Home Sinhala Kandy Tuskers ගාලු ක්‍රීඩකයෝ පරාජිත ලැයිස්තුවේම සිරකරයි

Kandy Tuskers ගාලු ක්‍රීඩකයෝ පරාජිත ලැයිස්තුවේම සිරකරයි

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by My Cola

249

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් කිසිදු තරගයක් ජය ගැනීමට නොහැකි වූ  Kandy Tuskers සහ Galle Gladiators අතර අද (30) රාත්‍රියේ පැවති තීරණාත්මක තරගයෙන් Kandy Tuskers ලකුණු 25ක ජයග්‍රහණයක් වාර්තා කළ අතර ඒ සමඟම ඔවුන් තම පරාජිත බවෙන් ද මිදීමට සමත් විය. 

තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් හම්බන්තොට දී ක්‍රියාත්මක වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගාලු නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවි ලකුණු 196ක් ලබා ගත් හ. හඹා ගිය ඉනිමේ ප්‍රතිවාදීන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 7ක් දැවි ලකුණු 171ක් පමණි.

Kandy Tuskers ඉනිම සුපුරුදු ලෙසින්ම Rahmanullah Gurbaz සහ කුසල් පෙරේරා ආරම්භ කළ ද ඔවුන්ට සාර්ථක ඉනිමක් තම කණ්ඩායමට ලබා දීමට හැකි වූයේ නැත. Rahmanullah Gurbaz, අකිල ධනංජයගේ පන්දුවකට දැවී යන විට පන්දු 10ක දී ලකුණු 19ක් ලබා තිබුණි.

එලෙසින් ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 22 දී බිඳී යෑමෙන් අනතුරුව ලොකු කුසල් සමඟ පිටියට එක් වූ පොඩි කුසල් ලකුණු පුවරුවේ අපලය දුරු කරමින් ගෞරවනීය තත්ත්වයකට ගෙන ඒමට සමත් වූහ. ඔවුන් දෙදෙනා එක්ව එම කඩුල්ලට ලකුණු 75ක සබඳතාවක් එක් කළේ කණ්ඩායමේ ලකුණු තත්ත්වය කඩුලු 2කට ලකුණු 97ක් බවට පත් කරමිනි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය <<

අද තරගයේ දී නායක කුසල් පෙරේරාට වැඩි වැඩ කොටසක් කිරීමට නවකයෙක් ලෙසින් පිටියට පිවිසි ලක්ෂාන් සඳකැන් ඉඩ තැබුවේ නැත. ධනුෂ්ක ගුණතිලක අතට උඩ පන්දුවක් දෙමින් ලොකු කුසල් දැවි යන විට පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලබා සිටියේ ලකුණු 27ක් පමණි.

අනතුරුව සඳකැන් තමන් යැවූ ඊළඟ පන්දුවාරයේ දී එතෙක් ඉනිම ගොඩනැගීමේ වැඩි බරක් දැරූ කුසල් මෙන්ඩිස්ට තමන්ගේ අර්ධ ශතකය එක් ලකුණකින් අහිමි කරමින් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීය. ඒ වෙනුවෙන් නායක සහීඩ් අෆ්රිඩී අසීරු උඩ පන්දුවක් අපූරු ලෙසින් රැක ගැනීම කැපී පෙණුනි. පොඩි කුසල් තමන්ගේ ඉනිමට පන්දු 30ක් වැය කර තිබූ අතර ඊට හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් ඇතුළත් කර තිබුණි.

අද තම මංගල LPL තරගයට සහභාගී වූ සිම්බාබ්වේ ක්‍රීඩක Brendan Taylor යොවුන් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ද කැටුව මහනුවර ඉනිමේ සිව්වැනි කඩුල්ලට ලකුණු 65ක සබඳතාවක් එක් කළ හ. තමන් විසින් එල්ල කළ හයේ පහරට අනතුරුව යැවුණ පන්දුවටත් එවැනිම පහරක් එල්ල කිරීමට ගිය කමිඳු තමන්ගේ කඩුල්ල අවාසනාවන්ත ලෙස බිඳ ගත්තේ ය. ඒ වෙද්දී ඔහු පන්දු 16කට මුහුණ දෙමින් ලකුණු 28ක් ලබා සිටිය අතර ඊට එක් වූ හතරේ පහර 3ක් ද එම ඉනිමේ විය.

අනතුරුව අසේල ගුණරත්න ද හතරේ පහර 2ක් සමඟින් පන්දු 6ක දී ලකුණු 11ක් ලබා දැවි ගිය අතර මහනුවර ඉනිම අවසන් වන විට Brendan Taylor පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 51ක් ලබා සිටියේ ය. ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි. ඔහුත් සමඟ අනෙක් අන්තයේ සිටි සීක්කුගේ ප්‍රසන්න තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන් ලකුණක් ලබා නොදැවී පිටියේ රැඳී සිටියේ ය.

පන්දු යැවීමේ දී ලක්ෂාන් සඳකැන් ලකුණු 41කට කඩුලු 2ක් ලබා ගත් අතර අකිල ධනංජය, Mohammad Amir සහ මොහොමඩ් ශිරාස් කඩුල්ල බැගින් දවා ගත් හ.

තවත් LPL පුවත්:

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 197ක් කරා යා යුතු Galle Gladiators ඉනිම ආරම්භ වූයේ අවාසනාවන්ත ලෙසිනි. ඉනිමේ පළමු පන්දුවාරයේ දී ම ආරම්භක පිතිකරු යුගලයෙන් Hazratullah Zazai ලකුණු 2කට දැවි ගියේ ය.

අනතුරුව කණ්ඩායමේ ප්‍රධාන පිතිකරුවන් 5 දෙනෙක් පළමු පන්දුවාර 10 දී ක්‍රීඩාගාරයට හරවා යැවීමට ද මහනුවර පන්දු යවන්නෝ සමත් වූහ. ඒ අතර ඔවුන් ලැබූ ඉහළම ආශ්වාදය වූයේ ගාලු නායක Shahid Afridi තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන් ම දවා ගැනීම ය. එම කඩුල්ලේ හිමිකාරිත්වය සීක්කුගේ ප්‍රසන්න සතු වූ අතර extra cover කලාපයෙන් ඉහළින් ඇඳී යන පන්දුව මනරම් ලෙසින් රැක ගැනීමට කුසල් මෙන්ඩිස් සමත් විය.

ඒ වෙද්දී ගාලු ඉනිමේ Azam Khan (13), භානුක රාජපක්ෂ (12) සහ මිලින්ද සිරිවර්ධන (13) තම ඉනිම් අතහැර ගොස් තිබුණි.

හුදකලා ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක තමන් මුහුණ දුන් 31 වැනි පන්දුවේ දී තම අර්ධ ශතකය වාර්තා කළ අතර ඔහු ශෙහාන් ජයසූරිය හා එක්ව හය වැනි කඩුල්ලට පන්දු 41කින් ලකුණු 50ක සබඳතාවක් එක් කරමින් ගාලු ඉනිමේ බලාපොරොත්තු තව දුරටත් රඳවා ගැනීමට බල කළේය. නමුත් ඊට ලකුණු 3ක් එක් වෙද්දී ශෙහාන් ද ඉනිම හැර ගියේ ය. පන්දු 23කට මුහුණ දුන් ශෙහාන් කිසිදු සීමා ලකුණක් නොමැතිව ලකුණු 17ක් ලබා ගත්තේ ය.

අනතුරුව ධනුෂ්කට එක් වූයේ මොහොමඩ් ෂිරාස් ය. එතැන් සිට ධනුෂ්කට සිදු වූයේ පන්දුවට පහර දීමේ වැඩි අවස්ථාවන් තමන් වෙත පවරා ගනිමින් තරගයේ ජයග්‍රහණය සේ ම තමන්ගේ ශතකය ද ලබා ගැනීමට උත්සාහ කිරීම ය.

ඒ වෙනුවෙන් වෙහෙස වූ ඔහු අවසානයේ ඒ වෙනුවෙන් ම තම ඉනිම ප්‍රතිවාදීන්ට බිලි දුන්නේ ය. එක් ලකුණකින් සෑහීමකට පත් නොවී නොතිබූ තවත් ලකුණක් කරා යෑමෙන් ධනුෂ්කගේ ඉනිම අවසන් වන විට පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 82ක් ලබා සිටියේ ය. ඔහුගේ ඉනිම අවසන් කිරීමට පිටියේ ඈත කෙළවරක සිට කෙළින්ම කඩුල්ලට පන්දුව යොමු කිරීමට අසේල ගුණරත්න සමත් විය.

ගාලු ඉනිමේ දී පිටියට පිවිසි සෙසු පිතිකරුවන් වූ මොහොමඩ් ෂිරාස් (9) සහ Mohammad Amir (15) තරගය අවසන් වන විට පිටියේ නොදැවී රැඳී සිටි අතර කඩුලු ලබා ගැනීමේ දී  Munaf Patel, ඩිල්රුවන් පෙරේරා, අසේල ගුණරත්න, සීක්කුගේ ප්‍රසන්න සහ Naveen-ul-Haq කඩුල්ල බැගින් ලබා ගත් හ.

අද තරගයේ දී කණ්ඩායම් දෙකම වෙනස්කම් දෙක බැගින් සිදු කර තිබුණි. මහනුවර කණ්ඩායමේ කවිශ්ක අංජුල සහ ප්‍රියමාල් පෙරේරා වෙනුවට Brendon Taylor සහ Munaf Patel කැඳවා තිබූ අතර ගාල්ල කණ්ඩායමේ අසිත ප්‍රනාන්දු සහ ධනංජය ලක්ෂාන්ගේ ස්ථාන අකිල ධනංජය සහ ලක්ෂාන් සඳකැන් වෙත පවරා තිබුණි.

මේ වන විට මෙම කණ්ඩායම් දෙක තරග අවසන් කළ ආකාරය

Team M W L T PT
Kandy Tuskers 3 1 2 0 2
Galle Gladiators 3 0 3 0 0

Result


Kandy Falcons
196/5 (20)

Galle Gladiators
171/7 (20)

Batsmen R B 4s 6s SR
Kusal Janith c Danushka Gunathilaka b Lakshan Sandakan 27 24 4 0 112.50
Rahmanullah Gurbaz c Hazratullah Zazai b Akila Dananjaya 19 10 1 2 190.00
Kusal Mendis c Shahid Afridi b Lakshan Sandakan 49 30 1 4 163.33
Brendon Taylor not out 51 35 7 1 145.71
Kamindu Mendis b Mohammad Amir 28 16 3 1 175.00
Asela Gunarathne c Bhanuka Rajapakse b Mohamed Shiraz 11 6 2 0 183.33
Seekkuge Prasanna not out 1 1 0 0 100.00


Extras 10 (b 0 , lb 4 , nb 2, w 4, pen 0)
Total 196/5 (20 Overs, RR: 9.8)
Did not bat Naveen ul Haq, Dilruwan Perera, Nuwan Pradeep, Munaf Patel,

Fall of Wickets 1-22 (2.4) Rahmanullah Gurbaz, 2-97 (9.5) Kusal Janith, 3-106 (11.3) Kusal Mendis, 4-171 (16.6) Kamindu Mendis, 5-194 (19.3) Asela Gunarathne,

Bowling O M R W Econ
Akila Dananjaya 4 0 43 1 10.75
Mohammad Amir 4 0 31 1 7.75
Mohamed Shiraz 4 0 52 1 13.00
Shahid Afridi 4 0 25 0 6.25
Lakshan Sandakan 4 0 41 2 10.25


Batsmen R B 4s 6s SR
Danushka Gunathilaka run out (Asela Gunarathne) 82 53 13 1 154.72
Hazratullah Zazai c Kamindu Mendis b Munaf Patel 2 2 0 0 100.00
Azam Khan c Priyamal Perera b Asela Gunarathne 13 9 1 1 144.44
Bhanuka Rajapakse run out (Nuwan Pradeep) 12 8 1 1 150.00
Milinda Siriwardane st Brendon Taylor b Dilruwan Perera 13 6 3 0 216.67
Shahid Afridi c Kusal Mendis b Seekkuge Prasanna 0 1 0 0 0.00
Shehan Jayasuriya c Rahmanullah Gurbaz b Naveen ul Haq 17 23 0 0 73.91
Mohamed Shiraz not out 9 6 1 0 150.00
Mohammad Amir not out 15 12 1 1 125.00


Extras 8 (b 1 , lb 4 , nb 0, w 3, pen 0)
Total 171/7 (20 Overs, RR: 8.55)
Did not bat Akila Dananjaya, Lakshan Sandakan,

Fall of Wickets 1-3 (0.4) Hazratullah Zazai, 2-24 (3.2) Azam Khan, 3-45 (5.4) Bhanuka Rajapakse, 4-74 (7.6) Milinda Siriwardane, 5-85 (8.5) Shahid Afridi, 6-138 (15.5) Shehan Jayasuriya, 7-150 (17.3) Danushka Gunathilaka,

Bowling O M R W Econ
Munaf Patel 3 0 35 1 11.67
Dilruwan Perera 4 0 26 1 6.50
Asela Gunarathne 4 1 28 1 7.00
Nuwan Pradeep 3 0 24 0 8.00
Seekkuge Prasanna 1 0 12 1 12.00
Naveen ul Haq 4 0 33 1 8.25
Kamindu Mendis 1 0 8 0 8.00



තරගාවලිය දෙසැම්බර් 01 වැනිදා (හෙට) 5 වැනි දිනටත් ක්‍රියාත්මක අතර එහි දී සවස 3.30ට Dambulla Viiking සහ Colombo Kings අතර තරගයත්, රාත්‍රි 8.00ට Jaffna Stallions සහ Kandy Tuskers අතර තරගයත් පැවැත්වීමට නියමිත ය.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සුදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<