ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අපරාජිතයි

ICC Women's T20 World Cup 2026

2
ICC Women's T20 World Cup 2026

10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් තරග ද්විත්වය බැගින් නිමා කළ කණ්ඩායම් අතුරින් ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අපරාජිත බව රැක ගැනීමට සමත් වූවා.

  • 8 වැනි තරගය, 2වැනි කාණ්ඩය, අයර්ලන්තය සහ එංගලන්තය, Southamptonහී The Rose Bowl ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – එංගලන්තය

මෙම තරගයේ පළමු පන්දුවට පහරදුන් අයර්ලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 9ක් දැවී ලකුණු 118ක් ලබා ගත් අතර ඊට පිළිතරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් පමණක් දැවී තවත් පන්දු 15ක් ඉතිරි ව තිබිය දී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගත්තා.

ජයග්‍රාහී එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වෙන්නේ නායිකා Nat Sciver-Brunt. ඇය පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණ්ු 48ක් ලබා ගන්නවා.

ඊට අමතර ව Heather Knight පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Orla Prendergast සහ Aimee Maguire කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත ඉනිම වෙනුවෙන් Orla Prendergast පන්දු 18කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත් අතර ඊට අමතර ව ඉනිම අවසන් වන විට Louise Little පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Sophie Ecclestone ලකුණු 22කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව Dani Gibson සහ Charlie Dean කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • අයර්ලන්තකාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 9ක්දැවී 118 (20.0) Orla Prendergast 26, Louise Little නොදැවී 26, Charlie Dean 2/11, Sophie Ecclestone 3/22, Dani Gibson 2/10
  • එංගලන්තකාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක්දැවී 119 (17.3) Nat Sciver-Brunt 48, Heather Knight 26, Aimee Maguire 2/23, Orla Prendergast 2/17

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

තරගයේ වීරයා – Sophie Ecclestone (එංගලන්තය)

 

  • 9 වැනි තරගය, 1වැනි කාණ්ඩය, ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය, Leeds හී Headingley ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – ඕස්ට්‍රේලියාව

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 8ක් දැවී ලකුණු 77ක් පමණයි. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවෝ කඩුල්ලක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නේ තවත් පන්දු 63ක් ම ඉතිරි කර ගනිමිනුයි.

එම ඉනිමේ දී ආරම්භක පිතිකාරිනී Georgia Voll පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 45ක් ලබා ගනිද්දී Ellyse Perry පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 19ක් ලබා සිටියා.

ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය  Marufa Akter සතු වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා Nigar Sultana. ඇය පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා. ඊට අමතර ව Ritu Moni පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා ගත්තා.

අනෙක් කිසිදු පිතිකාරිනියකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවන් සඳහා පිවිසීමට ඉඩ නොලැබුණ අතර එය පාලනය කිරීමේ දී Sophie Molineux, Ellyse Perry සහ Kim Garth කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • බංග්ලාදේශකාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 8ක් දැවී 77(20.0) Nigar Sultana 27, Kim Garth 2/18, Sophie Molineux 2/14, Ellyse Perry 2/14
  • ඕස්ට්‍රේලියාකාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුල්ලක්දැවී 78 (9.3) Georgia Voll නොදැවී 45, Ellyse Perry නොදැවී 19

ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

තරගයේ වීරයා – Ellyse Perry (ඕස්ට්‍රේලියාව)

 

  • 10වැනි තරගය, 1 වැනි කාණ්ඩය, ඉන්දියාවසහ නෙදර්ලන්තය, Leeds හී Headingley ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – නෙදර්ලන්තය

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 5ක් දැවී ලකුණු 209ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි නෙදර්ලන්ත ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 114ක් පමණයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වෙන්නේ Smriti Mandhana. ඇය පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 74ක් ලබා ගන්නවා. එය ඇය මෙවර තරගාවලියේ පිට පිට වාර්තා කරන ලද 2 වැනි අර්ධ ශතකයයි.

ඇයට අමතර ව Shafali Verma ද පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 55ක් ලබා ගන්නවා. එය ඇයගේ 16ක් වන ලෝක කුසලාන තරගවල මංගල අර්ධ ශතකයයි.

ඔවුන්දෙදෙනා එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 71ක දී ලකුණු 115ක සබඳතාවක් ද ගොඩ නගනවා.

කඩුලු දවා ගැනීමේ දී Caroline de Lange ලකුණු 32කට කඩුලු 2ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව Heather Siegers, Myrthe van den Raad සහ Iris Zwilling කඩුල්ල බැගින් දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා Babette de Leede. ඇය පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සඟින් ලකුණු 28ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Shree Charani ලකුණු 19කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව Shafali Verma කඩුලු 3ක් ද, Nandani Sharma කඩුලු 2ක් ද සහ Deepti Sharma කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 209(20.0)Smriti Mandhana 74, Shafali Verma 55, Richa Ghosh නොදැවී 20, Caroline de Lange 2/32
  • නෙදර්ලන්තකාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 114(17.3) Heather Siegers 21, Babette de Leede 28, Nandani Sharma 2/22, Shafali Verma 3/20, Shree Charani 4/19

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 95ක ජයක්.

තරගයේ වීරයා – Smriti Mandhana (ඉන්දියාව)

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<