කසුන් රිදී දිනයි

571

ජුනි 22 වැනිදා සිට 25 වැනිදා දක්වා ඉතාලියේ වැනීසියේ දී පැවැත්වුණු WBC Amazing Muay Thai Festival තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ කසුන් ගුණවර්ධන රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වුනා. 

WBC ජාත්‍යන්තර තරගාවලියක දී ශ්‍රී ලංකාවට ලැබුණු පළමු මුආයි තායි පදක්කම මෙය වනවා. මින් පෙර යොවුන් මුආයි තායි ලෝක කුසලාන තරගාවලියක දී ශ්‍රී ලංකාවට පළමු පදක්කම ගෙන ආවේ ද කසුන් විසිනුයි. ඔහුට මේ වන විට ලෝක මට්ටමේ තරගාවලි තුනක දී ජය ගත් පදක්කම් තිබෙනවා.

හිටපු පරිපාලකයන් හා තිබූ මතභේදයක් හේතුවෙන් කසුන් යම් කාලයකට ක්‍රීඩාව නවත්වා තිබුණා. එහෙත් WBC Sri Lanka ආයතනයේ නිර්මාතෘ සහ ජාත්‍යන්තර සම්බන්ධීකරණ නිලධාරි මිරාන් නිලංගන සහ WBC Sri Lanka සභාපති රොෂාන් දුමින්ද මහතාගේ මඟ පෙන්වීම මත මෙම තරගාවලියට සහභාගී වූ කසුන් රිදී පදක්කමක් ජය ගත්තා. 

මෙම තරගාවලියෙන් පසුව ඔහුට නොමිලේ පුහුණු වීමට ජාත්‍යන්තරයෙන් ආරාධනා කිහිපයක් ලැබී ඇති අතර ඒ පිළිබඳ ඔහුගේ පුහුණුකරු ජමිත ගයාන් විසින් ඒ පිළිබඳ කටයුතු කරමින් තිබෙනවා. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<