අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට දින තීන්දුයි

අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

730

ටෙස්ට් තරගයකින් සහ එක්දින තරග දෙකකින් යුත් තරගාවලියක් සඳහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි.

එම තරගාවලියේ නිල තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර තිබෙන අතර ඒ අනුව තරගාවලිය ආරම්භ කරමින් පළමු සහ එකම ටෙස්ට් තරගය අප්‍රේල් 18 වැනිදා සිට 22 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරග දෙකකින් යුත් එක්දින තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර පළමු තරගය අප්‍රේල් 26 වැනිදා සහ දෙවැනි තරගය අප්‍රේල් 28 වැනිදා පැවැත්වීමට නියමිතයි.

අයර්ලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරයට එක් වීමට පෙර බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරගයක, එක්දින තරග තුනක සහ විස්සයි විස්ස තරග තුනක තරගාවලියකට සහභාගී වීමට සැලසුම් කර තිබෙනවා.

අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග කාලසටහන,

  • පළමු සහ එකම ටෙස්ට් තරගය – අප්‍රේල් 18 සිට 22 දක්වා (ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය)
  • පළමු එක්දින තරගය – අප්‍රේල් 26 (ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය)
  • දෙවැනි එක්දින තරගය – අප්‍රේල් 28 (ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය)

තරගාවලියේ තොරතුරු ඇතුළු දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<