ඕස්ට්‍රේලියා වේදිකාවෙන් බැස යන පීටර් සිඩ්ල්

110

ඕස්ට්‍රේලියාවේ ප්‍රවීණ වේගපන්දු යවන ක්‍රීඩක පීටර් සිඩ්ල් වසර 11කට පසු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබේ.  සිඩ්ල් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 67කට ක්‍රීඩා කර ඇති අතර කඩුලු 221ක් එහි සාමාන්‍ය 30.66කි. ඔහු අවසන් වරට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළේ මේ වසරේ එංගලන්තයේ පැවති අළුබඳුන තරගාවලියේ පස්වැනි ටෙස්ට් තරගයේ දී ය.

බෝල්ට් නැති අඩුව මකන්නට සමර්විල්

දකුණතින් පිට දඟපන්දු යවන ක්‍රීඩක විල් සමර්විල් ……….

“ජේ.එල්, පේන් සහ මම, අපි අළුබඳුන තරගමාලාවේ මුලදී කතාබහ කළා මගේ සමුගැනීම ගැන. ඒක එංගලන්තයේ දී සිදුවීමට හැකියාවක් තිබෙන බව මම ඔවුන්ට කිව්වා.,” සිඩ්ල් ඉරිදා (දෙසැම්බර් 29) පැවසීය.  

“නමුත් යම් හැකියාවක් තියනවා නන් ඒක ඕස්ට්‍රේලියාවේ දී කරන්න මම උත්සාහ කළා. එතැනින් එහාට යාමට මම මගේ ක්‍රීඩා දිවිය ගැන සෑහීමකට පත්වෙනවා. නමුත් කුඩා, කුඩා බලාපොරොත්තුවක් තිබුණා පවුලේ අය සහ මිතුරන් ඉදිරියේ ඕස්ට්‍රේලියාවේ දී නැවත අවස්ථාවක් ලබා ගන්න. ඒත් ඒකට අවස්ථාව නැති වුනා. එය එසේ නොවීය යුතු, නමුත් මා සතුව තිබූ වෘත්තිය පිළිබඳව සෑහීමකට පත්විය හැකිය. 

කුඩා ළමයෙකු ලෙස, මම කිසි විටෙකත් ටෙස්ට් තරග 67ක් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වූයේ නෑ. මම ඉතා සතුටින් ඉන්නවා. මම පළමු පන්තියේ තරග 180ක් ක්‍රීඩා කර තියෙනවා.  ඒ නිසා එම කෙටි කාලය තුළ දිගු කාලීන ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඇති හැකියාව ගැන මම සතුටු වෙනවා, ඒ සියල්ලම ශරීරය නිවැරදිව තබා ගැනීම, සෞඛ්‍ය සම්පන්න ශරීරයක් පවත්වා ගැනීම සහ එම වසර පුරාම හැඩගැසීමට ඔබට හැකි හැකියාව නිසා ලැබුණ දේවල්. 

ඔබ ක්‍රිකට් ආරම්භ කරන විට ඔබ තරුණ හා  නැවුම්, ඔබට පහසුවෙන්ම වේගයෙන් පන්දු යැවිය හැකි, නමුත් ඔබ වයසින් වැඩෙත්ම සහ වැඩිපුර තරග ක්‍රීඩා කරන විට ශරීරය වෙහෙසට පත්වීමට පටන් ගන්නවා. ඒකට ගැළපෙන ලෙස ඔබ වෙනස් විය යුතුයි.”

ඕස්ට්‍රේලියාව සඳහා ටෙස්ට් තරගයේ දී වැඩිම කඩුලු ලබා ගත් 13 වැනි ක්‍රීඩකයා ලෙස සිඩ්ල් පත්ව ඇති අතර 2010 දී එංගලන්තයට එරෙහිව බ්‍රිස්බේන් හිදී ඔහුගේ උපන්දිනය වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තේය.  ඔහුගේ ටෙස්ට් දිවිය, ආරම්භ වූයේ 2008 වසරේ දී මෝහාලි හිදී ඉන්දියාවට එරෙහිවය. 2010 බ්‍රිස්බේන් හි පැවති අළුබඳුන ටෙස්ට් තරගයේ දී එංගලන්තයට එරෙහිව ලකුණු 54 කට කඩුලු 6ක් දවා ගැනීම ඔහුගේ ඉහලම දක්ෂතාවය ලෙස සටහන් වේ.

එම වසරේ දී ම ඉන්දියාවට එරෙහි තරගමාලාවේ දී සිඩ්ල් කඩුලු 23ක් දවා ගනිමින් ඕස්ට්‍රේලියාවට තරග 4-0ක් ලෙස තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීමට විශාල දායකත්වයක් සැපයීය. 2013-14 තරග වාරයේ දී සිඩ්ල් අළුබඳුන තරගාවලියේ දී කඩුලු 33ක් දවා ගැනීමට සමත් විය. ඉන් අනතුරුව පැවති අළුබඳුන තරගාවලි දෙකේ දී ඔහු පිළිවෙළින් කඩුලු 17ක් සහ 16ක් ලබා ගත් අතර එය අවසන් වරට ඔහු කඩුලු 10කට වඩා ලබා ගත් අවස්ථාව වේ. 

ආබාධයක් නිසාවෙන් කණ්ඩායමෙන් ඉවත්ව සිටි සිඩ්ල් 2018 ඔක්තෝබර් මාසයේ දී ඕස්ට්‍රේලියානු XI කණ්ඩායමට නැවත පැමිණියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරග දෙකකට සහභාගී වූ අවස්ථාවේ දී ය.  ඔහු ඊළඟට කැඳවනු ලැබුවේ 2019 අළුබඳුන සඳහා වන අතර එය ඔහුගේ අවසන් ජාත්‍යන්තර තරගාවලිය විය.

 “මට දීර්ඝ ක්‍රීඩා දිවියක් ලැබීමට උපකාරී වූ විවිධ හේතු තියෙනවා. නියත වශයෙන්ම මගේ ජීවන රටාවේ වෙනස්කම් ඒකට උදව් වුනා, ඒවා විශාල කාර්යභාරයක් ඉටු කර තියෙනවා. මට තවමත් ක්‍රීඩා කරන්න හැකි වීමට ඒවා විශාල උදව්වක් වෙනවා. ඔබට කොපමණ කාලයක් ක්‍රීඩා කළ හැකි ද යන්න ප්‍රශ්නයක් නොවේ. නමුත් ඉන් පසුව මම දිගු කාලීන විශ්‍රාම යාමට තීරණය කලා. මම ආයෙත් ක්‍රිකට් ක්‍රීඩා නොකරාවි. එබැවින් මට නිරෝගීව සිටින බව සහතික කර ගන්න අවශ්‍යයි, මට මගේ ජීවිතය පූර්ණ ලෙස ජීවත් වීමට අවශ්‍යයි. “

“මේ දක්වා මගේ වෘත්තීය ජීවිතය තුළ එය මට උපකාර කළා සේම, එය අවසන් වූ පසු එය මට දිගටම උදව් කරාවි. එය නියත වශයෙන්ම මා වෙනුවෙන් වැඩ කර ඇත, එය සෑම කෙනෙකුටම වැඩ නොකරනු ඇත, මම වෙනසක් කිරීමට විවිධ හේතු තියනවා. මම ගන්නේ වෙනස් ආහාර වේලක්. මම අනිවාර්යයෙන්ම එහි ප්‍රතිලාභ දැක තියෙනවා. මම මිනිසුන්ට පර්යේෂණ කර මා කළ දේ දෙස බලන්නැයි ආරාධනා කරනවා – වෙනසක් සිදු කරන විට සහ දේවල් ඇති ආකාරය දෙස බලන විට එතරම් පර්යේෂණ සිදු නොවීය. ඒත් නිසැකවම එය සොයා බැලීම වටිනවා.

එංගලන්තය පරාජය කරමින් දකුණු අප්‍රිකාව වැඩ අල්ලයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ……..

සිඩ්ල් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින තරග 20කට ක්‍රීඩා කර ඇති අතර ඔහු 2009 පෙබරවාරි මාසයේ දී ඕවර 50 එක්දින තරග සඳහා පිවිසියේය. ඔහුගේ අවසන් වරට එක්දින තරගයක් සඳහා ක්‍රීඩා කළේ ඉන්දියාවට එරෙහිව 2019 ජනවාරි මාසයේ දී ය. මේ වික්ටෝරියානු වේගපන්දු යවන ක්‍රීඩකයා එක්දින තරගවල දී කඩුලු 17ක් ලබාගෙන ඇත.  සිඩ්ල් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි විස්ස තරග දෙකකට සහභාගී වී ඇත. ඒ 2009 පෙබරවාරි මාසයේ දී නවසීලන්තයට සහ 2010 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවට එරෙහිවය. එහි දී ඔහු 7.25ක සාමාන්‍යයක් රඳවා ගෙන කඩුලු 3ක් දවා ගැනීමට සමත්ව ඇත. 

“සිඩ්ස් දිගු කලක් තිස්සේ කණ්ඩායමේ හදවත හා ආත්මය ලෙස සිටියා.” යැයි නායක ටිම් පේන් පැවසීය.  “මට මතකයි ඔහු සමඟ ඇකඩමි හරහා පැමිණීම. ඒ වන විටත් ඔහු විශිෂ්ට කණ්ඩායම් සාමාජිකයෙක්. ඔහු ඒක අද දක්වාම කරගෙන යන දෙයක්. ඔහු දැවැන්ත හදවතක් ඇති, අපූරු පන්දු යවන්නෙකි. ඔහුගේ සමුගැනීම කණ්ඩායම විශාල පාඩුවක් වෙනු ඇත. ඔහු වටා බොහෝ දේ මග හැරෙනු ඇත. ඔහු පසුගිය මාස 18 පුරා අපේ තරුණ වේගපන්දු යවන්නන්ට ඇදහිය නොහැකි තරම් ආදර්ශ ලබා දුන්නා. ඒ කාලය තුළ ඔහු මට විශාල සහයෝගයක් දුන්නා ” පේන් තවදුරටත් පැවසීය.

“මම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් අවුරුද්දකට පසු, මැටි හේඩ්න් සහ රිකී පොන්ටිං පීටර් සිඩ්ල් නම් පුද්ගලයා ගැන බලාපොරොත්තු තියාගෙන හිටියේ. ඔවුන් ද බලාපොරොත්තු තියාගෙන ඉන්නවා නම්, එය නිවැරදි බව මම දැනගෙන හිටියා.  එය සිඩ්ල්ගේ දක්ෂ ජාත්‍යන්තර වෘත්තීය ජීවිතය පුරාම ඔප්පු කළා” යනුවෙන් ජස්ටින් ලැන්ගර් පැවසීය. සිඩ්ල්ගේ විශ්‍රාම යාම පිළිබඳ පුවත 

 “ඔහු ඇදහිය නොහැකි තරමේ” එකක් බව ද ඔහු පැවසීය. 

“සිඩ්ල් අතිශය හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු කණ්ඩායමක ක්‍රීඩකයෙකුගේ සෑම දෙයක්ම තියන ක්‍රීඩකයෙක්. ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සහ ක්‍රිකට් ක්‍රීඩාවට ඔහුගේ හදවත සහ ආත්මය ලබා දී තියෙනවා. අපි ඔහුට ස්තූතිවන්ත වෙනවා ඔහු ජාතික කණ්ඩායමට ලබා දී ඇති දායකත්වය ගැන, මේ වසරේ එංගලන්තයේ අළුබඳුන රඳවා ගැනීමට අපට උපකාර කිරීමේ දී ඔහු ඉටු කළ තීරණාත්මක කාර්යභාරය වෙනුවෙන් අපි ඔහුට ස්තූතිවන්ත වෙනවා. තවමත් හොඳින් ක්‍රීඩා කරන විට තමයි ඔහු විශ්‍රාම යන්නේ.  පරිපූර්ණ ලෝකයක සෑම ක්‍රීඩකයකුටම අවශ්‍ය දේ තමයි හොඳින් ක්‍රීඩා කරන එක. ” ලැන්ගර් පැවසීය.

ඕස්ට්‍රේලියාවේ ගිම්හාන වීරයා – මාර්නස් ලබුශේන්

මෙවර අළුබඳුන තරගාවලියේ දෙවන තරගය පැවැත්වුනේ …….

කෙසේ වෙතත්, සිඩ්ල් ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් වෙනුවෙන් බිග් බෑෂ් ලීගය සහ වික්ටෝරියා කණ්ඩායම වෙනුවෙන් ෂෙෆීල්ඩ් පලිහ  වෙනුවෙන් දේශීය ක්‍රිකට් ක්‍රීඩා කරනු ඇත. ඔහු එසෙක්ස් වෙනුවෙන් ප්‍රාන්ත තරගද ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවේ. 

“මට තවමත් ක්‍රීඩා කිරීමට අවශ්‍ය වීමට එක් හේතුවක් නම්, මම යෞවනයන් සමඟ සෙල්ලම් කිරීමට ප්‍රිය කිරීම, ඔවුන් පරිණාමය වීම, ඔවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස වර්ධනය වීම දැකීමයි. ඊළඟ පරම්පරාවට උදව් කිරීමට හැකි නම් මට අවශ්‍ය ඒක. මට ඒ දේ පුළුවන්, මට වික්ටෝරියා කණ්ඩායම සමඟ එය කිරීමට හැකි වී තිබෙනවා, මම පසුගිය වසර කිහිපය තුළ එසෙක්ස් සමඟ එය බොහෝ දේ කර තියෙනවා මම ඒ දේ භුක්ති වින්දා.” 

තමන් පුහුණුකරු භූමිකාව බැහැර කර නොමැති බව සිඩ්ල්  පැවසීය. අනාගතයේ දී නමුත් පළමු පන්තියේ ක්‍රිකට් සහ බිග් බෑශ් ලීග් තරගාවලිය පිළිබඳව ඔහුගේ අවධානය දැන් යොමු වනු ඇතැයි ඔහු අවධාරනය කර ඇත.

“මම පුහුණුකරුවෙකු වන බලාපොරොත්තුව ඉවත් කරලා නෑ.  නමුත් මේ අවස්ථාවේ දී මට තවමත් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවශ්‍යයි. මම තවමත් පළමු පන්තියේ ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රිය කරමි, තවමත් බිග් බෑශ් තරගාවලියට ආදරෙයි, එය ඕවර හතරක් පමණයි. එය  ශරීරයටත් ගොඩක් හොඳයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<