ජය ගත් කොදෙව් තරගයට සිනෙත්ගෙන් ශතකයක්

West Indies Academy tour of Sri Lanka 2026

35
West Indies Academy tour of Sri Lanka 2026

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 2ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි ක්‍රීඩකයෝ සමත් වෙනවා.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී (23) නිමා වූ මෙම තරගයේ දී ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ සේ ම බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි ක්‍රීඩකයෝ ද වෙනස්කම් ද්විත්වයක් සමඟින් තරගයට පිවිසියා. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනුක කරන්නාගොඩ,  සහ කුගදාස් මාතුලන් වෙනුවට චාමික හීනටිගල සහ මිහිරංග සිල්වා ද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Johann Jeremiah සහ Amari Goodridge වෙනුවට Mavendra Dindyal Nathan Edward ද කණ්ඩායම් හා එක් සිටියා.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම

 

නිපුන් ධනංජය (නායක), සිනෙත් ජයවර්ධන, විශේන් හැළඹගේ, අසිත වන්නිනායක, රනේෂ් සිල්වා (කඩුලු රකින්නා), දිනුර කළුපහන, චිමාක හීනටිගල, කවිජ ගමගේ, ට්‍රෙවීන් මැතිව්, අක්මල් ෆස්ලි සහ මිහිරංග සිල්වා.

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම

 

Rivaldo Clarke (නායක), Mbeki Joseph, Mavendra DindyalDamel Evelyn, Shaqkere Parris (කඩුලු රකින්නා), Kevlon Anderson, Giovonte Depeiza, Nathan Edward, Jediah Blades, Raneico Smith සහ Zishan Motara.

කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 360ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සංචාරක ක්‍රීඩකයෝ ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 235ක් පමණයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ ආරම්භක පිතිකරු සිනෙත් ජයවර්ධන. ඔහු පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 118ක් ලබා ගන්නවා.

ඊට අමතර ව විශේන් හැළඹගේ පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 50ක් ලබා ගන්නවා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 164ක සබඳතාවක් එක් කරනවා.

ඔවුන් දෙදෙනාට අමතර ව නායක නිපුන් ධනංජය පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුනු 55ක් ද සහ රනේෂ් සිල්වා පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 46ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Zishan Motara සහ Jediah Blades කඩුලු 3ක් බැගින් දවා ගන්නා ලද අතර ඊට අමතර ව Nathan Edward කඩුලු 2ක් ද සහ Raneico Smith කඩුල්ලක් ද දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ Kevlon Anderson. ඔහු පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 63ක් ලබා සිටියා.

ඊට අමතර ව Raneico Smith පන්දු 20ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ද, Mavendra Dindyal පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් ද සහ ඉනිම අවසන් වන විට Nathan Edward පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 32ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී මිහිරංග සිල්වා ලකුණු 46කට කඩුලු 3ක් ද, අක්මාල් ෆස්ලි ලකුණු 37කට කඩුලු 3ක් ද සහ කවිජ ගමගේ ලකුණු 54කට කඩුලු 2ක් ද දවා ගත් අතර ඊට අමතර ව චාමික හීනටිගල සහ ට්‍රෙවින් මැතිව් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම– සියලුම දෙනා දැවී 360 (50.0)සිනෙත් ජයවර්ධන 118, විශේන් හැළඹගේ 50, නිපුන් ධනංජය 65, නිපුන් ධනංජය 55, රනේෂ් සිල්වා 46, දිනුර කළුපහන 28, Jediah Blades 3/60, Nathan Edward 2/35, Zishan Motara 3/48
  • බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම– සියලුම දෙනා දැවී 235 (31.0)Mavendra Dindyal 31, Shaqkere Parris 20, Kevlon Anderson 63, Nathan Edward නොදැවී 32,  Raneico Smith 32, මිහිරංග සිල්වා 3/46, අක්මාල් ෆස්ලි 3/37, කවිජ ගමගේ 2/54

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 125ක ජයක්.

දෙරට කණ්ඩායම් අතර පැවැත්වෙන 3 වැනි එක්දින තරගය පෙර සුපුරුදු ලෙසින් යොදා ගත් මේ මස 26 වැනිදා කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායමේ මෙරට සංචාරයේ තවත් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<