සාන්ත ජෝසප් හා තර්ස්ටන් විද්‍යාල ජයග්‍රහණ අතරට

261

2017/18 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක්ම අදත් සාර්ථකව පැවැත්වූ අතර, අද (3) අවසන් වූ තරග අතුරෙන් සාන්ත ජෝසප් විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.

ලුම්බිණියට පූර්ණ ජයක්; සාන්ත ජෝසප් පළමු ඉනිමේ ජයක්

19න් පහළ අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (31) නිමාවට පත් වූ අතර, එහි දී ලුම්බිණි විද්‍යාලය කඩුලු 3ක ජයක් ලබා ගැනීමට සමත් විය…

සාන්ත ජෝසප් විද්‍යාලය හා ද මැසනොඩ් විද්‍යාලය

සාන්ත ජෝසප් විද්‍යාලයට කඩුලු 4ක ජයග්‍රහණයක් හිමි වූ මෙම තරගය අද සාන්ත ජෝසප් විදුහල් පිටියේ දී නිමා විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත ජෝසප් විද්‍යාලයේ ඇරයුමින් පළමුව පිටියට පැමිණි මැසනොඩ් විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 94කට සීමා කිරීමට දුනිත් වෙල්ලාලගේ ඇතුළු සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සමත් විය. පිළිතුරු ඉනිම දියත් කළ සාන්ත ජෝසප් විද්‍යාලයට හොඳ ලකුණු පුවරුවක් වෙත යාමට අවශ්‍ය මූලික අඩිතාලම සකස් කළ රෙවාන් කෙලී හා ලක්ෂාන් ගමගේ දැකුම්කළු පිතිකරණයක නිරත වෙමින් පිළිවෙළින් ලකුණු 68ක් හා 67ක් රැස්කර ගන්නා ලදි. ජෙහාන් ද සිල්වා ලකුණු 42යි. අවසානයේ ඔවුන්ගේ දෙවන ඉනිම ලකුණු 254කට සීමා විය. සාලිය ජූඩ් කඩුලු 4යි.

ද මැසනොඩ් විද්‍යාලය ද සිය දෙවන ඉනිමට සියල්ලන්ම දැවී ලකුණු 254ක් ලබාගෙන සිය ප්‍රතිවාදීන් හට හොඳ තරගයක් ලබා දුන් අතර, එහි දී මිතිල ගීත් හා පසිඳු රඟමුණින්ද අර්ධ ශතක වාර්තා කළහ. තරගය පුරාවට දක්ෂ පන්දු යැවීමක නිරත වූ දුනිත් ඉනිම දෙක තුළම කඩුලු 11ක් දවාලන ලදි.

ද මැසනොඩ් විද්‍යාලය පළමු ඉනිම – 94/10 (32): පසිඳු රඟමුණින්ද 28*, නඳුන් ඩිල්ශාන් 27, දුනිත් වෙල්ලාලගේ 6/32, අශේන් ඩැනියල් 3/20.

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම – 254/10 (49.3): රෙවාන් කෙලී 68, ලක්ෂාන් ගමගේ 67, ජෙහාන් ද සිල්වා 42, සචින්ත රවිඳු 23, සාලිය ජූඩ් 4/49, ප්‍රවීන් ෆොන්සේකා 3/31, රොමල් ප්‍රනාන්දු 3/54.

ද මැසනොඩ් විද්‍යාලය දෙවන ඉනිම – 254/10 (60.1): මිතිල ගීත් 54, පසිඳු රඟමුණින්ද 51, ප්‍රවීන් ෆොන්සේකා 45, නිම්න ප්‍රනාන්දු 32, මිතුල් සෙනරත් 29, දුනිත් වෙල්ලාලගේ 5/92, ලක්ෂාන් ගමගේ 2/42.

සාන්ත ජෝසප් විද්‍යාලය දෙවන ඉනිම – 95/6 (23.1): සචින්ත රවිඳු 28*, මිතිල ගීත් 4/58.


මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය

තර්ස්ටන් විද්‍යාලයට කඩුලු 10ක ජයග්‍රහණයක් හිමි වූ මෙම තරගය අද තර්ස්ටන් පිටියේ දී නිමා විය. කාසියේ වාසිය ජයග්‍රහණය කළ තර්ස්ටන් කණ්ඩායම පළමුව පන්දු යවන ලදි.

සාන්ත තෝමස් පළමු ඉනිම ලකුණු 171කට සීමා කිරීමට නිපුන් ලක්ෂාන් ප්‍රමුඛ තර්ස්ටන් පන්දු යවන්නන්ට හැකි විය. තර්ස්ටන් විද්‍යාලය සිය පළමු ඉනිමට ලකුණු 247ක් ලබාගත් අතර එහි දී සවන ප්‍රභාෂ් ලකුණු 90ක් රැස්කර ගන්නා ලදි. අමතරව නිපුන් ලකුණු 48ක් ලබාගත්තේ ඔහු ලබාගත් කඩුලු 6කට අමතරවයි.

ලහිරු ඩිල්ශාන් සාන්ත තෝමස් විද්‍යාලයේ දෙවන ඉනිමට ලකුණු 34ක් එක් කරමින් ලකුණු 101ක් දක්වා ඔවුන්ගේ ඉනිම රැගෙන ගියේය. අවසානයේ කිසිවෙක් නොදැවී ලකුණු 26ක් ලබාගත් තර්ස්ටන් විද්‍යාලයට ජය හිමි විය.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – 171/10 (68.5): තරුෂ කාවින්ද්‍ය 52, ලහිරු ඩිල්ශාන් 35, නිපුන් ලක්ෂාන් 6/36, ජනුශ්ක ප්‍රනාන්දු 3/43.

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම – 247/10 (71.2): සවන ප්‍රභාෂ් 90, නිපුන් ලක්ෂාන් 48, නිශාන් වික්‍රමාරච්චි 29, සචිර රශ්මික 3/86, ලහිරු ඩිල්ශාන් 2/41.

සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉනිම – 101/10 (39): ලහිරු ඩිල්ශාන් 34, මිශාල් අමෝද 29, සඳරු ඩයස් 8/30, අයේශ් හර්ශන 2/30.

තර්ස්ටන් විද්‍යාලය දෙවන ඉනිම – 26/0 (2.5): 


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා වේල්ස් කුමර විද්‍යාලය

පළමු දිනය අවසන් වන විට සාන්ත තෝමස් දෙවන ඉනිම කඩුලු 3කට ලකුණු 24ක් ලෙස සනිටුහන් වූ මෙම තරගය සාන්ත තෝමස් පිටියේ දී ආරම්භ විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ වේල්ස් කුමර විද්‍යාලය ප්‍රථමයෙන් පන්දු යවා සාන්ත තෝමස් පළමු ඉනිම ලකුණු 144කට සීමාකරන ලදි. එහි දී මනීශ රූපසිංහ ලකුණු 71ක් ලබාගත් අතර, සඳුන් ප්‍රනාන්දු කඩුලු 5ක් දවාලන ලදි.

වේල්ස් කුමර පළමු ඉනිම ඉක්මනින්ම අවසන් කළ ශැනොන් ප්‍රනාන්දු හා දුලිත් ගුණරත්න පිළිවෙළින් කඩුලු 5ක් හා 4ක් දවාලන ලදි. දිනය අවසන් වන විට, සාන්ත තෝමස් විද්‍යාලය වේල්ස් කුමර පළමු ඉනිමට වඩා ලකුණු 82ක් පෙරමුණේ පසුවෙයි.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – 144/10 (41.4): මනීශ රූපසිංහ 71, දුලිත් ගුණරත්න 27, සඳුන් ප්‍රනාන්දු 5/33, කුංචන පෙරේරා 3/14.

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉනිම – 86/10 (44.2): සවිඳු පීරිස් 34, විශ්ව චතුරංග 26, ශැනොන් ප්‍රනාන්දු 5/36, දුලිත් ගුණරත්න 4/18.

සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 24/3 (12): කෞමල් නානායක්කාර 2/12.

අපෝන්සුගේ තුන් ඉරියව් දස්කම් ශ්‍රී ලංකාවට ජය ගෙන එයි

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ පළමු නිල නොවන එක්දින තරගය කඩුලු…

ආනන්ද විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය

කාසියේ වාසිය ජයග්‍රහණය කළ මලියදේව විද්‍යාලය සත්කාරක ආනන්ද විද්‍යාලයට පළමුව පන්දුවට පහරදීමට ආරාධනා කළේය.

D කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේ පළමුව පිතිකරණයේ නිරත වූ ආනන්ද විද්‍යාලයේ මුල්පෙළ කඩුලු කිහිපය ඉක්මනින් බිද වැටුනත්, වමත් පිතිකරු දමිඳු රිශාන් හා ශමල් ඉර්ශාන් සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් ආනන්ද පළමු ඉනිම ලකුණු 297ක් දක්වා රැගෙන ගියේය. බ්‍රයන් කරුණානායක කඩුලු 4යි.

පළමු දිනයට තරගය නතර කරන විට මලියදේව විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 40ක් ලබාගෙන සිටින්නේ ආනන්ද විද්‍යාලයේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 257ක් පසුපසින් පසුවෙමිනි.

ආනන්ද විද්‍යාලය පළමු ඉනිම –  297/10 (61.2): දමිඳු රිශාන් 100, ශමල් ඉර්ශාන් 89*, කලණ විජේසිරි 27, ලහිරු හිරන්‍ය 24, බ්‍රයන් කරුණානායක 4/62, දුලාජ් රණතුංග 2/56, මදුරංග නවීන් 2/70.

මලියදේව විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 40/1 (20): මුදිත ප්‍රේමදාස 20*.


සාන්ත පීතර විද්‍යාලය හා ධර්මපාල විද්‍යාලය

කාසියේ වාසිය දිනූ සත්කාරක සාන්ත පීතර විද්‍යාලය පළමුව පිතිකරණයේ නිරත වූ මෙම තරගය C කාණ්ඩයේ තරගයක් විය. මෙහි පළමු දිනය අවසන් වන විට, ධර්මපාල විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 50ක් ලබාගෙන සිටින ලදි.

සාන්ත පීතර විද්‍යාලයේ මුල් කඩුලු 4 ඉක්මනින් බිඳ වැටුනත්, සන්තුෂ් ගුණතිලක හා නිපුන්ක ලක්ෂාන් හොඳ සබඳතාවයක් ගොඩනංවමින් සාන්ත පීතර පළමු ඉනිම ලකුණු 282ක් දක්වා රැගෙන ආ අතර, එහි දී අගනා පිතිකරණයක නිරත වූ සන්තුෂ් නොදැවී ලකුණු 129*ක් ලබාගෙන සිටිය දී සාන්ත පීතර විද්‍යාලය සිය පළමු ඉනිම අත්හිටුවන ලදි. ඩිල්ශාන් ද සිල්වා හා චමිඳු සමරසිංහ කඩුලු 3 බැගින් දවාලන ලදි.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – 282/8 dec (57): සන්තුෂ් ගුණතිලක 129*, නිපුන්ක ෆොන්සේකා 42, සුලක්ෂණ ප්‍රනාන්දු 42, ඩිල්ශාන් ද සිල්වා 3/74, චමිඳු සමරසිංහ 3/94.

ධර්මපාල විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 50/2 (20): ශිවාන් පෙරේරා 2/04.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<