Kohliගේ 100 නරඹන්න ප්‍රේක්ෂකයන්ට අවසර

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2022

2776
Kohli's 100th Test to welcome spectators in Mohali

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එළඹෙන සිකුරාදා (04) ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා ප්‍රේක්ෂකයන්ට සහභාගී වීමට අවසර ලබා දීමට කටයුතු කර ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් Jay Shah තහවුරු කර සිටියා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පංජාබ් හී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව ක්‍රීඩා කරන්නේ නැහැ. වර්තමානයේ පවතින තත්වය සැලකිල්ලට ගෙන ප්‍රාන්ත රජය විසින් මෙලෙස ප්‍රේක්ෂකයන්ට පැමිණීමට අවසර ලබා දී තිබුණා. මම පංජාබ් ක්‍රිකට් සංගමය සමඟ සාකච්ඡා කළ අවස්ථාවේ ඔවුන් තහවුරු කළා Virat Kohliගේ 100 වැනි තරගය නරඹන්නට ප්‍රේක්ෂකයන්ට අවසර හිමි වන බව.

අපි පටන් ගත්තේ බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය ප්‍රේක්ෂකයන් රහිතව ක්‍රීඩා කරලා. ඒත් පසුව සෞඛ්‍ය බලධාරීන්ගෙන් ලැබුණු උපදෙස් උඩ කල්කටා සහ ධර්මශාලා තරගවලට ප්‍රේක්ෂකයන්ට අවසර ලබා දුන්නා.

මම Virat Kohliගේ සියවැනි ටෙස්ට් තරගය බලන්න සූදානමින් ඉන්නවා වගේම ඔහුට සුබ පතනවා. මේක අපේ ප්‍රේක්ෂකයන්ට රස විදින්න අවස්ථාවක්. ඔහුට ඉදිරි තරග රැසකට රට නියෝජනය කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

බලන්න දැන් අපි සිටින්නේ පාලනය කළ හැකි දේවල් ගැන හිතන කාලයක. ප්‍රේක්ෂකයන් පැමිණෙන එක හොඳයි, ඒක ලොකු ශක්තියක්, ඒත් ඒක අපිට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

දැන් හැමෝගෙම හිතේ තියෙන්නේ ප්‍රේක්ෂකයන් නැති වුනොත් කොහොමද සූදානම් වෙන්නේ වගේම මානසිකත්වය කොහොමද තියා ගන්නේ කියලයි. මේක පැහැදිලිවම Virat Kohliට විශාල තරගයක්. ඔහු අපේ කණ්ඩායමට විශාල දායකත්වයක් ලබා දෙනවා, ඒත් අපේ මූලික අරමුණ තරගය ජය ගැනීමයි. ඊට පස්සේ අපි අනෙක් කරන්න ඕන දේවල් කරනවා”, යැයි Jay Shah ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි ටෙස්ට් තරගය මාර්තු 12 වැනිදා ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා 50%ක ප්‍රේක්ෂක ධාරිතාවයකට අවසර හිමිව තිබීම විශේෂත්වයක්.

Cricbuzz වෙබ් අඩවිය ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<