මෙන්ඩිස්ගේ හරි අමුතු විශේෂත්වයක් තියෙනවා – ස්ටීව් රික්සන්

Rex Clementine පොර්ට් එලිසබෙත් සිට ගෙන ආ සංවාදයක සිංහල අනුවාදය

552

ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන්ගේ අත්දැකීම්වලට සමාන කළ හැකි අත්දැකීම් ගොන්නක් සහිත පුහුණුකරුවන් ක්‍රිකට් පිටියේ සිටියි නම් ඒ අතලොස්සක්.

හිටපු ඕස්ට්‍රේලියානු කඩුලු රකින්නෙකු වන රික්සන් ක්‍රිකට් පිටියේ ඉතා දැවැන්ත චරිතයක්. පාකිස්තානයේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස වැඩ භාරගැනීමට පෙර ඔහු නවසීලන්තයේ ප්‍රධාන පුහුණුකරු සහ ඕස්ට්‍රේලියාවේ සහය පුහුණුකරු ලෙස ද කටයුතු කළා. ඔහුගේ පැමිණීමත් සමඟම පාකිස්තානයේ පන්දු රැකීම ඉතා ප්‍රබල ලෙස වැඩි දියුණු වූ අතර පසුව ශ්‍රී ලංකා පන්දු රැකීමත් දියුණු කිරීමේ අරමුණින් රික්සන් ශ්‍රී ලංකාවේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස බඳවා ගත්තා.

මම ක්‍රීඩකයින්ට බාධා කළේ නැහැ. ඔවුන් එකට ඉන්න එක මට ඕන වුනේ – දිමුත්

දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් …

රික්සන් 2014 වසරේ දී ප්‍රධාන පුහුණුකරු ලෙස බඳවා ගැනීමේ සූදානමක් තිබුනත් එය සාර්ථක වුනේ නැහැ. නිමා වූ අතිසාර්ථක දකුණු අප්‍රිකා සංචාරයෙන් අනතුරුව රික්සන් ThePapare.com සමඟින් දකුණු අප්‍රිකාවේ සුන්දර අත්දැකීම් පිළිබඳ අදහස් දක්වා සිටියා.

අවසානයේ ඔබලා වැලි කඩදාසිවලින් තොරව දකුණු අප්‍රිකාව පරාජය කළ හැකියි යැයි ඔප්පු කළා?

රික්සන්: (සිනාසෙමින්) හරිම හාස්‍යජනකයි, මට කියන්න පුළුවන් දෙවන සංචාරයෙන් තෙවැනි සංචාරයට යන විට අපි අවශ්‍ය වෙනස්කම් කළා, මම නවසීලන්තයේ දී හා ඕස්ට්‍රේලියාවේ දී එතරම් වෙනසක් දුටුවේ නැහැ, හැබැයි ඕස්ට්‍රේලියාවෙන් දකුණු අප්‍රිකාවට එන විට මම ක්‍රීඩකයින්ගේ මානසික ශක්තියේ වෙනසක් දැක්කා, අපේ පුහුණුවීම් වඩා නුවණැති වුනා, ක්‍රීඩකයින් තමුන් ගැන සතුටු වුනා, ඩර්බන් හි ටෙස්ට් තරගය ජය ගැනීම ජීවිත කාලයට එක වරක් ලැබෙන අත්දැකීමක්.

කාගෙන්හරි දැවැන්ත, විශ්වාසය වැඩි කරන ඉනිමක් කණ්ඩායම බලාපොරොත්තු වුනා, ඒ විශ්වාසය නවක ක්‍රීඩකයින්ටත් ලැබුණා, දැන් පුහුණුකරුවන් ලෙස අපිට ඒ විශ්වාසය කණ්ඩායමේ සංස්කෘතියට එකතු කරන්න පුළුවන්. පොර්ට් එලිසබෙත් හි දෙවන තරගයේ දී ලැබුණු ජය විශිෂ්ටයි. ගොඩ දෙනෙක් බලාපොරොත්තු වුනේ අපි තරගාවලිය පරාජය වෙයි කියලා, නමුත් අපේ ක්‍රීඩකයෝ ඔවුන් වැරදියි කියලා ඔප්පු කරලා පෙන්නුවා.

දිමුත්ගේ නායකත්වය කෙතරම් වැදගත් වූ වුනා ද?

රික්සන් : ඔහු ඉතා හොඳ සේවයක් කළා, මම චන්දිවයි දිමුත්වයි සංසන්දනය කරන්නේ නැහැ, හැබැයි ඔහු ඉතා හොඳින් කණ්ඩායම හැසිරෙව්වා, ඔහු මතක හිටින කාර්යභාරයක් කළා කිව්වොත් නිවැරදියි.

ලකුණු 37ක් අවශ්‍යව තිබිය දී තෙවැනි දවසේ උදෑසන කණ්ඩායමට දුන් උපදෙස් මොනවද? විශේෂයෙන් ස්ටේන්, රබඩා හා ඔලිවියර් වැනි පන්දු යවන්නන් සිටිය දී?

රික්සන්: ප්‍රධාන පුහුණුකරු මූලිකව කණ්ඩායමට ලොකු පණිවිඩයක් ලබා දුන්නා, හතුරු හැමෝටම කිව්වා කලබල වෙන්න එපා කියලා, ‘අපි 137 ගන්නේ කොහොමද කිය කියා හිත හිතා පිටියට ගියොත් අපිට ප්‍රශ්නයක් වෙනවා, ඒ දේම තමයි ඉස්සරත් වුනේ, පිටියට යනකොට නිශ්චල මනසක් තියාගෙන යන්න’ කියලා ඔහු කිව්වා.   

කුසල් මෙන්ඩිස් කවදා හරි ක්‍රිකට් ලෝකයේ සුපිරි ක්‍රීඩකයෙකු වෙනවා, ඔහු අලංකාර පහරවල් එල්ල කරනවා, මම දැකලා නැහැ වෙන කෙනෙක් ඒ පහරවල් ඒ වගේ ලස්සනට එල්ල කරනවා.

ඔහුට ක්‍රීඩා කරන්න ලේසි වෙන්න අපි ඔහුව නිදහස් මනසකින් තියන්න ඕන, පළමු පැය භාගය ඉතා වැදගත්, අනෙක් ක්‍රීඩකයාත් (ඕෂද) ඉතා හොඳින් ක්‍රීඩා කළා, ඔහු ඉතා අලංකාර ලෙස පිතිකරණයේ නිරත වුනා, ඔහුට ලොකු අත්දැකීම් නැහැ, ඔහු පිටිය මැදට ගිහින් ඒ වේලාවේ තියන තත්වයට අනුව ඉතා හොඳින් ක්‍රීඩා කරනවා.

ඔහු දඟපන්දු යවන්නන්ට ඉතා හොඳින් දැවැන්ත පහරවල් එල්ල කළා, පන්දුව පිත්ත පසුකර දඟ කැවෙන තුරු ඔහු බලා සිටියේ නැහැ, කඩුල්ලෙන් ඉවතට පැමිණ පන්දුව යවන්නන්ගේ හිසට ඉහළින් පහරවල් එල්ල කිරීම ඉතා හොඳ උපක්‍රමයක්, ඔහු දකුණු අප්‍රිකාවෙන් තරගය උදුරා ගත්තා, දඟපන්දු යවන්නෙක් ඒ තණතීරුවේ භයානක වන්නට ඉඩ තිබුණා.

කුසල් මෙන්ඩිස්ව නිසි ලෙස කළමනාකරණය කිරීම කෙතරම් වැදගත් ද?

ඒ දරුවාට තවම වයස 24යි, ඔහුට හොඳින් යම් යම් දේවල් කියා දෙන්න ඕන, නමුත් එයාගේ ක්‍රීඩා රටාව වෙනස් කරන්න හොඳ නැහැ, ඒ දරුවාගේ යම් කිසි විශේෂත්වයක් තිබෙනවා.

කාලය ගත වෙද්දී ඔහු ඔහුගේ පරාසය වැඩි දියුණු කරාවී, ඔහුට තවම තමාව විශ්වාස නැහැ, නමුත් ඇත්තම කතාව ඔහුගේ හැකියාවට අනුව කාලයත් සමඟ ඔහු විශිෂ්ට දේවල් කරාවි, අපි ඔහු දකින හැම විට දී ම පුදුම වේවි.

“ස්ටේන්ටයි රබාඩාටයි ගහන්න තමයි මං Plan කරලා තිබ්බේ.” – ඕෂද

පසුගිය සෙනසුරාදා (23) නිමාවට පත්වුණු ශ්‍රී ….

ඩර්බන් හි තරගයේ නවවැනි කඩුල්ල වැටෙද්දී ඔබට මොකද හිතුණේ?

රික්සන්: මම ජයග්‍රහණය ගැන සිතුවේ නැහැ, මම හිතුවේ නැහැ අපිට අවස්ථාවක් තියෙයි කියලා, නමුත් අපි තරගයේ ගොඩ වෙලාවක් රැඳී සිටියොත් කුමක් වෙයි ද කියන්න බැහැ, විශ්ව ඉතා හොඳ ඉනිමක් ක්‍රීඩා කළා, කුසල් අනෙක් අන්තයේ සිට ඔවුන්ට පහර පිට පහර එල්ල කළා, මම හිතුවේ නැහැ අපිට දිනන්නට අවස්ථාවක් තිබෙයි කියා, කඩුල්ලේ සිටි වෙලාවත් එක්ක ඔහු ගොඩක් ස්ථාවර වුනා වුනා, මම හිතුවේ නැහැ අපිට දිනන්න පුළුවන් කියලා, මම ලෑස්ති වෙලා හිටියේ ප්‍රතිවාදීන්ට නැඟිටලා අතට අත දෙන්න, කෙසේ වුනත් මේක හරිම වෙනස් ක්‍රීඩාවක්, කොච්චර මේ සෙල්ලම බැලුවත් මට පුදුම නොවී ඉන්න බැහැ.

කුසල්ගේ ඉනිම ගැන මොනවා ද හිතෙන්නේ?

රික්සන්: මම වාසනාවන්ත වුනා ගොඩක් ක්‍රිකට් බලන්න සහ මම ගිය සෑම තැනක දී ම මම සාර්ථක වුනා, නමුත් මම ක්‍රීඩාගාරයේ ඉද්දී මම අත්විඳපු විශේෂතම අත්දැකීම ඒක, මම පාකිස්තානය සමඟ කටයුතු කරද්දී ශූරයින්ගේ කුසලානය දිනා ගැනීමත් මට අමතක වෙන්නේ නැහැ, නමුත් මේක හරි විශේෂයි.

නමුත් හැමෝම හිතන්නේ ශ්‍රී ලංකාවට ලෝක කුසලානයේ ස්ථානයක් නැහැ කියලා?

රික්සන්: කිසිවෙකුත් පාකිස්තානය ශූරයින්ගේ කුසලානය දිනා ගනීවි යැයි සිතුවේ නැහැ ඉන්දියාව සමඟ පළමු තරගය පරාජය වුනාට පසු, එහේ සිදු වුන දේ මට මේ කණ්ඩායමේත් සිදු වෙනවා පේනවා, ක්‍රීඩකයින්ට දැනුණා ඔවුන්ට කිසිම පීඩනයක් නැතැයි කියා, ඔබ ඔවුන්ගෙන් පීඩනය ඉවත් කළ විට ඔබට ක්‍රීඩාව හැර කිසිවක් මතක් වෙන්නේ නැහැ, අපි හැමෝම දන්නවා ඉන්දියා, ශ්‍රී ලංකා, පාකිස්තාන ක්‍රීඩකයින් හරි දක්ෂයි, එයාලට පිටියට බැහැලා නිදහසේ ක්‍රීඩා කරන්න අවස්ථාව ලබා දෙන්න ඕන, ක්‍රීඩකයින්ගෙන් පීඩනය ඉවත් කළ විය ඔවුන් හොඳින් ක්‍රීඩා කරයි, ඒක තමයි මම මේ ළමයි එක්ක වැඩ කරන විදිය, වැඩිය කලබල නොවී, නමුත් ඔබේ පුහුණුවීම් මඟහැර ගන්නෙත් නැතුව. පොඩි පොඩි දේවල් හරියට කරන්න, ඔබේ විශේෂ දක්ෂතාවය අගය කරන්න මතක් කරන්න නමුත් කිසිසේත්ම හිතන්න එපා ඔබ පිටියට යන හැම වතාවේ දී ම එම දක්වන්නට පුළුවන් වෙයි කියලා.

ක්‍රීඩකයින් හොඳ මානසිකත්වයකින් සිටීම කෙතරම් වැදගත් ද?

රික්සන්: මේ වෙලාවේ සතුටින් ඉන්න ඕන, ඔබේ යාළුවොත් එක්ක සතුට සමරන්න ඕන, මම නවසීලන්තයේ පුහුණුකරු ලෙස කටයුතු කරද්දී, මට යම් යම් ජයග්‍රහණ සමරන්න විවිධ බාධා ආවා, එයාලා හිතුවා මහජනතාව වැරදි විදියට හිතයි කියලා, ඒ වුනත් ඔවුන් යම් කිසි විශිෂ්ට දෙයක් කළා, දැන් ඔබ එය සමරන්න ඕන, දවස් දෙකක විවේකයක්, ඉන්පසු යළිත් පුහුණුවීම්, මොනවා වුනත් පුහුණුවීම්වලට බාධා කරන්න බැහැ.

විශ්ව ප්‍රනාන්දු හා කසුන් රාජිත, ඩේල් ස්ටේන් හා කගිසෝ රබාඩා පරයා ගියා, ඒ ගැන ඔබේ අදහස් ?

රික්සන්: ඔවුන් දෙදෙනා ආවේ ඉතා අඩු අත්දැකීම් සහිතවයි, කසුන් පන්දු යැවීමෙන් හා පන්දු රැකීමෙන් ඔහුට පුළුවන් හැම දෙයක්ම කළා, ඔහු පුහුණුවීම් දැල් තුළ ඔහුගේ පිතිකරණයත් පුහුණු වුනා, ඔහු මහන්සි වෙලා වැඩ කරන විදිය හරිම පුදුමයි. ඔහු ඒ තැනට යන්න වැඩ කළා, ඔහුට සාර්ථකත්වය ළඟා වෙන්නම ඕන, විශ්ව හරි අපූරු උපක්‍රම සමඟයි ආවේ, ඔහු චමින්ද වාස් වගේ, ඔහු ඉගෙන ගන්න ඉගෙන ගන්න තවත් හොඳ වේවි. ඔවුන් වගේ ක්‍රීඩකයින් තමා කණ්ඩායමක් ඉදිරියට රැගෙන යන්නේ, ඔවුන් හොඳ දක්ෂතා මට්ටමක් සකස් කරනවා නවකයින්ට ළඟා වන්න.

දෙවන දිනයේ සුරංගගේ පන්දු යැවීම ඔබ කොහොමද දකින්නේ?

රික්සන්: ඔහු දන්නවා හරියටම කරන්න ඕන දේ, ඔහුගේ ප්‍රධානතම දෙය තමයි ඔහු ඉතා හොඳ ස්ථානයක පන්දු යවනවා පිතිකරුවට ලකුණු ලබා ගන්නට නොදී, ඔහු එය කරද්දී තව කවුරුහරි අනෙක් අන්තයෙන් කඩුලු ලබා ගන්නවා, මම හිතනවා ඔහුට කඩුලු නොලැබුණත් ඔහු ඉතා හොඳට පන්දු යවනවා. දකුණු අප්‍රිකාව කියනවා ඇහුණා ලක්මාල්ට ස්ථාවර වෙන්න දෙන්න එපා ඔහු දරුණුයි කියලා, ඔහු එක තැන පන්දු යවනවා කියලා, ලක්මාල් මේ පන්දු යැවීමේ බල ඇණියේ ප්‍රධානතම තුරුම්පුවක්.

Rex Clementine සැකසූ Mendis has got something special about him – Steve Rixon ලිපියේ සිංහල අනුවාදයකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<