St. Mary’s සහ Crystal Palace ජය පරාජයෙන් තොරයි

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

205

කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දී අද (17) පැවති ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ 9 වැනි සතියේ අවසන් තරගය ගෝල 1-1ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් වුනා.

කරට කර පැවති තරගයෙන් ප්‍රථමයෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් වුනේ St. Mary’s ක්‍රීඩකයින් විසිනුයි. 30 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ එම ගෝලය සඳහා හිමිකම් කීවේ Anthony Jerinsan විසිනුයි. ඉන්පසු ප්‍රථම අර්ධය නිමා වන තෙක් තවත් ගෝල කිසිවක් වාර්තා වුනේ නැහැ.

පළමු අර්ධයේ දිනා ගත් පෙරමුණ දිගටම රඳවා ගන්නට St. Mary’s ක්‍රීඩකයින් කටයුතු කරද්දී, 60 වැනි මිනිත්තුවේ දී ලකුණු පුවරුව සම කරමින් ගෝලයක් වාර්තා කරන්නට Crystal Palace ක්‍රීඩක Jimoh Ibrahim සමත් වුනා.

ඉන් අනතුරුව කණ්ඩායම් දෙකම සිය ජයග්‍රාහී ගෝලය වෙනුවෙන් පිටිය සිසාරා පන්දුව සමඟ ඔට්ටු වුනත්, ඒ කිසිවක් සාර්ථක ගෝලයකින් අවසන් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: St. Mary’s SC 1 -1 Crystal Palace FC

ගෝල ලාභීන්:

  • Mary’s – Anthony Jerinsan (30’)
  • Crystal Palace – Jimoh Ibrahim (60’)

තරගාවලියේ සියලු තරග ප්‍රතිඵල ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<