WTC අවසන් මහා තරගයට යන ඉන්දීය සංචිතය නම් කෙරේ

World Test Championship FFinal 2023

497

මෙම වසරේ ජුනි 7 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට නියමිත ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සඳහා පසුගිය වසරේ ජනවාරි මාසයෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලද Ajinkya Rahaneගේ නම ද ඇතුළත් වී ඇති අතර, මීට පෙර හිටපු ඉන්දීය තේරීම් කමිටු ප්‍රධානී Chethan Sharma විසින් ප්‍රකාශ කළේ Rahaneට අනාගතයේ ඉන්දීය කණ්ඩායමේ කිසිදු දොරක් විවර නොවෙනු ඇති බවයි.

කෙසේ වෙතත් මෙවර IPL තරගාවලියේ දී ද අදහා ගත නොහැකි අන්දමේ පිතිකරණ දස්කම් පෙන්වමින් සිටින Rahane මෙම තරගයට ක්‍රීඩා කිරීමට ඉහළ සම්භාවිතාවක් ඇති බව විශ්වාස කළ හැකි.

එමෙන්ම Rahaneට අමතරව සුපුරුදු පරිදි Rohit Sharma විසින් නායකත්වය දරන මෙම ඉන්දීය සංචිතය විශේෂඥ පිතිකරුවන් 5 දෙනෙකුගෙන් සමන්විත වන අතර කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස KS Bharatව නම් කර තිබෙනවා.

ඊට අමතරව දඟපන්දු යවන්නන් තිදෙනෙකු සහ වේගපන්දු යවන්නන් 5 දෙනෙකු ද මෙම සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

මෙම තරගය ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර, මීට කිහිප දිනකට පෙර තරගය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතය ද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

  • තරගය සඳහා නම් කළ ඉන්දීය සංචිතය; Rohit Sharma (නායක), Shubman Gill, Cheteshwar Pujara, Virat Kohli, Ajinkya Rahane, K L Rahul, KS Bharat, Ravichandran Ashwin, Ravindra Jadeja, Axar Patel, Shardul Thakur, Mohd. Shami, Mohd. Siraj, Umesh Yadav, Jaydev Unadkat

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<