සැමුවෙල්ගේ දඬුවම් පහරින් දෝහා අපේක්ෂා සුන්වේ

1261

සංචාරක CH & FC කණ්ඩායම හා කටාර් හි දෝහා RFC කණ්ඩායම අතර පැවති සුහද රග්බි තරගය ඊයේ (05) පස්වරුවේ දෝහා ක්‍රීඩා පිටියේ දී පැවැත්වූ අතර තරගයේ අවසන් මිනිත්තුවේ දී සැමුවෙල් මධුවන්ත සාර්ථක කර ගත් දඬුවම් පහරත් සමඟින් ලකුණු 17-15ක් ලෙස තියුණු ජයක් හිමිකර ගැනීමට CH &F C ක්‍රීඩා සමාජයට හැකි විය.

CH&FC නායක යෝෂිත රාජපක්ෂ A.S.P. ලියනගේ මහතා අතින් ශූරතාව ලබා ගනිමින්

පළමු අර්ධයේ දී දෝහා කණ්ඩායම උත්සාහක දිනුම් දෙකක් සහ එක් සාර්ථක ප්‍රවර්තනයක්  සමඟින් ලකුණු 12ක් රැස්කර ගෙන පෙරමුණේ පසුවූ අතර CH & FC කණ්ඩායම එක් උත්සාහක දිනුමක් හා එක් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු 8ක් රැස්කර ගෙන සිටියේය. එම උත්සාහක දිනුම ප්‍රබල ඉදිරිපෙළ ක්‍රීඩක හෙන්රි ටෙරන්ස් ගේ ගිණුමට බැරවිය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයඝෝෂා නගන්නට පැමිණ සිටි ප්‍රේක්ෂකයන් පිරිසක්

දෙවන අර්ධයේ දී නැවතත් ක්‍රියාත්මක වූ දෝහා කණ්ඩායම දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් 15ක් දක්වා ලකුණු පුවරුව ඉහළ නංවා ගත්තේය. ඒ අතරවාරයේ දී CH කණ්ඩායම ද තවත් දඬුවම් පහර දෙකක් සාර්ථක කර ගනිමින් ලකුණු 14ක් ලබා ගැනීමට සමත් විය.

ඉන්දියානු දේශීය රග්බි තරගාවලියට ලංකාවෙන් 4ක්

ඉන්දීය දේශීය රග්බි ක්‍රීඩා සමාජ තරගාවලිය වෙනුවෙන් විදේශීය ක්‍රීඩකයන් ලෙස එක්වීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් සිව් දෙනෙකු සඳහා අවස්ථාව හිමිවී තිබේ. ඒ සිව් දෙනාම CH & FC ක්‍රීඩා සමාජයේම ක්‍රීඩකයින් වීම විශේෂත්වයකි. බස්නාහිර පළාත් සත් සාමාජික රග්බි තරගාවලිය අද (23) දිනය පුරා පොලිස් ක්‍රීඩා සංකීර්ණයේ දී…

තරගයේ අවසන් මිනිත්තු කිහිපය ගතවෙත්ම ලකුණු 14-15ක් ලෙස පසුපසින් සිටි CH කණ්ඩායම වෙත දඬුවම් පහර අවස්ථාවක් හිමි විය. දෝහා ධවල රේඛාවෙන් මීටර් 20කට මෙපිටින් ලැබුණු අනගි අවස්ථාව ගැන දෙවරක් නොසිතූ CH කණ්ඩායම් නායක යෝෂිත, “ඩ්‍රොපා” ලෙස විරුදාවලි ලත් මෑත කාලීනව ශ්‍රී ලංකාවේ සිටින දක්ෂතම පා පහර දෙන්නා වූ සැමුවෙල් මධුවන්ත වෙත පන්දුව බාර කළේය. ලද අවස්ථාව මැනවින් සාර්ථක කර ගත් සැමුවෙල් අවසන් මොහොතේ CH බලාපොරොත්තු මල්ඵල ගන්වමින් දඬුවම් පහර සාර්ථකව ගෝල කණු දෙක අතරින් පියාසර කරවීය. දඬුවම් පහර 4ක් සාර්ථක කරගත් සැමුවෙල් මධුවන්ත තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ලැබීය.

අවසන් ලකුණු තත්වය: CH & FC 17 (1T 4P) – 15 (2T 1C 1P) දෝහා RFC

සිව් මසක් පුරා පැවැත්වෙන ඩයලොග් අන්තර් සමාජ ලීග් තරගාවලියට පෙර සූදානමක් ලෙස මෙම සුහද තරගය පැවැත්විය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<