායම් අටක් සහභාගී වූ අතර එහි අවසන් තරගය සඳහා සීතාවක ජාතික පාසල් A කණ්ඩායම හා රුවන්වැල්ල රාජකීය විද්‍යාලය තේරී පත්වූ අතර අවසන් මහා තරගයේ දී කඩුලු 10ක ජයක් ලබා ගත් සීතාවක ජාතික පාසල් A කණ්ඩායම එහි ශූරතාවය දිනා ගන්නා ලදි.

රුවන්වැල්ල රාජකීය විද්‍යාලය: 38/5 (පන්දුවාර 5): රදිෂ දිල්මික 11, යුහාන් සන්දික 3/02.

සීතාවක ජාතික පාසල් A කණ්ඩායම – 40/0 (පන්දුවාර 2.4): මලිඳු නිමෙත් 16*

  • හොඳම පන්දු රකින්නා – දිනෙත් ෂෙහාන් (සීතාවක ජාතික පාසල)
  • හොඳම පන්දු යවන්නා – යුහාන් සන්දික (සීතාවක ජාතික පාසල)
  • හොඳම පිතිකරු – මලිඳු නිමෙත් (සීතාවක ජාතික පාසල)
  • තරගාවලියේ වීරයා – දිලංක චතුමල් (රුවන්වැල්ල රාජකීය විද්‍යාලය)

>> මිණිපුර සටන ක්‍රිකට් තරගාවලියේ අවසන් දින ඡායාරූප

වයස අවුරුදු 15න් පහළ

කණ්ඩායම් හයක් මේ වයස් කාණ්ඩයේ ශූරතාවය දිනා ගැනීම වෙනුවෙන් සටන් කළ අතර එහි අවසන් මහා තරගය සඳහා සීතාවක ජාතික පාසල හා රත්නපුර කුමර විද්‍යාලය සුදුසුකම් ලබාගෙන තිබුණි. අවසානයේ කඩුලු 6ක ජයක් ලබාගත් සීතාවක ජාතික පාසලට “ටී. ජේ. ලංකා අභියෝගතා කුසලානය” හිමි විය.

රත්නපුර කුමර විද්‍යාලය: 56/1 (පන්දුවාර 5): රන්දුනු ගංගානාත් 31*, පසිඳු ජයසේකර 10.                       

සීතාවක ජාතික පාසල: 57/4 (පන්දුවාර 4.5): ඉමල්ක කාවින්ද 18, තිසර දනංජය 11.                                

  • හොඳම පන්දු රකින්නා – තිසර දනංජය (සීතාවක ජාතික පාසල)
  • හොඳම පන්දු යවන්නා – දිලංක රශ්මික (සීතාවක ජාතික පාසල)
  • හොඳම පිතිකරු – ඉමල්ක කාවින්ද (සීතාවක ජාතික පාසල)
  • තරගාවලියේ වීරයා – රන්දුනු ගංගානාත් (රත්නපුර කුමර විද්‍යාලය)

කෞෂාල්, සම්මු, කමිඳු සහ චාමිකගේ උත්සාහයන් මල්ඵල දරයි

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම් අතර කටුනායක මේරියන් ක්‍රිකට්..

වයස අවුරුදු 19න් පහළ

“රණවීර කුරගලආරච්චි අභියෝගතා කුසලානය” වෙනුවෙන් පැවති වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී සීතාවක ජාතික පාසල විසින් රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලය පරාජයට පත් කළ අතර එහි අනෙක් අවසන් පූර්ව තරගයෙන් රත්නපුර කුමර විද්‍යාලය හමුවේ රුවන්වැල්ල රාජකීය විද්‍යාලය පරාජයට පත්විණි.

අවසන් මහා තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් කුමර විද්‍යාලය නියමිත පන්දුවාර 5 තුල කඩුලු 8ක් දැවී ලකුණු 43ක් ලබාගත් අතර ඊට පිළිතුරු දුන් සීතාවක ජාතික පාසල් කණ්ඩායම ද නියමිත පන්දුවාර 5 තුල ලබා ගත්තේ ලකුණු 43ක් නිසා තරගයේ අවසන් ප්‍රතිඵලය ලබා දීම සඳහා සුපිරි පන්දුවාර තරගයක් ක්‍රියාත්මක කිරීමට තරග විනිසුරුවරුන්ට සිදු විය. අවසානයේ එම තරගය ජයග්‍රහණය කළ සීතාවක ජාතික පාසලට වයස අවුරුදු 19න් පහළ වයස් කාණ්ඩයේ ද ශූරතාවය හිමි වීම නිසා සමස්ත තරගාවලියේ බෙදී ගිය ශූරතා ත්‍රිත්වයම ඔවුන්ගේ විද්‍යාලයට දිනා ගැනීමට හැකි විය.

රත්නපුර කුමර විද්‍යාලය: 43/8 (පන්දුවාර 5): බුද්ධි මදුශාන් 3/10, ඉමල්ක කාවින්ද 2/04 සීතාවක ජාතික පාසල: 43/3 i(පන්දුවාර 5): කලණ මධුසංක 23.

සුපිරි පන්දුවාරය

රත්නපුර කුමර විද්‍යාලය: 4/2 (පන්දුවාර 1): කේ. ඩිලුක්ෂාන් 1/04.

සීතාවක ජාතික පාසල: 6/0 (පන්දුවාර 0.1): කලණ මධුසංක 6*

  • හොඳම පන්දු රකින්නා – කලණ මධුසංක (සීතාවක ජාතික පාසල)
  • හොඳම පන්දු යවන්නා – බුද්ධි මධුශාන් (සීතාවක ජාතික පාසල)
  • හොඳම පිතිකරු – ඉඳුවර ජයසිංහ (රත්නපුර කුමර විද්‍යාලය)
  • තරගාවලියේ වීරයා – බුද්ධි මධුශාන් (සීතාවක ජාතික පාසල)

>> මිණිපුර සටන ක්‍රිකට් තරගාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ඡායාරූප

මේ අපූරු හා නවමු ආකාරයේ තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා තරගාවලිය සංවිධානය කරනු ලැබූ  සීතාවක ජාතික පාසලේ දෙමාපිය එකමුතුව, සීතාවක ජාතික පාසලේ ක්‍රීඩා භාර ආචාර්ය අජිත් කුමාර, ක්‍රිකට් භාර ආචාර්ය රසික ඉලුක්පිටිය, ක්‍රිකට් භාර පුහුණුකරු, තරග විනිසුරුවරුන් නියෝජනය කරමින් නිශාන්ත කුමාර යන මහත්වරුන් හා එම විද්‍යාලවල විදුහල්පතිවරුන් හා අනුග්‍රාහක භවතුන් රැසක් පැමිණ සිටියහ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<