‘රිට්ස්බරි සුපර් 16 කනිෂ්ඨ රග්බි සැණකෙළිය’ සාර්ථකව අවසන්

රිට්ස්බරි ‘සුපර් 16 කනිෂ්ඨ රග්බි සැණකෙළිය 2022

285
CBL Foods International සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) නිලුපුල් ද සිල්වා මහතා 2022 රිට්ස්බරි පවර් සුපර් 16 රග්බි තරගාවලියේ අනුග්‍රාහකත්වය නිල වශයෙන් එම තරගාවලියේ සභාපති සුම්මා නවරත්නම් මහතා වෙත භාර දුන් අවස්ථාව.

ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රියතම චොක්ලට් සන්නාමය වන සිලෝන් බිස්කට් සමාගමේ ‘රිස්ට්බරි’ අනුග්‍රහකත්වයෙන් පවත්වනු ලැබූ 2022 රිට්ස්බරි ‘සුපර් 16 කනිෂ්ඨ රග්බි සැණකෙළිය’ (‘Ritzbury Super 16 Junior Rugby Carnival 2022’) මෙවරත් සාර්ථකව නිමාවට පත් විය.

මෙවර 12 වැනි වරටත් සංවිධානය වූ මෙම තරගාවලිය සඳහා රිට්ස්බරි අනුග්‍රහකත්වය හිමි වූයේ අඛණ්ඩව දෙවැනි වරටයි. නිරන්තරයෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතියට උර දෙන දේශීය සන්නාමයක් වශයෙන් සිලෝන් බිස්කට් සමාගමේ කැපවීම මෙම අනුග්‍රාහකත්වය හරහා තව දුරටත් පිළිබිඹු කරයි.

මෙවර තරගාවලියට වයස අවුරුදු 10න් පහළ සහ 12න් පහළ කාණ්ඩ යටතේ පාසල් 23ක් නියෝජනය කරමින් කණ්ඩායම් 112ක් සහභාගී විය. තරගාවලිය වට 4කින් සමන්විත වූ අතර එය කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී පවත්වන ලදි.

අනාගත පරපුරේ රග්බි ක්‍රීඩකයන්ට විනෝදාත්මක හා තරගකාරී පසුබිමක් තුළ තම කුසලතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් ලබා දීම මෙම තරගාවලියේ ප්‍රධානතම අරමුණ විය.

උද්‍යෝගයෙන් යුතුව ක්‍රීඩා කිරීමට සියලු දෙනා දිරිගැන්වීම සහ ක්‍රීඩාශීලීත්වය වර්ධනය කිරීම උදෙසා තරගාවලියේ ශූරතාව දිනූ කණ්ඩායමක් නම් නොකරන ලදි.

CBL Foods International සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) නිලුපුල් ද සිල්වා මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ, “මෙය අනාගත පරපුරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීම සඳහා අප ගන්නා උත්සාහයේ තවත් එක් පියවරක්. රිට්ස්බරි කවදත් රටේ යොවුන් දරුවන්ගේ ක්‍රීඩා හැකියාවන් දියුණු කිරීමට කැප වී ක්‍රියා කරනවා. එබැවින්, නැවත වරක් සුපර් 16 කනිෂ්ඨ රග්බි සැණකෙළියට සත්කාරක දායකත්වය ලබා දීමට හැකි වීම පිළිබඳ අප බෙහෙවින් සතුටට පත් වනවා. මෙවරත්, තරගාවලිය තුළ දී සියලු කණ්ඩායම් තම උපරිම දක්ෂතාවන් ප්‍රදර්ශනය කිරීමට සමත් වුනා,” යනුවෙනි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තරගාවලියේ සංවිධායක කමිටුවේ ලේකම් ෂහිඩ් සංගානි මහතා පැවසුවේ, දෙවැනි වරටත් මෙලෙස රිට්ස්බරි සමඟ අත්වැල් බැඳ ගැනීමට හැකි වීම අපට මහත් ශක්තියක්. මේ හවුල්කාරීත්වය මෙරට රග්බි ක්‍රීඩාවේ නියුතු ළමා පරපුරේ කුසලතා තවදුරටත් නංවාලීමට හේතු වනු ඇතැයි අප විශ්වාස කරනවා. මේ වසරේ දී පාසල් 23ක් නියෝජනය කරමින් කණ්ඩායම් 112ක් මෙම තරගාවලියට එක්වී සිටියා. ඒ නිසා මෙය අතිශයින් සාර්ථක බව කියන්නට පුළුවන්,” යනුවෙනි.

රග්බි ක්‍රීඩාවට අමතරව රිට්ස්බරි තවත් ක්‍රීඩාවන් රැසකට අනුග්‍රාහක දායකත්වය ලබා දී ඇත. රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලිය, විදුදය රිට්ස්බරි පිහිනුම් ක්‍රීඩා තරගාවලිය, රිට්ස්බරි කනිෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතාවලිය සහ SLTA Tennis Tens All Island School Kids Tennis Play Day වැඩසටහන ආදිය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

මාධ්‍ය නිවේදනයකි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<