රසාංජන හා මෙන්ඩිස් තුන් ඉරියව් දස්කම් අතරට

176

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (12) ක්‍රියාත්මක විය.

ලකුණු පසුපස හඹායන සන්තුෂ්ගෙන් තවත් ශතකයක්

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දස්කම් ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් තැනී තිබෙන වේදිකාවක් වන සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක්…

නාලන්දා විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විද්‍යාලය

නාලන්දා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකරදෙමින් මේ තරගය අවසන් විය.

D කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක නාලන්දා විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර තරගයේ අද දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔවුන් සියල්ලන්ම දැවී ලකුණු 309ක් ලබාගෙන ඉතාමත් හොඳ ස්ථාවර මට්ටමක සිටියේය.  

ඉන් අනතුරුව පිටියට පැමිණි ඩී. එස්. සේනානායක විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 259ක් වන අතර පසිඳු ආධිත්‍ය ශතකයක් ලබාගෙන  ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිම සැලකිය යුතු ලකුණු පුවරුවක් වෙත රැගෙන එන ලදි. මෝක්ෂ සංකල්ප ලකුණු 55යි.

ලකුණු 50ක පළමු ඉනිමේ වාසියක් හා පළමු ඉනිමේ ජයග්‍රහණය ද අතැතිව පිටියට පැමිණි නාලන්දා විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 124ක් ලබාගෙන සිටිය දී තරගය අවසන් කර දැමීමට විනිසුරුවරුන් තීරණය කළේය. තරගය පුරාවට සිය තුන් ඉරියව් දස්කම් දැක්වූ ලක්ෂිත රසාංජන පන්දු යැවීමේ දී කඩුලු 4ක් දවා ගත්තේය.

නාලන්දා විද්‍යාල පළමු ඉනිම  – 309 (98.3): ලක්ෂිත රසාංජන 141, මෝක්ෂ සංකල්ප 55, මහීම වීරකෝන් 36, මුදිත ලක්ෂාන් 3/83, චමත් යටවර 2/98.

ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිම – 259 (68.5): පසිඳු ආධිත්‍ය 108, අමිත දාබරේ 38, චමත් යටවර 25, අභිෂේක් ලියනාරච්චි 25, ලක්ෂිත රසාංජන 4/68, කවිෂ මදුරප්පෙරුම 3/39.

නාලන්දා විද්‍යාල දෙවන ඉනිම – 124/0 (32): අවිශ්ක පෙරේරා 81*, රනිඳු ද සිල්වා 43*

නිපුන් මාලිංගගෙන් ශතකයක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තරග අතුරින් ඊයේ (11) දවසේ කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට…

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා කඳාන ද මැසනොඩ් විද්‍යාලය

වේල්ස් කුමර විදුහල් පිටියේ දී පැවැත්වෙන B කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනූ වේල්ස් කුමර විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර වේල්ස් කුමර විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 335ක් ලබා ගෙන සිය පළමු ඉනිම අත්හිටුවන ලදි.

වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් දකුණතින් පිත්ත හැසිර වූ සුවත් මෙන්ඩිස් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 84ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය. ඊට අමතරව දිනුර ප්‍රනාන්දු හා ප්‍රින්ස් ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් අර්ධ ශතක ලබා ගත්තේය.  ද මැසනොඩ් විද්‍යාලයීය පළමු ඉනිම ලකුණු 69ක් තුල දැවී ගිය නිසාවෙන් නැවත වතාවක් ඔවුන්ට පිතිකරණයේ වීමට වේල්ස් කුමාර විද්‍යාලය අවස්ථාව ලබා දුනි. ඒ නිසාවෙන් තරගයේ පළමු දිනය අවසන් වෙද්දී සිය දෙවන ඉනිම වෙනුවෙන් ද පිටියට පැමිණීමට ද මැසනොඩ් විද්‍යාලයට සිදු විය.

පන්දු යැවීමේ දී දඟපන්දු යැවූ නායක සුවත් මෙන්ඩිස්  පිතිකරණයෙන් දැක්වූ දස්කම්වලට අමතරව ලකුණු 31කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිම – 335/4 d (65): සුවත් මෙන්ඩිස් 84, දිනුර ප්‍රනාන්දු 55*, ප්‍රින්ස් ප්‍රනාන්දු 54, විනුජ රන්පුල් 51, දේවක පීරිස් 44*, තරිඳු අමරසිංහ 42, සඳෙව් මෙවන් 2/80.

ද මැසනොඩ් විද්‍යාල පළමු ඉනිම –  69 (24.5): සුවත් මෙන්ඩිස් 4/31, නදුක් ප්‍රනාන්දු 3/18

ද මැසනොඩ් විද්‍යාල දෙවන ඉනිම (පළමු දිනය අවාසනයේ) – (F/O) – 0/0 (3)

Photos: St. Peter’s College v St. Sebastian’s College | Singer U19 Cricket Tournament 2018/19

ThePapare.com | Hiran Weerakkody | 12/01/2019 Editing and re-using images without permission of ThePapare.com…

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා මරදාන සහිරා විද්‍යාලය

B කාණ්ඩයේ තරගයක් ලෙස ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ධර්මාශෝක විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 128කට සීමා විය.

එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දකුණතින් පිත්ත හසුරුවන අරෝෂණ ද සොයිසා ලකුණු 42ක් ලබා ගත් අතර අනෙක් අන්තයෙන් ඔහුට සහාය වූ චමිඳු ඩිල්ශාන් ලකුණු 27*යි. පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අරවින්ත් හා  මොහොමඩ් දිල්හාන් කඩුලු 3 බැගින් දවා ගත්තේය.

තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සහිරා විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 69ක් ලබාගෙන සිටියේ ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 59ක් පසුපසින් සිටිමිනි.

ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිම – 128 (36): අරෝෂණ ද සොයිසා 42, චමිඳු ඩිල්ශාන් 27*, මොහොමඩ් අරවින්ත් 3/08, මොහොමඩ් දිල්හාන්  3/37.

සහිරා විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 69/3 (30): චතුර දිල්රුක්ෂණ 33.

මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය

C කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ධර්මරාජ විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත සර්වේසස් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 87ක් ලබාගෙන ඉතාමත් හොඳ ස්ථාවර මට්ටමක සිටියේය.

පළමුව පන්දුවට පහර දුන් ධර්මරාජ විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් ඉසුරු දයානන්ද ලකුණු 69ක් රැස්කරගත් අතර සාන්ත සර්වේසස් විද්‍යාලයේ ශශික දුල්ශාන් කඩුලු 4යි.

ධර්මරාජ විද්‍යාල පළමු ඉනිම – 279 (71.2): ඉසුරු දයානන්ද 69, ශශික දුල්ශාන් 4/52, කේෂර නුවන්ත 3/25, රුවින්ද රෝචන 2/02.

සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 87/3 (27):

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග සියල්ලම හෙට (13) දෙවන දිනයටත් ක්‍රියාත්මක වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<