Home Sinhala Stirling සහ Balbirnieගේ වාර්තාගත සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත් වෙයි

Stirling සහ Balbirnieගේ වාර්තාගත සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත් වෙයි

අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

1892
අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (24) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන අයර්ලන්තය පන්දුවාර 90ක් තුල කඩුලු 4ක් දැවී ලකුණු 319ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල මට්ටමක පසුවනවා.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ඉතාමත් පහසුවෙන් ජය ගත් ශ්‍රී ලංකාව 1-0ක් ලෙස පෙරමුණේ සිටිමින් මේ තරගයට අවතීර්ණ වුනා. කෙසේ නමුත් අයර්ලන්තය සිය ගෙදර වැඩ හොඳින් සිදු කර තිබීම නිසා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව පළමු තරගයට සාපේක්ෂව හොඳින් පන්දුවට පහරදෙනු දක්නට ලැබුණා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම,

ශ්‍රී ලංකාව – Dimuth Karunaratne (c), Nishan Madushka, Kusal Mendis, Angelo Mathews, Dinesh Chandimal, Dhananjaya de Silva, Sadeera Samarawickrama (wk), Ramesh Mendis, Prabath Jayasuriya, Asitha Fernando, Vishwa Fernando

අයර්ලන්තය – Paul Stirling, James McCollum, Andrew Balbirnie (c), Harry Tector, Lorcan Tucker (wk), PJ Moor, Curtis Campher, Graham Hume, Andy McBrine, Matthew Humphreys, Ben White

ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ වෙනස්කමක් සිදු නොකරමින් එම ජයග්‍රාහී කණ්ඩායම මේ තරගයට ක්‍රීඩා කර වූ නමුත්, අයර්ලන්තය වෙනස්කම් තුනක් සිදු කරමින් Paul Stirling, Graham Hume සහ Matthew Humphreys කණ්ඩායමට කැඳවා තිබුණේ Murray Commins, Mark Adair සහ George Dockrell වෙනුවටයි. එසේම මෙය Humphreysගේ මංගල ටෙස්ට් තරගය ද වුනා.

කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්ත නායක Balbirnie පළමුව පන්දු රැකීමට තීරණය කළා. එහි දී ඔවුන් සිය ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ වෙනසක් සිදු කරමින් McCollum සහ PJ Moor ඉනිම ආරම්භ කළා.

>>Photos – Ireland tour of Sri Lanka 2023 | 2nd Test – Day 01

කෙසේ නමුත් ඔවුන් දෙදෙනාට සාර්ථක ආරම්භයක් ලබා ගන්නට නොහැකි වුනු අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පළමු සැසිය තුල අයර්ලන්ත කඩුලු 3ක් දවා ගන්නට හැකියාව ලැබුණා. එම සැසිය තුල ලකුණු 106ක් ලබා ගැනීමට අයර්ලන්තය සමත් වුනේ 3.79ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් ද රඳවා ගෙනයි.

පළමු ටෙස්ට් තරගය තුල ද සාර්ථක වීමට නොහැකි වුනු නායක Balbirnie සමඟ එක්වුණු Stirling සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 115*ක සුපිරි සබඳතාවයක් ගොඩනැංවූවා. එය එතෙක් මෙතෙක් අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වුනු හොඳම සබඳතාවය ලෙසට ද වාර්තා පොත් අතරට එකතු වුනා.

දැඩි හිරු රශ්මිය මැද පන්දු 223ක් පුරාවට ගොඩනැංවුණු සබඳතාවය ලකුණු 115න් ඔබ්බට රැගෙන යන්නට ඔවුන් දෙදෙනාට නොහැකි වුනේ Stirling හට ආබාධයක් නිසා පිටියෙන් ඉවතට යාමට සිදු වූ නිසයි.

වසර 4කට පසුව නැවතත් ජාත්‍යන්තර ටෙස්ට් පිටියට පැමිණි Stirling සිය මංගල ටෙස්ට් අර්ධ ශතක ලබා ගනිමින් 4 පහර 6ක් සහ 6 පහර 3ක් සමඟ පන්දු 133ක් තුල ලකුණු 74ක් ලබාගෙන සිටිය දී ආබාධයකට ලක්වීම නිසා පිටියෙන් ඉවත්ව ගියා.

සිය තෙවැනි ටෙස්ට් අර්ධ ශතකය ලබා ගත් Balbirnie සිය මංගල ශතකය පෙනෙන මානයේ සිටිය දී ලකුණු 95කට දවා ගන්නට රමේෂ් මෙන්ඩිස් සමත් වුනා. ඔහුගේ ටෙස්ට් දිවියේ මෙතෙක් හොඳම ඉනිම වුනු මේ සටන්කාමී ඉනිමට 4 පහර 14ක් ඇතුළත් වුනා.

දිනය අවසන් වන විට Campher සහ Tucker පන්දු 136ක් තුල නොදැවුණු ලකුණු 87*ක සබඳතාවයක් ගොඩනංවමින් අයර්ලන්ත පළමු ඉනිම තවදුරටත් සවිමත් කරමින් සිටින්නේ සත්කාරක ශ්‍රී ලංකා පන්දු යවන්නන් හෙම්බත් කරමිනුයි.

පළමු දිනය තුල වාර්තා වුනු තෙවැනි අර්ධ ශතක ලාභියා වුනු කඩුලු රකින පිතිකරු Tucker 4 පහර 10ක් එල්ල කරමින් පන්දු 102ක් තුල නොදැවී ලකුණු 78*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටිනවා. Campher නොදැවී ලකුණු 27*යි.

විශ්ව ප්‍රනාන්දු සහ රමේෂ් මෙන්ඩිස් හට අද දිනය තුල එතරම්ම හොඳ ඉලක්කයක් සහ පතිතයක් සහිතව පන්දු යැවීමට නොහැකි වුනු අතර ජයසූරිය දිනය තුල කඩුලු 2ක් දවා ගන්නට සමත් වුනා.

තරගයේ දෙවැනි දිනය හෙටයි (25). තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

Result


Sri Lanka
704/3 (151)

Ireland
492/10 (145.3) & 202/10 (77.3)

Batsmen R B 4s 6s SR
James McCollum c Sadeera Samarawickrama b Prabath Jayasuriya 10 28 2 0 35.71
Peter Moor lbw b Asitha Fernando  5 7 1 0 71.43
Andy Balbirnie c Dhananjaya de Silva b Ramesh Mendis 95 163 14 0 58.28
Harry Tector c Dinesh Chandimal b Prabath Jayasuriya 18 44 3 0 40.91
Paul Stirling c Dhananjaya de Silva b Asitha Fernando  103 181 9 4 56.91
Lorcan Tucker b Vishwa Fernando 80 106 10 0 75.47
Curtis Campher c Dhananjaya de Silva b Prabath Jayasuriya 111 229 15 2 48.47
Andy McBrine c & b 35 59 3 1 59.32
Graham Hume lbw b Prabath Jayasuriya 6 23 1 0 26.09
Matthew Humphreys c & b 7 23 0 0 30.43
Ben White not out 0 11 0 0 0.00


Extras 22 (b 9 , lb 11 , nb 1, w 1, pen 0)
Total 492/10 (145.3 Overs, RR: 3.38)
Bowling O M R W Econ
Vishwa Fernando 24 1 92 2 3.83
Asitha Fernando  22 4 78 2 3.55
Prabath Jayasuriya 58.3 13 174 5 2.98
Ramesh Mendis 27 4 108 1 4.00
Dhananjaya de Silva 14 5 20 0 1.43
Batsmen R B 4s 6s SR
Nishan Madushka lbw b Andy McBrine 205 339 22 1 60.47
Dimuth Karunaratne c Matthew Humphreys b Curtis Campher 115 133 15 0 86.47
Kusal Mendis c Matthew Humphreys b Graham Hume 245 291 18 11 84.19
Angelo Mathews not out 100 114 6 4 87.72
Dinesh Chandimal not out 13 14 2 0 92.86
Dhananjaya de Silva not out 12 17 2 0 70.59


Extras 14 (b 2 , lb 8 , nb 2, w 2, pen 0)
Total 704/3 (151 Overs, RR: 4.66)
Bowling O M R W Econ
Graham Hume 22 3 87 1 3.95
Andy McBrine 57 8 191 1 3.35
Curtis Campher 20 1 101 1 5.05
Matthew Humphreys 10 0 67 0 6.70
Ben White 34 1 203 0 5.97
Harry Tector 8 0 45 0 5.62


Batsmen R B 4s 6s SR
James McCollum b Ramesh Mendis 10 16 2 0 62.50
Peter Moor c Angelo Mathews b Prabath Jayasuriya 19 39 1 2 48.72
Andy Balbirnie c Angelo Mathews b Ramesh Mendis 46 101 5 0 45.54
Harry Tector b Asitha Fernando  85 189 8 3 44.97
Paul Stirling c Kusal Mendis b Prabath Jayasuriya 1 5 0 0 20.00
Lorcan Tucker b Asitha Fernando  13 23 2 0 56.52
Curtis Campher c Kusal Mendis b Ramesh Mendis 12 33 2 0 36.36
Andy McBrine c Dhananjaya de Silva b Ramesh Mendis 10 19 2 0 52.63
Graham Hume c Sadeera Samarawickrama b Ramesh Mendis 0 8 0 0 0.00
Matthew Humphreys not out 4 31 1 0 12.90
Ben White b Asitha Fernando  0 1 0 0 0.00


Extras 2 (b 0 , lb 2 , nb 0, w 0, pen 0)
Total 202/10 (77.3 Overs, RR: 2.61)
Bowling O M R W Econ
Vishwa Fernando 6 1 15 0 2.50
Prabath Jayasuriya 32 9 88 2 2.75
Ramesh Mendis 27 6 64 5 2.37
Asitha Fernando  11.3 3 30 3 2.65
Dhananjaya de Silva 1 0 3 0 3.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<