Home Sinhala දෙවැනි පුහුණු තරගයේ ජය කොදෙව් කාන්තාවන්ට

දෙවැනි පුහුණු තරගයේ ජය කොදෙව් කාන්තාවන්ට

ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය 2023

210
Sri Lanka vs West Indies Warm-up Match
@Getty Images

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි පුහුණු තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තියුණු තරගයකින් පසු බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම හමුවේ කඩුලු 4ක පරාජයකට හිමිකම් කීවා.

මෙම තරගයෙන් ජයග්‍රහණය ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අවසන් පන්දුවාරයේ සිව්වැනි පන්දුව දක්වාම තරග වැදීමට සිදු වුනා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම රැස්කළ ලකුණු 107 හඹා යද්දී ඔවුන්ගේ ප්‍රථම කඩුල්ල ලකුණු 45 දී දැවී ගියේ දසවැනි පන්දුවාරයේ දීයි. 18 වැනි පන්දුවාරය අවසන් වන විට ඔවුන් ලකුණු 94කට කඩුලු හයක් දැවී අසීරු තත්ත්වයක පසුවද්දී, චිනෙලි හෙන්රි කඩිනම් ලකුණු 14ක් ලබා ගනිමින් තම කණ්ඩායමට ජයග්‍රහණය ගෙන ආවා.

මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 107ට පිළිතුරු ලෙසින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19.4ක දී කඩුලු 6ක් දැවී ඉලක්කය සපුරා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙද්දී සාර්ථකම සබඳතාව වාර්තා වූයේ නිලක්ෂි ද සිල්වා (29) සහ කවීෂා දිල්හාරි (16) අතර පස්වැනි කඩුල්ලට පන්දු 25ක දී එක් කළ ලකුණු 32යි.

මීට අමතරව හර්ෂිතා සමරවික්‍රම (16) සහ විශ්මි ගුණරත්න (13) දෙවැනි කඩුල්ලට ලකුණු 16ක සබඳතාවයක් තබා ගත්තේ නායිකාව චමරි අතපත්තු ලකුණකට දැවී යාමෙන් පසුවයි.

පන්දු යැවීමේ දී දක්ෂතා දැක්වූ කොදෙව් නායිකාව හේලි මැතිව් කඩුලු තුනක් දවාලුවේ ලකුණු 17ක් ලබා දෙමින්.

කොදෙව් පිතිකාරිණියන් අතරින් කැපී පෙනුණු හේලි මැතිව් ලකුණු 50ක් සහ ෂබිකා ගජිනාබි ලකුණු 15ක් ද රැස් කළා. මොවුන් දෙදෙනා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් දෙදෙනාය. ශ්‍රී ලංකාව වෙනුවෙන් මල්ෂා ෂෙහානි සහ කවීෂා දිල්හාරි කඩුල්ල බැගින් දවා ගත්තා.

Result


Sri Lanka Women
107/10 (20)

West Indies Women
111/6 (19.4)

Batsmen R B 4s 6s SR
Harshitha Samarawickrama st Rashada Williams b Karishma Ramharack 16 20 1 0 80.00
Chamari Athapaththu lbw b Aaliyah Alleyne 1 4 0 0 25.00
Vishmi Gunaratne run out (Shemaine Campbelle) 13 15 2 0 86.67
Nilakshika Silva c Shakera Selman b Hayley Matthews 29 26 2 1 111.54
Anushka Sanjeewani b Afy Fletcher 9 16 1 0 56.25
Kavisha Dilhari c Chinelle Henry b Afy Fletcher 16 16 1 0 100.00
Malsha Shehani b Hayley Matthews 9 14 1 0 64.29
Ama Kanchana c & b Karishma Ramharack 0 0 0 0 0.00
Sugandika Kumari run out () 4 7 0 0 57.14
Achini Kulasuriya b Hayley Matthews 0 2 0 0 0.00
Inoka Ranaweera not out 1 1 0 0 100.00


Extras 9 (b 0 , lb 1 , nb 1, w 7, pen 0)
Total 107/10 (20 Overs, RR: 5.35)
Bowling O M R W Econ
Chinelle Henry 3 0 17 0 5.67
Aaliyah Alleyne 2.5 0 20 1 8.00
Hayley Matthews 4 0 17 3 4.25
Karishma Ramharack 3 0 13 2 4.33
Shabika Gajnabi 2 0 12 0 6.00
Afy Fletcher 4 0 13 2 3.25
Shakera Selman 1.1 0 14 0 12.73


Batsmen R B 4s 6s SR
Hayley Matthews run out (Anushka Sanjeewani) 50 48 4 1 104.17
Shabika Gajnabi c Anushka Sanjeewani b Kavisha Dilhari 15 30 1 0 50.00
Zaida James run out () 1 3 0 0 33.33
Chedean Nation run out (Sugandika Kumari) 6 7 1 0 85.71
Rashada Williams st Anushka Sanjeewani b Inoka Ranaweera 0 6 0 0 0.00
Aaliyah Alleyne c & b Malsha Shehani 2 7 0 0 28.57
Chinelle Henry not out 14 14 1 0 100.00
Afy Fletcher not out 6 4 1 0 150.00


Extras 17 (b 2 , lb 9 , nb 1, w 5, pen 0)
Total 111/6 (19.4 Overs, RR: 5.64)
Bowling O M R W Econ
Achini Kulasuriya 2 0 11 0 5.50
Sugandika Kumari 4 0 24 0 6.00
Ama Kanchana 1 0 4 0 4.00
Malsha Shehani 2 0 11 1 5.50
Inoka Ranaweera 4 0 20 1 5.00
Kavisha Dilhari 3.4 0 17 1 5.00
Chamari Athapaththu 3 0 13 0 4.33



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<