SLC වෙතින් පර්සි අබේසේකරට පරිත්‍යාගයක්

307

දීර්ඝ කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානතම දිරි ගන්වන්නා වූ පර්සි අබේසේකර මහතාට රුපියල් මිලියන පහක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

පසුගිය කාලසීමාවේ අසනීප තත්වයෙන් පසු වූ ඔහුගේ සෞඛ්‍ය සහ ප්‍රතිකාර කටයුතු සඳහා මෙම පරිත්‍යාගය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ඔහුට මෙම පරිත්‍යාගය කිරීමට තීරණය කර තිබෙනවා.

“පර්සි දිරි ගන්වන්නෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට දැක්වූ දායකත්වය අපමණයි. ඔහු ක්‍රීඩකයින්ට සහ ක්‍රීඩාවට දැවැන්ත කුළුණක් වූ වී තිබෙනවා. එය එසේ ලබා දීමට සහ ඔහුගේ යහපැවැත්ම ගැන සොයා බලන්න අපේ වාරය මේක,” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා විසින් පර්සි අබේසේකර මහතාගේ සුව දුක් විමසීමට ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ මෙම පරිත්‍යාගය සිදු කර තිබුණා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වෙන රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<