ඔමල්කගේ වික්‍රමයට කාලය හරස් කපයි

499

ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම හා මැලේසියානු ජාතික කණ්ඩායම් අතර අද (04) පැවති සුහද තරගයෙන් ලකුණු 31-26ක් ලෙස ජයග්‍රහණය දිනා ගත්තේ මැලේසියානු ජාතික කණ්ඩායම විසිනි. බුකිට් ජලීල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම එරට දී සහභාගී වන සුහද පුහුණු තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය විය.

ශ්‍රී ලංකාවෙන් බාබේරියන්ස්ට හොඳ සංග්‍රහයක්

අද (2) මැලේසියාවේ UPM ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු ශ්‍රී ලංකා සභාපතිගේ රග්බි….

ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5.30 පමණ ආරම්භ වූ මෙම තරගයේ කණ්ඩායම් දෙකේම පන්දුව හැසිරවීමේ දුර්වලතා වැඩියෙන් දක්නට ලැබුණ අතර මොහොතින් මොහොත ක්‍රීඩකයින්ගේ අතින් පන්දුව ගිලිහී යාමෙන් Knock On අවස්ථාවන් බොහොමයක් සිදු විය.

තරගය ආරම්භ වී තෙවැනි මිනිත්තුවේ දී සිදු වූ අතපසුවීමක් නිසාවෙන් ශ්‍රී ලංකාවට දඬුවම් පහරක් හිමි වූ අතර එය සාර්ථක කර ගැනීමට සැමුවෙල් මදුවන්ත සමත් විය. (ශ්‍රී ලංකාව 03-00 මැලේසියාව)

තරගයේ 8 වැනි මිනිත්තුවේ දී මැලේසියානු කණ්ඩායමට එරෙහිව තවත් දඬුවම් පහරක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ අතර එය ද සාර්ථක කර ගැනීමට සමුවෙල්ට හැකි විය. (ශ්‍රී ලංකාව 06-00 මැලේසියාව)

තරගයේ 18 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ අතින් සිදු වූ අතපසුවීමක් හේතුවෙන් මැලේසියානු කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වූ අතර මොහොමඩ් ෆයිරූස් එය සාර්ථක කර ගනිමින් මැලේසියානු ලකුණු පුවරුව ආරම්භ කිරීමට සමත් විය. (ශ්‍රී ලංකාව 06-03 මැලේසියාව)

ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිදායක ලෙස පළමු අර්ධය ගෙවී ගිය මොහොතක තරගයේ 22 වැනි මිනිත්තුවේ දී අලංකාර Cross Kick එකක් භාවිතයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අභිබවා ගොස් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට මැලේසියානු ක්‍රීඩක වයි වයි (Wye Wye) සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට අමීරුල් ආකිල්ට හැකි විය. (ශ්‍රී ලංකාව 06-10 මැලේසියාව)

ක්‍රීඩාවත් සමඟ සහජීවනයෙන් නැඟිටිමු – ක්‍රීඩා ඇමති

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් අද (02) ක්‍රීඩා…..

නැවතත් තරගයේ 25 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ මැලේසියානු ක්‍රීඩක එටෝනියා වකා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂක පවුරු බිඳ හෙළමින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තන ද සාර්ථක කරගැනීමට ආකිල්ට හැකි විය. (ශ්‍රී ලංකාව 06-17 මැලේසියාව)

තරගයේ ග්‍රහණය තමන්ගේ යටතට ගැනීමට මැලේසියානු කණ්ඩායම සමත් වූ අතර තරගයේ 30 වැනි මිනිත්තුවේ දී මැලේසියානු ක්‍රීඩක මොහොමඩ් ස්යාහිර් ධවල රේඛාවෙන් එපිටට පන්දුව රැගෙන ගියේ තවත් උත්සාහක දිනුමක් මැලේසියාව වෙනුවෙන් වාර්තා කරමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ආකිල් සමත් විය. (ශ්‍රී ලංකාව 06-24 මැලේසියාව)

පළමු අර්ධය: ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම 06 – 24 මැලේසියානු කණ්ඩායම

දෙවන අර්ධය ආරම්භ වූ මොහොතේ පටන් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිවාදීන්ට සටනක් දෙන්නට සූදානම් වූ අතර මැලේසියානු කණ්ඩායමෙන් සිදු වූ අතපසුවීමක් හේතුවෙන් ශ්‍රී ලංකාවට දඬුවම් පහරක් හිමි විය. එය සාර්ථක කර ගැනීමට තිළිණ විජේසිංහ සමත් විය. (ශ්‍රී ලංකාව 09-24 මැලේසියාව)

මේ වන තෙක් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ රැස්කර ගෙන ඇති ලකුණු සියල්ලක්ම දඬුවම් පහරවලින් රැස් කර ගත් ලකුණු වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කොතෙක් උත්සහ කළ ද ඔවුන්ට මැලේසියානු ආරක්ෂාව බිඳ හෙළීමට නොහැකි විය. ඒ අතර මැලේසියානු ක්‍රීඩකයෙකු අතින් සිදු වූ වරදකට ශ්‍රී ලංකාවට තවත් දඬුවම් පහරක් හිමි විය. එය සාර්ථක කරගැනීමට තිළිණට හැකි විය. (ශ්‍රී ලංකාව 12-24 මැලේසියාව)

අන්තර් පාසල් රග්බි ලීගය නැවතත් කරලියට!

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය පසුගිය පාස්කු ඉරු දින (21)….

ශ්‍රී ලංකා කණ්ඩායම දඬුවම් පහර මගින් ලකුණු ලබා ගන්නා අවස්ථාවක මැලේසියානු ක්‍රීඩක එටෝනියා දෙවැනි වරටත් පන්දුව ධවල රේඛාවෙන් එපිටට රැගෙන ගියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තවත් අසරණ කරමිනි. ආකිල්ට එහි ප්‍රවර්තනය මග හැරුණේ නැත. (ශ්‍රී ලංකාව 12-31 මැලේසියාව)

ශ්‍රී ලංකා කණ්ඩායම අසරණ වී සිටි මොහොතක නායකත්වයේ වගකීම් සිය කර මතට ගත් ඔමල්ක ගුණරත්න ප්‍රතිවාදීන් නොසිතූ මොහොතක උත්සාහක දිනුමක් වාර්තා කරන්නේ කණ්ඩායමේ ජයග්‍රහණ බලාපොරොත්තු ඉහළ නංවමිනි. තිළිණ විසින් ප්‍රවර්තනය සාර්ථක කරගන්නා ලදි. (ශ්‍රී ලංකාව 19-31 මැලේසියාව)

ශ්‍රී ලංකා කණ්ඩායම තවත් උද්දාමයට පත්කරමින් නායක ඔමල්ක ගෝල කනු යටින්ම සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළේ ශ්‍රී ලංකාව ජයග්‍රහණයට මදක් සමීප කරමිනි. තිළිණ ද සිය උපරිම කණ්ඩායම වෙනුවෙන් ලබා දෙමින් ප්‍රවර්තනය සාර්ථක කර ගත් නමුත් ශ්‍රී ලංකාවට කාලය හරස් වීම හේතුවෙන් පරාජය වන්න සිදු වූයේ ලකුණු 5 පරතරයකිනි.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම 26 (2T, 2C, 4P) – 31 (5T, 4C, 1P) මැලේසියානු කණ්ඩායම

ලකුණු රැස්කළ ක්‍රීඩකයින් –

  • මැලේසියාව: එටෝනි වකා (2T), අමීරුල් ආකිල් (4C), මොහොමඩ් ෆයිරූස් (1P), වයි වයි (1T), මොහොමඩ් ස්යාහිර් (1T)
  • ශ්‍රී ලංකාව: ඔමල්ක ගුණරත්න (2T), සැමුවෙල් මදුවන්ත (2P), තිළිණ විජේසිංහ (2C, 2P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<