Home Sinhala ත්‍රිත්ව ක්‍රීඩකයෝ නැවතත් ශූරතාව මහනුවරට රැගෙන යයි

ත්‍රිත්ව ක්‍රීඩකයෝ නැවතත් ශූරතාව මහනුවරට රැගෙන යයි

U 19 Division 1 Tier A Inter-Schools Limited Overs Tournament

430
Trinity College

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරනු ලැබූ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ Tier A කාණ්ඩයේ අවසන් මහා තරගයේ දී කඩුලු 2ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ශූරතාව දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයෝ අද (21) සමත් වුනා.  

කොළඹ, තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ ප්‍රතිවාදීන් වූයේ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයයි.  

පසුගිය වසරේ ද ශූරයන් වූ ත්‍රිත්ව ක්‍රීඩකයෝ මෙවර අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නේ අවසන් පූර්ව වටයේ දී කොළඹ රාජකිය විද්‍යාලය පරාජය කරමින්. සාන්ත ජෝසප් විද්‍යාලය කඳාන ද මැසිනෝද් විද්‍යාලය පරාජය කරමින් මෙම තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.  

ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම: මනුල කුලරත්න (නායක), විදුක ධම්මගේ, වතිල උදාර, සුපුන් වඩුගේ, දිනූෂ පීරිස් (කඩුලු රකින්නා), ජනිත් රවිශ්ක, ජයවි ලියනගම, දිනුක තෙන්නකෝන්, තරණ විමලධර්ම, රජිඳු තිලකරත්න, මලිත් රත්නායක. 

සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම: ලහිරු අමරසේකර (නායක), අභිශේක් ජයවීර, හිරුන් කපුරුබණ්ඩාර, නුශාන් පෙරේරා, අවීෂ සමාෂ්, හිරාන් ජයසුන්දර (කඩුලු රකින්නා) රිශ්ම අමරසිංහ, මානස මධුභාෂණ, දුනික් පෙරේරා, යෙනුල දෙව්තුස, ඩේමියන් ද සිල්වා. 

කාසියේ වාසිය දිනා ගත් ත්‍රිත්ව විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත ජෝසප් විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 135ක් ලබා ගත්තා. එම අභියෝගය කඩුලු 8ක් පමණක් දැවී පසු කිරීමට ත්‍රිත්ව ක්‍රීඩකයෝ සමත් වූයේ තවත් පන්දු 63ක් ද ඉතිරි කර ගනිමිනුයි.  

මන්දගාමී සාන්ත ජෝසප් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ මානස මධුභාෂණ. අංක 7 ස්ථානයෙන් පිටියට පිවිසි ඔහු පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තා.  

ඊට අමතර ව නායක ලහිරු අමරසේකර පන්දු 39කට මුහුණ දෙමින් හතරෙ පහරක් සමඟින් ලකුණු 21ක් එක් කළා.  

ඔවුන් දෙදෙනා එක් ව 7 වැනි කඩුල්ලට පන්දු 81ක දී ලකුණු 30ක සබඳතාවක් එක් කළ අතර එය ඉනිමේ හොඳම සබඳතාව බවට ද පත් වූවා.  

ඊට අමතර ව අවීෂ සමාශ් පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ද සහ ආරම්භක පිතිකරු හිරුන් කපුරුබණ්ඩාර පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ද ලබා ගත්තා.  

සාන්ත ජෝසප් ඉනිම මේ තරමින් පාලනය කිරීමේ දී තරණ විමලධර්ම ලකුණු 22කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඔහු ඒ සඳහා පන්දුවාර 9ක් උපයෝගී කර ගත්තා.   

ඊට අමතර ව දිනුක තෙන්නකෝන් සහ මලිත් රත්නායක කඩුලු 2 බැගින් ද සහ මනුල කුලරත්න සහ ජයවි ලියනගම විසින් කඩුල්ල බැගිනුත් ද බෙදා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාලයේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 29ක් වෙද්දී නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට සාන්ත ජෝසප් පන්දු යවන්නෝ සමත් වූවා. එකී දක්ෂතාවත් සමඟින් තරගයේ පාලනය සාන්ත ජෝසප්වරුන් වෙත නතු වෙන ආකාරයක් පැවැතියා.  

නමුත් එක් අන්තයක් ආරක්ෂා කර ගත් අංක 3 පිතිකරු සුපුන් වඩුගේ ත්‍රිත්ව විද්‍යාලය ජය මාවතට ගෙන ගියා. තරගයේ 2 වැනි පන්දුවේ සිට පිටියට එක් වූ සුපුන් වඩුගේ, දැවී යන විට ත්‍රිත්ව විද්‍යාලයීය ලකුණු පුවරුව නෙල්සන් ඉලක්කම (111) දක්වා පැමිණ තිබුණා. 

ඒ වෙද්දී ඔහු පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 60ක් ලබා සිටි අතර ඔවුන්ට කඩුලු 6ක් අහිමි ව තිබුණා.  

එතැන් සිට තරගයේ පාලනය ජයවි ලියනගම වෙත පැවැරුණා. ඔහු තරගය අවසන් වෙද්දී පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 16ක් ලබා සිටියා. 

ඊට අමතර ව වතිල උදාර සහ නායක මනුල කුලරත් ලකුණු 14 බැගින් ලබා ගනිමින් තම කණ්ඩායමේ ජයග්‍රහණයට උර දුන්නා.  

කඩුලු බිඳ දැමීමේ දී යෙනුල දෙව්තුස ලකුණු 32කට කඩුලු 3ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීම වාර්තා කරද්දී නුශාන් පෙරේරා ද කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතර ව දුනික් පෙරේරා, මානස මධුභාෂණ සහ ඩේමියන් ද සිල්වා කඩුල්ල බැගින් බෙදා ගත්තා.   

සාන්ත ජෝසප් සහ ත්‍රිත්ව 

අවසන් මහා තරගය, කොළඹ 7, නොවැම්බර් 21, 2023, U19 Division 1 Tier A Inter-Schools Limited Overs Tournament

    • ක්‍රීඩාංගණය – තර්ස්ටන්, කොළඹ 7 
    • කාසියේ වාසිය – ත්‍රිත්ව විද්‍යාලය 

සාන්ත ජෝසප් විද්‍යාලය – සියලුම දෙනා දැවී 135 (50) අවීෂ සමාෂ් 20, මානස මධුභාෂණ 37, ලහිරු අමරසේකර 21, දිනුක තෙන්නකෝන් 2/36, තරණ විමලධර්ම 3/22, මලිත් රත්නායක 2/26 

ත්‍රිත්ව විද්‍යාලය – කඩුලු 8ක් දැවී  139 (39.3) සුපුන් වඩුගේ 60, ජයවි ලියනගම නොදැවී 16, නුශාන් පෙරේරා 2/25, යෙනුල දෙව්තුස 3/32 

ත්‍රිත්ව විද්‍යාලයට කඩුලු 2ක ජයක්. 

දෙස් – විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result


St. Joseph’s College
135/10 (50)

Trinity College
139/8 (39.3)

Batsmen R B 4s 6s SR
Abishek Jayaweera c Dinusha Peiris b Manula Kularathne 5 21 0 0 23.81
Hirun Matheesha Kapurubandara lbw b Malith Rathnayake 18 34 2 0 52.94
Nushan Perera c Dinusha Peiris b Dinuka Tennakon 1 7 0 0 14.29
Aveesha Samash b Tharana Wimaladarma 20 41 1 1 48.78
Hiran Jaysundara c Rajindu Thilakarathne b Jayavi Liyanagama 13 35 0 0 37.14
Rishma Amarasinghe c Dinusha Peiris b Malith Rathnayake 5 12 0 0 41.67
Maanasa Madubashana not out 37 84 1 1 44.05
Lahiru Amarasekara c Supun Waduge b Tharana Wimaladarma 21 39 1 0 53.85
Dunick Perera c Dinusha Peiris b Dinuka Tennakon 0 5 0 0 0.00
Yenula Dewthusa c Jayavi Liyanagama b Tharana Wimaladarma 8 18 0 0 44.44
Demion De Silva run out () 1 4 0 0 25.00


Extras 6 (b 0 , lb 0 , nb 0, w 6, pen 0)
Total 135/10 (50 Overs, RR: 2.7)
Bowling O M R W Econ
Manula Kularathne 7 1 19 1 2.71
Dinuka Tennakoon 10 1 36 2 3.60
Tharana Wimaladarma 9 1 22 3 2.44
Jayavi Liyanagama 10 1 24 1 2.40
Malith Rathnayake 10 0 26 2 2.60
Rajindu Thilakarathne 4 1 8 0 2.00


Batsmen R B 4s 6s SR
Viduka Dhammage lbw b Nushan Perera 0 1 0 0 0.00
Wathila Udara c Lahiru Amarasekara b Dunick Perera 14 14 2 0 100.00
Supun Waduge c Aveesha Samash b Yenula Dewthusa 60 84 6 1 71.43
Janith Ravishka lbw b Yenula Dewthusa 2 9 0 0 22.22
Dinusha Peiris c Demion De Silva b Maanasa Madubashana 10 13 2 0 76.92
Manula Kularathne c Hirun Kapurubandara b Dinal Anuradha 14 64 0 0 21.88
Jayavi Liyanagama not out 16 22 1 0 72.73
Rajindu Thilakarathne b Yenula Dewthusa 0 2 0 0 0.00
Tharana Wimaladarma b Demion De Silva 11 26 2 0 42.31
Dinuka Tennakoon not out 6 2 0 0 300.00


Extras 6 (b 0 , lb 0 , nb 0, w 6, pen 0)
Total 139/8 (39.3 Overs, RR: 3.52)
Bowling O M R W Econ
Nushan Perera 7 0 25 2 3.57
Dunick Perera 6 0 23 1 3.83
Yenula Dewthusa 10 1 32 3 3.20
Nipun Sumanasinghe 2 0 7 1 3.50
Lahiru Amarasekara 10 0 31 0 3.10
Demion De Silva 4.3 0 21 1 4.88