දස වසරකට පසු සමස්ථ ලංකා හොකි ශුරතාවය විශාඛාවන්ට

887

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද 32වැනි සමස්ථ ලංකා හොකි තරගාවලිය පසුගියදා කොළඹ කෘත්‍රිම හොකි ක්‍රීඩාංගාරයේදි අවසන් විය.

දිවයිනේ සියළුම පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් තරඟාවලිය සඳහා සහභාගි වි තිබුණි. මෙවර හොකි ශුරතාව තමන් සතු කරගන්නට කොළඹ විශාඛා විද්‍යාලයේ හොකි ක්‍රීඩිකාවන් සමත් වු අතර වසර 10කට පසු ඔවුන් මෙම ශුරතාවට හිමිකම් කිම විශේෂත්වයක් විය.

මුලික වටයේ තරඟවලින්ම ඉතා සුවිශේෂී තරඟ රටාවක් පෙන්නුම් කරමින් තරඟාවලියට පිවිසි විශාඛාවන් තිරණාත්මක අවසන් මහා තරඟයේදි ඉතා පහසු ජයක් ලබා ශුරතාවට හිමිකම් කියන ලදි. ජයග්‍රාහී කණ්ඩායමේ නායකත්වය හර්ෂි නානායක්කාර විසින් හෙබවු අතර උපනායිකාව ලෙස ශිල්පා අබේරත්න කටයුතු කලේය.