එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එක් ප්‍රේක්ෂකාගාරයක් සචින් ටෙන්ඩුල්කාර්ගේ නමින් නම් කොට තිබෙනවා. ඒ ඔහුගේ 50 වැනි උපන් දිනයට සමගාමීවයි.
ක්‍රීඩාංගණයේ බටහිර ප්‍රේක්ෂකාගාරය මෙසේ ඔහුගේ නමින් නම් වුනා. ඒ සඳහා උත්සවයක් ද සංවිධානය කොට තිබුණා.
1998 කොකා කෝලා කුසලාන තරගාවලියේ දී සචින් ටෙන්ඩුල්කාර් විසින් පිට පිටම ශතක දෙකක් වාර්තා කිරීමේ සතුට ද මෙහි දී සැමරුණා. ඔහුගේ එම දස්කමට මේ වන විට වසර 25ක්.
- සචින් ටෙන්ඩුල්කාර් – ඇසිදිසි
- තරග දිනවන්නන් සියල්ල Legendsලා නොවේ!
- මීළඟ ටෙස්ට් පරපුරට ස්ටෙයින් ලබා දුන් පණිවිඩය
ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සහභාගී වූ එම තුන්කොන් තරගාවලියේ දී අප්‍රේල් 22 දින සචින් විසින් ලකුණු 143ක් රැස්කෙරුණා. ඉන් දින දෙකකට පසු ඔහු ලකුණු 134ක් වාර්තා කළා. ඔහුගේ නමින් ප්‍රේක්ෂකාගාරය නම් කිරීම සම්බන්ධව සචින් විසින් අදහස් පළකොට තිබුණා.
“මට හිතෙනවා මම එතන හිටියා නම් කියලා, ඒත් මට තවත් ප්‍රමුඛතා කිහිපයක් තිබුණා. විදුලියක් වගේ වුණු, ආදරය, සෙනෙහස, සහාය පෑ ෂාජා ක්‍රීඩාංගණය ඉන්දියානු ප්‍රේක්ෂකයන්ට සහ ක්‍රීඩාවට ආදරය කරන ගෝලීය රසිකයන්ට විශේෂ ස්ථානයක්,” ඔහු විසින් සඳහන් කොට තිබුණා.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<