WTC අවසන් තරගයට ඕස්ට්‍රේලියා සංචිතය නම් කරයි

ටෙස්ට් ලෝක ශූරතාවය 2021-23

431

2021-23 ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් මහා තරගය සහ අළුබඳුන තරගාවලියේ පළමු තරග දෙක සඳහා වන ඕස්ට්‍රේලියා කණ්ඩායම නම් කර තිබෙනවා.

ඒ අනුව අත්දැකීම් බහුල ආරම්භක පිතිකරු David Warner තවදුරටත් කණ්ඩායමේ රඳවා ගැනීමට තේරීම් කමිටුව තීරණය කර තියෙන්නේ. 36 වැනි වියේ පසු වන Warner ඉන්දීය ටෙස්ට් තරගාවලිය අතරතුර ආබාධයට ලක් වූ අතර ඔහු පසුව සීමිත පන්දුවාර තරග ක්‍රීඩා කළ අතර වර්තමානයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරනවා.

ඒ අනුව ඔහුට අමතරව ඕස්ට්‍රේලියා කණ්ඩායම සඳහා ආරම්භක පිතිකරුවන් ලෙස Marcus Harris සහ Matt Renshaw නම් කර ඇති අතර වර්තමානයේ කැපී පෙනෙන දස්කම් අතර සිටි Usman Khawaja ද සංචිතයට ඇතුළත්.

Camren Green සහ Mitch Marsh තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස කණ්ඩායමට ඇතුළත් වෙද්දී, Todd Murphy ද සිය ස්ථානය රැක ගෙන තියෙනවා.

Pat Cummins සුපුරුදු පරිදි කණ්ඩායමේ නායකත්වය දරන අතර Mitch Starc, Josh Hazelwood සහ Scott Boland වේගපන්දු යවන්නන් ලෙස කටයුතු කරනවා.

“එය ඇත්තටම ඉතාමත් අපහසු කටයුත්තක් වෙයි අපේ ගොඩක් අය ඉන්දීය සංචාරයේ ඉන්න නිසා එකපාරටම වෙනස් තණතීරු වලට හැඩ ගැහෙන එක,” යැයි ඕස්ට්‍රේලියා ක්‍රිකට් නිලධාරි Geroge Bailey ප්‍රකාශ කළා.

ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය ජුනි 07 සිට 11 දක්වා පැවැත්වීමට නියමිත අතර ජුනි 16 වැනිදා අළුබඳුන තරගාවලිය ආරම්භ වෙනවා.

ඕස්ට්‍රේලියා සංචිතය: Pat Cummins (නායක), Scott Boland, Alex Carey, Cameron Green, Marcus Harris, Josh Hazlewood, Travis Head, Josh Inglis, Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Mitch Marsh, Todd Murphy, Matthew Renshaw, Steve Smith, Mitchell Starc, David Warner.

දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ උණුසුම් තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<