උෂාන් තිවංක පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙන් ඉවතට!

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

429

පෞද්ගලික හේතුවක් නිසාවෙන් උස පැනීමේ ශූර උෂාන් තිවංක පෙරේරා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිනා ගත හැකි මට්ටමේ සිටි උෂාන් එම තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි ඉහළම පදක්කම් බලාපොරොත්තුවක්.

මංජුල කුමාරගෙන් පසුව උස පැනීම ඉසව්වෙහි ඉහළ දස්කම් දැක්වූ උෂාන් පසුගිය වසරේ මීටර් 2.30ක දස්කමක් දක්වමින් උස පැනීමේ දකුණු ආසියානු වාර්තාව පිහිටුවීමට සමත් වුනා.

උෂාන් හට පසුගිය වසරේ පැවති ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහ මෙවර ලෝක ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමට විශාල අවස්ථාවක් තිබුනත්, ඒ සඳහා අවශ්‍ය තරගාවලි සඳහා සහභාගී වීමට නොහැකි වීම නිසා ඔහුට එම අවස්ථාව අහිමි වුනා.

මෙවර තරගවාරයේ දී ද ඉහළ දස්කම් දැක්වූ උෂාන්ගේ අහිමි වීම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතයට ඉමහත් පාඩුවකි.

Ceylon Athletics ඇසුරිනි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<