Ishant Sharma සුවිශේෂී වාර්තාවක හිමිකරුවෙකු වෙයි

209
Ishant Sharma

ඉන්දීය කණ්ඩායමේ වේගපන්දු යවන්නෙකු වන Ishant Sharma ඊයේ (08) දිනයේ දී සුවිශේෂී වාර්තාවකට හිමිකම් කීමට සමත් වුනා. ඒ ටෙස්ට් කඩුලු 300 සීමාව පසු කර ගිය හයවැනි ඉන්දීය පන්දු යවන්නා බවට පත් වෙමින්.

ඉන්දීය එංගලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ එංගලන්ත කණ්ඩායමේ දෙවන ඉනිමේ දී එංගලන්ත පිතිකරුවෙකු වන Dan Lawrence දවා ගැනීමත් සමඟ ඔහු සිය කඩුලු 300 සීමාව සම්පූර්ණ කළා. 

පසුගිය වසර කීපය තුළ ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය වේගපන්දු යවන්නෙකු වූ Ishant Sharma ඉන්දීය වේගපන්දු බලඇණියට මහත් ශක්තියක් බවට පත්වුනා. නිහඬ දඩයක්කාරයා ලෙස හැඳින්වෙන ඔහු ඉන්දීය කණ්ඩායම ටෙස්ට් ජයග්‍රහණවල දී ඉටු කළ මෙහෙය අපමණයි.

ලකුණු 500 සීමාව පසුකර ගිය එංගලන්ත පළමු ඉනිමේ දක්ෂ පන්දු යැවීමක නිරත වූ Ishant Sharma එහි දී පන්දුවාර 27ක් තුළ ලකුණු 52කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා. එංගලන්ත පිතිකරුවන් වන Jos Butter සහ Jofra Archer පිටපිට පන්දු දෙකක් තුළ දවා ගැනීමට ඔහු සමත් වුනා.

Ishant Sharma ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මේ දක්වා ටෙස්ට් තරග 98කට ක්‍රීඩා කර තිබෙනවා. කඩුලු 300 සීමාව පසුකර ගිය සෙසු ක්‍රීඩකයන් අතරින් ඔහු වැඩි තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කර තිබීම විශේෂත්වයක්.

තවත් ක්‍රිකට් පුවත්:

Ishant Sharma ටෙස්ට් කඩුලු 300 සීමාව පසුකර යාමට තරග 98ක් වැය කිරීමට ප්‍රධානම හේතුව වූයේ ඔහු තරග තුළ දිගු පන්දුවාර සංඛ්‍යාවක් එකවර නොයැවීමයි. එක් අන්තයකින් පිතිකරුවන්ට පීඩනයක් ලබා දීමට අවශ්‍ය වූ විට ඔහුගේ පන්දු යැවීම වඩාත් ඵලදායී ලෙස යොදා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා. ඔහුගේ වේගපන්දුව හමුවේ අනෙක් අන්තයෙන් සෙසු පන්දු යවන්නන්ට කඩුලු ලබාගැනීම පහසු වුනා.

කෙසේ වෙතත් 2015 වසරේ දී ඔහුගේ පන්දු යැවීමේ සුවිශාල වෙනසක් සිදු වුනා. Full Length කලාපයේ නව පන්දුවක් සාර්ථක ලෙස යොදා ගැනීමට ඔහු සමත් වීමත් සමඟ ඔහුගේ කඩුලු දඩයම වඩාත් සාර්ථක එකක් බවට පත් වුනා. නව පන්දු යවන්නෙකු ලෙස තම ක්‍රිකට් දිවිය ආරම්භ කළ Ishant Sharma ඉන් අනතුරුව කඩුලු විශාල ප්‍රමාණයක් දවා ගැනීමට සමත් වුනා. විටෙක ඉන්දීය වේගපන්දු බල ඇණිය මෙහෙයවීමේ වගකීම ද ඔහුට පැවරුණා. ඉන්දීය කණ්ඩායම තරුණ වේගපන්දු යවන්නන් කීපදෙනෙකු කණ්ඩායමට එක්කර ගැනීමත් සමඟ Ishanth sharma ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට සිය සේවය ලබා දුන්නා.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් කඩුලු 300 සීමාව පසුකර යාමට සමත්ව ඇත්තේ වේගපන්දු යවන්නන් දෙදෙනෙකු පමණි. ඒ කඩුලු 434ක් දවා ගත් Kapil Dev සහ කඩුලු 311ක් දවා ගත් Zaheer Khan ය. ඉන්දීය පන්දු යවන්නන් වන Anil Kumble, Harbhajan Singh සහ Ravichandran Ashwin කඩුලු 300 සීමාව  පසු කර ගිය සෙසු පන්දු යවන්නන් වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<