පන්දුව සමඟ සෙල්ලම් දැම්ම Jadejaට දඬුවමක්

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023

267

තරග විනිසුරුවරුන් දැනුවත් නොකර පන්දු යවන අතේ ඇඟිල්ලට යම් ආලේපනයක් ආලේප කිරීමට නිසා ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක Ravindra Jadeja හට තරග ගාස්තුවෙන් 25%ක දඩයක් සහ එක් දඬුවම් ලකුණක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

මෙම සිදුවීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කළේ,

“මෙම ආලේපනය ඔහුගේ පන්දු යවන අතේ ඇඟිල්ලක සිදු වූ ඉදිමීමක් නිසා වේදනාව අවම කර ගැනීමට ආලේප කළ බව ඉන්දීය ක්‍රිකට් බලධාරීන් පැහැදිලි කළ නමුත් එය විනිසුරුවරුන් දැනුවත් කිරීමකින් තොරව සිදු කර ඇත.

එම නිසාවෙන් ඔහුට මෙම දඬුවම සමඟ පළමු මට්ටමේ වරදකට දඬුවම් පැනවීමට කටයුතු කළ අතර තරග තීරකයා ද එම දඬුවමින් සෑහීමකට පත්වනු ඇත. ඔහු එය ආලේප කළේ සම්පූර්ණ වශයෙන් වෛද්‍ය කටයුත්තක් සඳහා පමණක් බවත්, එය පන්දුව පළුඳු කිරීමට උත්සහයක් නොවන බව ද තරග තීරකයාගේ අදහසයි.”

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති පළමු ටෙස්ට් තරගයේ ඕස්ට්‍රේලියා පළමු ඉනිමේ 46 වැනි පන්දුවාරයේ දී Jadeja ඇඟිල්ලක යම් ආලේපනයක් ගල්වන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ අතර හිටපු එංගලන්ත නායකයෙකු වන Michael Vaughan ද එම සිදුවීම පිළිබඳව ප්‍රශ්න කර තිබුණා.

එමෙන්ම එම සිදුවීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායම කිසිඳු පැමිණිල්ලක් සිදු නොකළ බව සහ පිටියේ විනිසුරුවන්ගේ දැනුම් දීම මත මෙම දඬුවම පැනවූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිවේදනයේ සඳහන් වුනා.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<